BREAKING NEWS
latest

728x90

468x60

රිමාන්ඩ් භාරයේ සිට ඇප ලබා නිවසට පැමිණෙන විට අනියම් සැමියා සමඟ නිවසේ නිදා සිටි බිරිඳ පිහියෙන් කපා මරා සැමියා මුහුදට පනී


මත්ද්‍රව්‍ය නඩුවකට රිමාන්ඩ් භාරයේ සිට ඇප ලබා නිවසට පැමිණෙන විට අනියම් සැමියා සමඟ නිවසේ නිදා සිටි බිරිඳ සහ ඇගේ අනියම් සැමියාව පිහියකින් කපා සැමියා, මුහුදට පැන අතුරුදන්ව ඇතැයි මාරවිල පොලිසිය කියයි.

 ඉකුත් 20 වැනිදා අලුයම 1.00 ට පමණ මෙම සිද්ධිය වී ඇත. 

 පිහි පහර කෑ බිරිඳ වූ වර්ණකුලසූරිය මංජුලා ප්‍රියදර්ශනී (40) නමැත්තිය මාරවිල රෝහලෙන් කොළඹ ජාතික රෝහලට ගෙන ගිය පසු මියගොස්‌ ඇත. මියගිය තැනැත්තිය නාත්තන්ඩිය අඹගහවාඩියේ පදිංචිකාරියක වන අතර සිද්ධිය වී ඇත්තේ දැනට අතුරුදන්ව සිටින සැමියා වන ශිරාන් ලක්‌සිරි නමැත්තා පදිංචි මාරවිල දෙවන හරස්‌ වීදියේ නිවසකදීය.
 මෙහිදී පිහි පහර කෑ චමින්ද සමන් කුමාර නමැත්තාද බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
 මියගිය තැනැත්තිය සහ දැනට අතුරුදන්ව සිටින සැමියා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම් සම්බන්ධව චෝදනා ලැබූවන් බවද මියගිය තැනැත්තිය තවත් පිරිමින් දෙදෙනකු සමඟ පවුල් කා ඇති තිදරු මවක බවද පොලිසිය කියයි. මාරවිල පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
« PREV
NEXT »

Facebook Comments APPID