BREAKING NEWS
latest

728x90

468x60

අධිවේගයේ ආයෙ ඉගිල්ලුනොත් වෙන වැඩේ මෙන්න

අධිවේගී මාර්ගයන්හි ස්‌ථාපිත කරන ලද ස්‌වයංක්‍රීය වේගමාපක යන්ත්‍ර හේතුවෙන් වේග සීමා උල්ලංඝනය කිරීම් මේ වන විට මුළුමනින්ම නතර වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ සමඟම දෛනිකව සිදුවන වාහන අනතුරු සංඛ්‍යාවද පාලනය වී අධිවේගී මාර්ගවල ආරක්‍ෂිත භාවය ආරක්‍ෂා වී ඇතැයි එහි නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා " දිවයින" ට පැවසීය.

දක්‌ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා පිටත වටරවුම් අධිවේගී මාර්ගයන්හි සෑම අන්තර් හුවමාරුවක්‌ අතරම මෙම ස්‌වයංක්‍රීය වේග මාපක යන්ත්‍ර සවිකර ඇතැයිද ඒ මහතා කීය.

මෙතෙක්‌ මෙම මාර්ගයන්හී පාලනයකින් තොරව අනුමත වේග සීමාව වන පැයට කිලෝමීටර් සියය ඉක්‌මවා ධාවනය වූ ඇතැම් පෞද්ගලික මගී ප්‍රවාහන බස්‌ රථ, මෝටර් රථ මෙන්ම ප්‍රභූ ආරක්‍ෂක රථ රියෑදුරන් මේ වන විට ස්‌වයං වේග පාලනයක්‌ පවත්වන බවද ඒ තුළින් විනයානුකූල රිය ධාවනයක්‌ ඇති වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. මෙම වේග මාපක යන්ත්‍ර සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 100 ක්‌ බවද එම අධිකාරිය පවසයි.
« PREV
NEXT »

Facebook Comments APPID