BREAKING NEWS
latest

728x90

468x60

විදුහල්පති පුහුණු වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදී කඹය කඩාවැටී විදුහල්පතිතුමිය මියයයි

හම්බන්තොට සුචි ජාතික පාසලේ විදුහල්පතිවරිය හදිසි අනතුරකින් 18 දා ජීවිතක්‍ෂයට පත් වූවාය. මෙසේ ජීවිතක්‍ෂයට පත්වූයේ අම්බලන්තොට, බැරගම, 4 ඇළ යන ස්‌ථිර ලිපිනයේ පදිංචිව සිටි රෝහිණී කුමාරි අතපත්තු නම් වූ 52 හැවිරිදි සිව්දරු මාතාවකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නියමයෙන් වාරියපොල පුහුණු මධ්‍යස්‌ථානයක පැවැති විදුහල්පති පුහුණු වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදී ඇය මෙම අනතුරට පත් වූවාය. එහිදී කඹයක ආධාරයෙන් ක්‍රියාකාරකමක නිරතව සිටියදී හදිසියේ කඹය කඩාවැටී බිම පතිත වීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි කියති.

අනතුරෙන් බරපතළ තුවාල ලත් අතපත්තු මහත්මිය වාරියපොල රෝහලටද, පසුව කුරුණෑගල රෝහලටද ඇතුළත් කර තිබේ. තත්ත්වය බරපතළ වූයෙන් කොළඹ ජාතික රෝහලට ගෙන යන විටදී මරණයට පත්ව තිබේ. පෙබ. 16 සිට 19 දින තෙක්‌ මෙම පුහුණු වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබූ අතර මෙම අනතුර සිදුවී ඇත්තේ 17 දින සවසය. අතපත්තු මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 19 දා පවුලේ සුසාන භූමියේදී සිදු කෙරිණි.

අම්බලන්තොට විශේෂ - එස්‌. සෝමසිරි
« PREV
NEXT »

Facebook Comments APPID