BREAKING NEWS
latest

728x90

468x60

ජැක්සන් - පියුමි කේරලේ එක්කගෙන ගිහින් වැඩ අරඹන්න සූදානම්ලු - Piumi - Jackson

ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන අනිල් කුමාර්ගේ අලුත්ම චිත්‍රපටය වන ‘ලක්නව්‘ සඳහා ශ්‍රී ලංකාවෙන් තෝරාගත් සිනමා නළු ජැක්සන් ඇන්තනි හා නිරූපිකා පියුමි හංසමාලා ඇතුළු පිරිස පසුගියදා කොළඹදී එක්වූයේ මෙම චිත්‍රපටයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමටය. මෙම චිත්‍රපටය ලබන 13 වනදා සිට කේරළයේ රූගත කිරීම් අරඹනු ලබයි. 



ලක්නව්හි අහිංසක ජීවිත ගත කරන පිරිසක් සමාජ ප්‍රවාහය හමුවේ ගොදුරු බවට පත්වන අයුරු දැක්වෙන කථා තේමාවකින් දිවෙන මෙම චිත්‍රපටය සිංහල ,දෙමළ මලයාලම් භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය වන්නකි. ප්‍රධාන නළුවා ලෙස ජැක්සන් රඟන මෙහි ඉෂාක් සිං, මිතිලි,රාමක්‍රිෂ්ණන්,අනිල් මුරලි යන ඉන්දියානු නළු නිළියන් මෙන්ම ලංකාවෙන් පියුමි හංසමාලාත්, මැලේසියාවෙන් ශාන්ති තේවාත් අවශේෂ චරිත සඳහා තෝරාගෙන ඇත.







« PREV
NEXT »

Facebook Comments APPID