BREAKING NEWS
latest

728x90

468x60

අකිලගේ මිලියන 4,000 ක ටැබ් කොන්ත්‍රාත්තුව අබාන්ස්ට

තාක්ෂණික දැනුමින් පෝෂිත ලාංකේය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින්, ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය නවීන තාක්ෂණය යොදා ගනිමින් බලගැන්වීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 4,000ක් වෙන් කරන ලදී. ඒ අනුව, අ.පො.ස. උසස් පෙළ සිසුන් 159,078ක් සහ උසස් පෙළ ගුරුවරුන් 36,070ක් සඳහා ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලැබ තිබේ.

මෙම ටැබ් පරිගණක සපයා ගැනීම සඳහා විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරනු ලැබ ඇති අතර, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන, සැපයුම්කරුවන් විසින් මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති ටැබ් පරිගණකවල තාක්ෂණික කරුණු, කල්පැවැත්ම, යෝග්‍ය බව හා ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ආදී කරුණු මත පදනම්ව අදාළ මිල ගණන් නැවත ඇගයීමට ලක් කර ඇත.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ටැබ් පරිගණක සැපයීමේ කොන්ත්‍රාත්තුව, එකක් රුපියල් 27,000/- බැගින් වූ මුදලකට Abans PLC ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
« PREV
NEXT »

Facebook Comments APPID