BREAKING NEWS
latest

728x90

468x60

දෙවැනි එළිසබෙත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නායකත්වය පිළිබඳ රහසිගත සාකච්ඡාවක්‌

දෙවැනි එළිසබෙත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නායකත්වය පිළිබඳ රහසිගත සාකච්ඡාවක්‌ පැවැත්වුණ බව බීබීසී ය පවසයි.රැජින අභාවප්‍රාප්ත වූවොත් පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නායකත්වය ප්‍රවේණි උරුමයෙන් චාල්ස්‌ කුමරුට නොලැබෙන හෙයින් මෙය අතිශය සංවේදී කාරණයක්‌ බවට පත්වී තිබේ.

එවන් පසුබිමක්‌ යටතේ එම ජාත්‍යන්තර සංවිධානය පාලනය කළ යුතු ආකාරය සාකච්ඡා කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්‌ඩලය විසින් "ඉහළ මට්‌ටමේ කණ්‌ඩායමක්‌" පත් කර තිබේ.

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය මහලේකම් කාර්යාලය සහ එහි පාලකයන් පිළිබඳව තීරණ ගැනීමට එම කණ්‌ඩායම නිල වශයෙන් රැස්‌වීමට නියමිතය.

2018 වසරේ අප්‍රේල් මස සිය 92 වැනි උපන් දිනය සමරන රැජින හදිසියේ මියගියහොත් පොදු රාජ්‍ය මණ්‌ඩලයේ ඉදිරි නායකත්වය පිළිබඳව ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත රැස්‌වීමේදී සැලකිල්ලට ගනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වසරේ අප්‍රේල් මස ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවේදී රාජ්‍යය නායකයන් හමුවට මෙම ප්‍රශ්නය රැගෙන යැමට එකී කණ්‌ඩායම අපේක්‍ෂා කරන අතර. එය බොහෝ විට රැජින සහභාගී වන අවසාන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව විය හැකි බව වාර්තා වේ. 

"පුළුල් ආකාරයේ පාලනයක්‌ පිළිබඳව සලකා බැලීමක්‌" පිළිබඳව සාකච්ඡාවක්‌ එම සමුළු න්‍යාය පත්‍රයට ඇතුළත් වෙන බව බීබීසී ය කියා සිටියි.

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට පෙර වින්ඩ්සර් මාළිගයේදී පැවැත්වෙන ආගන්තුක සංග්‍රහයට රාජ්‍යය නායකයන් පමණක්‌ සහභාගී වන හෙයින් එහිදී මෙම ප්‍රශ්නය සාකච්ඡා කෙරෙනු ඇති බවටද වාර්තා වේ.

පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු?

බ්‍රිතාන්‍යය විසින් පාලනය හෝ පරිපාලනය කරන ලද රටවල් සහ වෙනත් රටවල් කිහිපයක එකතුවකින් සෑදුණු නිදහස්‌ සංවිධානයකි.

මෙය 1931 දී ආරම්භ වූ අතර, 

ඊට සාමාජික රටවල් ගණන පනස්‌ තුනකි.

මහලේකම් කාර්යාලය (මූලස්‌ථානය) පිහිටා ඇත්තේ ලන්ඩන් නුවරය.

පොදු රාජ්‍ය මණ්‌ඩල රටවල්වල ජනගහනය බිලියන 2.4 ට ආසන්නය.

1953 අභිෂේක ලැබීමෙන් පසු එළිබසෙත් රැජින පොදු රාජ්‍ය මණ්‌ඩල නායකත්වයට පත් විය. එවිට ඇය එහි සාමාජික රටවල් අටෙන් හතක රාජ්‍යය නායිකාව විය. 

රැජිනට එම පදවිය තම පියා වන හයවැනි ජෝර්ඡ් රජුගෙන් පසු ප්‍රවේණි උරුමයෙන් ලැබුණ නමුත් ඇයගේ පුතා නිතැතින් මීළඟ අනුප්‍රාප්තිකයා වන්නේ නැත. වර්තමානයේදී රැජින තම රාජ්‍යය නායිකාව ලෙස පිළිගැනෙන්නේ සාමාජික රටවල් පනස්‌ තුන අතරින් පහළොවක පමණයි.

රැජිනගේ මරණයත් සමඟම මෙම සංවිධානයේ අනාගත නායකත්වය පිළිබඳව එහි සාමාජික රටවල නායකයන් තීරණයක්‌ ගනු ඇත. නමුත් මේ සඳහා විධිමත් ක්‍රියාපටිපාටියක්‌ නැත.

පෙර පැවැත්වූ සාකච්ඡාවලට අනුව චාරිත්‍රානුකූලව නායකයකු පත් කර ගැනීමෙන් සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදය හා බැඳුණු විශ්වාසය වැඩිදියුණු වන බැවින් චාල්ස්‌ කුමරු නායකත්වයට පත් කිරීම හැර වෙනත් විකල්පයක්‌ නොමැති බවට නිලධාරිහු පවසති.

මෙහි ප්‍රශ්නය වී ඇත්තේ ඒකමතික තීරණයකින් චාල්ස්‌ කුමරු මෙම පදවියට පත් කර ගත යුතුද නැත්නම් සංවිධානයේ නායකත්වයට නිරතුරුවම පත් විය යුත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු බව සනාථ කරන නව ක්‍රියාවලියක්‌ සඳහා එකඟ විය යුතු ද යන්න යෑයි ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදු රාජ්‍ය මණ්‌ඩල රටවල හිටපු අමාත්‍යවරුන් හත් දෙනකුගෙන් සැදුම්ලත් මෙම ඉහළ මට්‌ටමේ කණ්‌ඩායම ලන්ඩන් නුවර පිහිටි ඔවුන්ගේ මූලස්‌ථානයේදී හමුවනු ඇත. 

මෙම කණ්‌ඩායම පොදු රාජ්‍ය මණ්‌ඩල මහලේකම් කාර්යාලයෙන් ස්‌වාධිනව ක්‍රියාත්මක වෙයි. මහලේකම් කාර්යාලයේ පාලනය, අරමුදල්, මහලේකම්වරයකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය සහ පොදු රාජ්‍ය මණ්‌ඩල නායකයන් සහ නිලධාරීන් අතර බලතුලනය කිරීම මෙම කණ්‌ඩායමට අයත් කාර්යයන් අතුරෙන් කිහිපයකි.

මේ අතරතුර රැජින මෙමපදවිය චාල්ස්‌ කුමරුහට ලබාදීමට පෞද්ගලිකව වෙහෙසෙමින්, ලෝ පුරා වෙසෙන පොදු රාජ්‍ය මණ්‌ඩල නායකයන් හමුවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යෑවීමට කටයුතු කරමින් ඇත.

2015 දී මෝල්ටාහි පැවැත්වූ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවේදී රැජින ප්‍රකාශ කළේ තමා "වේල්සයේ කුමරාට තරම් පොදු රාH මණ්‌ඩලයෙන් ප්‍රතිචාර dසහ නියෝජනයන් බලාපොරොත්තු වෙන්නේ නැති අතරම, ඔහු එයට ඉතා ගෞරවාන්විතව බොහෝ දේ ලබා දෙනු ඇති බවය.

රැජින නියෝජනය කරමින් චාල්ස්‌ කුමරු 2013 ශ්‍රී ලංකාවේදී පැවැත්වූ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගී විය. පොදු රාජ්‍ය මණ්‌ඩලය වෙනුවෙන් ඔහුගේ වෙබ් අඩවියේ විශාල ඉඩක්‌ වෙන් වී ඇත. ඔහු සාමාජික රටවල් පනස්‌ තුනෙන්, හතළිස්‌ එකක සංචාරය කර ඇති අතර, දශක හතරකට අධි කාලයක්‌ පොදු රාජ්‍ය මණ්‌ඩලයේ ප්‍රධානතම ආධාරකරුවකු" ලෙස හැඳින්වේ.
« PREV
NEXT »

Facebook Comments APPID