BREAKING NEWS
latest

728x90

468x60

පොහොය දා පලතුරු කඩේ අරක්‌කු විකුණූ අපේක්‍ෂක යාගේ මවට පොලිස්‌ ඇප

පසුගිය නවම් මහ පොහොය දින (ජනවාරි මස 31) හොරණ පාරේ සමන්පුර අතුරු මාර්ගයේ පිහිටි තම පලතුරු වෙළෙඳ සැලේ වෙළෙඳාමේ නිරතව සිටිමින් නීතිවිරෝධී අන්දමින් අරක්‌කු අලෙවිකරමින් සිටි මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය දක්‌වන "මෝටර් සයිකලය'' ලකුණින් මහරගම නගර සභාවට තරග කරන අපේක්‌ෂකයාගේ මෑණියන් පොලිස්‌ භාරයට ගෙන තිබෙන පුවතක්‌ කොට්‌ටාව පොලිසියෙන් වාර්තාවේ.

කොට්‌ටාව හොරණ මාර්ගයේ සමන්පුර අතුරු මාර්ගයේ පදිංචිකරුවෙකු විසින් පොලිසියට ලබා දුන් තොරතුරක්‌ මත මෙම වැටලීම කොට්‌ටාව පොලිසිය විසින් සිදු කළ බව හෝමාගම සහකාර පොලිස්‌ අධිකාරි කාර්යාලයේ ආරංචි මාර්ග අනාවරණය කරයි. 

නිදහස්‌ දින ජාතික උත්සවය ගාලුමුවදොරදී

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස්‌ දින උත්සවය හෙට (04 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේa ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී මහත් අභිමානවත් ලෙස සැමරේ.

මෙවර නිදහස්‌ දින උත්සවයේ සම්භාවනීය අමුත්තා ලෙස සහභාගී වන්නේ බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහ ටෙසෙක්‌ස්‌ ආර්යාවයි. යුද හමුදා බළකා 24 ක්‌ මෙවර ආචාර පෙළපාලියට සහභාගි වන අතර ඊට නිලධාරීන් 150 ක්‌ සහ සෙබළු 3500 ක්‌ එක්‌වෙති. මේ හැර ගුවන් හමුදා නිලධාරීන් 40 ක්‌ ද ගුවන් භටයන් 800 ක්‌ සහ නාවික හමුදා නිලධාරීන් 30 ක්‌ හා නැවියන් 1200 ක්‌ ද ආචාර පෙළපාලියට සහභාගි වේ.

නිදහස වෙනුවෙන් සතොස පාරිභෝගිකයන්ට නිදහසක්.

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 70 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක (07) මිලගණන් වහාම අඩුකිරීමට පියවර ගත්බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

'මඩ ප්‍රහාරවලට බය නෑ'- කොස්ලංකා.


පසුගිය කාලය තුළ කොස්ලංකා ආයතනයේ කීර්තිනාමයට හානිවන ආකාරයෙන් ඉතා ක්ෂූක්ෂම හා සංවිධානාත්මක ආකාරයෙන් මඩ ප්‍රචාර එල්ල එල්ල කිරීමට හවුල් වූ සියලුදෙනා නීතිය ඉදිරියට ගෙනවිත් දඩුවම් ලබා දීමට කටයුතු කරන බව කොස්ලංකා ප්‍රධාන විධායක අධ්‍යක්ෂ රොහාන් ජී රුබේරා මහතා පවසයි.

දෙරණේ දිලිත්ගේ අලුත් පත්තරේ 'සත්හඬ' නමිනි එන ළකුණු

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා 'ජනයුගය' පුවත්පත් ආයතනයේ නවීන මුද්‍රණාලය මිලදී ගනිමින් අලුතින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජාතික පුවත්පත සඳහා 'සත්හඬ' වෙළඳ නාමය යොදා ගැනීම සඳහා මේවනවිට සාකච්ජා ආරම්භ කර ඇති බව වාර්තාවේ.

මෙම නව පුවත්පත සඳහා 'දෙරණ' නාමය යොදා ගැනීමට මුලදී තීරණයවී තිබුන ද දෙරණ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ගෙන් බහුතරය එම තීරණයට විරෝධය පළකර ඇති අතර පුවත්පත් ආයතනය හා මුද්‍රණාලය වෙනම සමාගම් ලෙස පවත්වාගෙන යන ලෙස දිලිත් ජයවීර මහතාට යෝජනා කර ඇතැයි පැවසේ.

බයික් අනතුරින් මියගිය තිලිණි හා සමීර සිරුරු කොටස් ලබාදී තවත් ජීවිත ගනණක් ජීවත් කරවයි

පසුගියදා මෝටර් සයිකලයකින් පාදුක්ක ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටියදී අනතුරට ලක්වූ යුවළක ජීවිතය ගොඩගන්නට බැරි මට්ටමට පත්වූ අතර ඔවුනගේ මරණයට පෙර සිරුරු කොටස් දන්දීමට එම ඥාතීන් එකඟවීම නිසා බොහෝ දෙනෙකුට සෙත සැලසීමට මියගිය ඔවුන් නොදැනීම හැකියාව ලබා තිබුණි.

මෙම යුවළ විවාහ මංගල්‍ය අවස්ථාවකට සහභාගී වී නැවත එමින් සිටියදී පාදුක්ක වේරගල -මාහිංගල මාර්ගයේදී ඔවුනගේ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන කම්බි වැටක ගැටීමෙන් අනතුර සිදුවූ අතර
සැමියා ටික වේලාවකින් මියගොස් බරපතළ තුවාල ලබා සිටි බිරිය රෝහල්ගතකර තිබුණි.සමීර ජයකොඩි (27) හා රසායනාගාර සහායිකාවක වූ තිලිණි ජීවන්ති අල්විස් (24) මෙම යුවළයි.

දිලිත් ජයවීර බැදුම්කර පත්තරේ මිලදී ගනී?

බැදුම්කර මගඩියෙවන් උපයා ගන්නා ලද මුදලින් ආරම්භ කරන ලද ‘ජනයුගය’ පුවත්පත මේ වන විට මුද‍්‍රණ කටයුතු අත්හිටුවා තිබේ.


පුවත්පතේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් විසින් එහි කතෘ මණ්ඩලය කැදවා දන්වා ඇත්තේ තව දුරටත් පවත්පත කරගෙන යාම සදහා හැකියාවක් නොමැති නිසා නව කලමණාකාරීත්වයක් යටතට පුවත්පත පත් කරන බවයි.

අල්ලස් ගන්න ගිය කෘෂිකර්ම උපදේශකවරයෙකුට වෙච්ච වැඩේ

අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත කෘෂිකර්ම උපදේශකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැදගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත මැදගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනියුක්ත පොල්ගහපිටිය වසමේ කෘෂිකර්ම උපදේශකවරයා එලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි ප්‍රකාශ කරයි.

නිදහස්‌ සැමරුම් වෙනුවෙන් අද - හෙට - අනිද්දා ගාලු මුවදොර පාර වැසෙන්නෙ මෙහෙමයි

ගාලු මුවදොර පැවැත්වෙන 70 වැනි ජාතික නිදහස්‌ දින සැමරුම් උත්සවය නිමිත්තෙන් අද (02 දා) සහ හෙට (03 දා) පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්‌වාත් නිදහස්‌ දිනයදා (04 දා) පෙරවරු 5.00 සිට දහවල් 12.00 දක්‌වාත් ගාලු මුවදොර මාර්ගය වසා තැබේ.

මේ අනුව ගාලු පාර ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තු වටරවුම, චෛත්‍යය පාර වසා තැබෙන බව පොලිස්‌ මූලස්‌ථානයේ ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

හොර හරක්‌ ලොරිය අල්ලන්න පැය පහක්‌ම කැලයේ සැඟවී ඉඳලා - පොලිස්‌ ස්‌ථානාධිපති ගහපු ගේම

ගම්පොල ගලහ ප්‍රදේශයේ සිට උඩුනුවර වෙලම්බොඩ දක්‌වා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිදුවන හරක්‌ හොරකමක්‌, වෙලම්බොඩ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැය 5 ක්‌ රාත්‍රියේ කැලයේ සැඟවී සිට අල්ලාගෙන ඇත.

එහිදී කුඩා ලොරි රථයකින් එළ හරක්‌ තුන්දෙනකු රැගෙන එමින් සිටියදී සැකකරුවන් තිදෙනකු සමඟ එම ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.

70 සමරන්න ලැප්ටොප් නැටුමක්‌

70 වැනි නිදහස්‌ උළෙල වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාලියේ සහ සංදර්ශන පෙළපාලියේ පෙරහුරු මේ දිනවල ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පැවැත්වේ.

එඩ්වඩ් - සොෆි යුවළ ලංකාවට

ලංකාවේ 70 වැනි නිදහස්‌ උළෙලට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයේ රාජකීය එඩ්වඩ් කුමරු සහ සොපියා කුමරිය පසුගියදා (31 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියහ.

චින්තන ගීතාල් ඇතුළට සුදේශ් පීරිස් එළියට

2018 වසරේ ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම නම්කර ඇති අතර, ඊට ක්‍රීඩකයන් 7ක් සහ ක්‍රීඩිකාවන් 4ක් ඇතුළත් වේ.

පසුගිය සැප්තැම්බර් මස ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පවත්වන ලද ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී දක්වන ලද දක්ෂතා පදනම් කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනකු සුදුසුකම් ලබාගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් මස අසර්බයිජාන්හිදී පැවැති ජාත්‍යන්තර ගෘහස්ථ තරගාවලියේදී ඩබ්ලිව්.පී. උෂාන් (කිලෝ ග්‍රෑම් 105ට වැඩි බර පන්තිය) දක්වන ලද දක්ෂතාව පදනම් කර ගනිමින් ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට නම්කර තිබේ.

අනුන්ගේ දුක්‌ තමන්ගේ කරගන්නා වෘෂභ ලග්න හිමියෝ

වෘෂභ ලග්නයේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ ශුක්‍ර හෙවත් සිකුරු. සිකුරු විනෝදයට, සැපයට, අලංකාරයට හා තුරුණු බවට කාරක වන ග්‍රහ තාරකාවකි. එම සිකුරු මෙන්ම සිකුරුට අයත් වෘෂභයෙන් උපන් ඔබ තුළද ඉහත කී ගතිගුණ නිරායාසයෙන්ම පිහිටනු ඇත.

වෘෂභය තිර රාශියක්‌ වන අතර පඨවි ගුණයෙන් යුක්‌තය. එම නිසා ලග්න දොළසින්ම තිබෙන ස්‌ථිරවම රාශිය ලෙස හඳුන්වා දිය හැක. ගත් තීන්දුවක්‌ පහසුවෙන් වෙනස්‌ නොකරයි. අන්‍යයන් ඔබගේ අදහස්‌වලට හරවා ගැනීමට උත්සාහ ගන්නා අතර අන්‍යයන්ගේ අදහස්‌වලට එකඟවන්නේ නැත. එමෙන්ම හොඳ හෝ නරක පහසුවෙන් අමතක නොකරන ඔබ කිසිවෙකුගෙන් හෝ වරදක්‌ සිදුවුවහොත් පලිගැනීමට වුවද මැළිවන්නේ නැත. නමුත් එය සුළු මොහොතකට පමණි. ආකර්ෂණීය කතා විලාශයක්‌ හා මනා පෙනුමක්‌ උපතින්ම ගෙන ආ ඔබ ආගිය තැන කාගෙත් ආදර ගෞරවයට මෙන්ම විශේෂ අවධානයට ද බඳුන් වන්නෙකි. එය ඔබ උපතින් ගෙන ආ ලග්නාධිපති සිකුරුගේ නෛසර්ගික ගුණය ලෙස පෙන්වා දිය හැකිය.

අසභ්‍ය පිංතූර දමනවායි බියගන්වා තරුණියකගෙන් මුදල් ගරලා - ලැප්ටොප් පරිගණකයක්‌ සමග සැකකරු අත්අඩංගුවට

අකුරැස්‌ස ප්‍රදේශයේ තරුණියක්‌ බිය ගන්වා කිහිප අවස්‌ථාවකදී ඇගෙන් මුදල් ලබාගෙන ඇති බවට කියන 26 හැවිරිදි තරුණයකු අකුරැස්‌ස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 

පූසා මැරුවාට ධනවත් කත දොස්‌තරට එරෙහිව පොලිසියට

විදේශගත වීමේදී බලාකියා ගැනීමට පශු වෛද්‍යවරයකු වෙත ලබාදුන් මලයාසියා වර්ගයට අයත් බළලා මරණයට පත් කළැයි එම වෛද්‍යවරයාට එරෙහිව ධනවත් කාන්තාවක්‌ පැමිණිල්ලක්‌ කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ කාන්තාවක්‌ රුපියල් හතළිස්‌ දහසක්‌ පමණ වටිනා මලයාසියා වර්ගයට අයත් බළලකු ඇතිදැඩි කරන අතර ඇය ඉකුත් දෙසැම්බර් මස 22 වැනිදා විදේශ සංචාරයක යෙදීමට නියමිතව සිටියාය.

එනිසා ඇය එනතෙක්‌ බළලා රැකබලා ගන්නැයි කාලයක සිට බළලාට ප්‍රතිකාර ලබාදෙන පශු වෛද්‍යවරයා වෙත ගොස්‌ ඇය ඉල්ලීමක්‌ කර ඇත.

තොණ්‌ඩමනාරු ධීවරයන්ට නාඳුනන වස්‌තුවක්‌ හමුවෙයි

යාපනයේ තොණ්‌ඩමනාරු ප්‍රදේශයේ ධීවරයන් පිරිසකට කිලෝග්‍රෑම් 40 ක්‌ පමණ බරැති හඳුනා ගැනීමට නොහැකි වස්‌තුවක්‌ හමුවී තිබේ.

බඩෝවිට "කුඩු ඇන්ටි" පැකට්‌ 2000 ක්‌ සමග මාට්‌ටු

ගල්කිස්‌ස බඩෝවිට නිවසකදී රුපියල් ලක්‌ෂ දහයක්‌ පමණ වටිනා හෙරොයින් මත්කුඩු පැකට්‌ දෙදහසක්‌ සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්‌ස කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

රත්තරන් හොයා හෑරූ වළෙන් ජල උල්පතක්‌ මතුවෙයි

මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ භූමියකින් එල්ටීටීඊ රත්තරන් සොයමින් ආරක්‌ෂක අංශ විසින් බැකෝ යන්ත්‍ර යොදාගෙන හාරන ලද වළට ජලය ගලාගෙන එන්නට පටන් ගැනීම නිසා ආරක්‌ෂක අංශ නිලධාරීන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති.

ලංකා බැංකුවට අයත් ජනශක්ති හිමිකම විකුණයි

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි තෙවනියට විශාලතම කොටස් හිමියා වූ ලංකා බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය අද (30) දිනයේ දී විකුණා දමන ලදී.

රෝහිත රාජපක්ෂ පොහොට්ටුව වේදිකාවේ පිං මාළු වළේ කුසල් හාමි ගීතය ගයමින් ජනපති මෛත්‍රීට පහර ගැසූ හැටි මෙන්න

හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ සීදූව ප්‍රදේශයේ පැවති මැතිවරණ වේදිකාවකදී ගීතයක් ගායනා කර තිබේ. මේ ආණ්ඩුවටත් හොඳට ගැලපෙන ගීතයක් ලෙස නම් කරමින් ඔහු ‘පිං මාළු වළේ කුසල් හාමි‘ නමැති ප්‍රකට  ගීතය ගායනය කළේ
පහත පරිදිය.


කුසලධම්ම හිමි ගිලවී අසාධ්‍ය තත්වයේ සිටියදී නාලිකාව කොල්ල කන්න යයි

බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණාගම කුසලධම්ම හිමි අසාධ්‍ය තත්වයේ සිටියදී උන් වහන්සේගේ දේපල සොරා ගැනීමට පිරිසක් උත්සාහගනිමින් සිටින බව වාර්තා වේ.

උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භකරන ලද බෞද්ධයා නාලිකාව මෙසේ කොල්ලකෑමට උත්සාහ කරන ප්‍රධානම දේපල බව පැවසේ.

මීට පෙර භාරකාර මණ්ඩලයක් යටතේ පාලනයවු එම නාලිකාව සිය අයිතියට ගැනීමට මාන බලන කිහිප දෙනෙකු නිසා මෙම තත්වය ඇති වී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බැඳුම්කර පත්තරේ කට්ටිය රිවිර හොරකම් කරයි - 50දෙනෙකුගේ රැකියා අවධානමේ

බැඳුම්කර පත්තරය ලෙස ප්‍රකට ජනයුගය පුවත්පත වසා දැමීමෙන් පසු රැකියා අහිමිවූ මාධ්‍යවේදීන් පිරිසක් විසින් හෙට දින සිට 'රිවිර' පුවත්පත සියතට ගැනීමට සුදානම් වන බව වාර්තා වේ.

මේ සමඟ රිවිර පුවත්පතේ සේවය කල 50කට අධික මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකගේ රැකියා අවධානමට ලක්ව තිබේ.

ලීසිං නොගෙවූ යතුරුපැදිය රැගෙන යන්න පැමිණි අය පහරදී මරුට

වෙන්නප්පුව පොලිස්‌ වසමට අයත් බොරලැස්‌ස ප්‍රදේශයේදී ලීසිං වාරික නොගෙවූ යතුරු පැදියක්‌ අත්පත් කර ගැනීමට ගිය පෞද්ගලික ලීසිං ආයතනයක නිලධාරියකුට යතුරු පැදියෙන් ගමන් ගත් දෙදෙනා හා තවත් පිරිසක්‌ පහරදීමෙන් එම පුද්ගලයා මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ණකුල පටබැඳිගේ මීමැල් චමින්ද පෙරේරා නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (29 දා) දහවල් 1.00 ට පමණ බොරලැස්‌ස ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරමින් තිබූ යතුරු පැදිය ලිසිං සමාගමේ නිලධාරීන් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණ අත්පත් කර ගැනීමට යැමේදී මෙම සිද්ධිය සිදුව ඇත.

සෙබළා අතින් අතවරයට ලක්‌වූ දැරිය වේදනානාශක පෙති 50 ක්‌ බීලා

යුද හමුදා සෙබළෙකු විසින් අතවර කරන ලද දහතුන් හැවිරිදි බාල වයස්‌කාර සිසුවියක්‌ වේදනා නාශක පෙති පනහක්‌ බීම නිසා රෝහල් ගතකර ඇති අතර සැකකාර හමුදා සෙබළා (24 දා) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත පදිංචි දැනට අනුරාධපුර හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකි. සැකකාර සෙබළාගේ සහෝදරියක්‌ විවාහවී මෙම දැරියගේ නිවස අසල පදිංචිව සිටින අතර සැකකරු දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක්‌ පවත්වා ඇත. මේ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දිනක සැකකරු ඇයගේ නිවසට පැමිණ ඇත.

විදෙස් රටකින් ආරාධනවක් ලැබුණා,ගැටුම් අවශ්‍ය නෑ,අයින් වෙලා යනවා - ලසිත් මාලිංග

2019 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට වඩා උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම කණ්ඩායමට වැඩදායක යැයි කළමනාකාරිත්වය බලාපොරොත්තු වන්නේ නම් කිසිම පැකිළීමකින් තොරව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තමා සූදානම් බව සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අවධාරණය කරයි.

ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කිරීමේ දී මාලිංගගේ සහාය ලබා ගැනීම කෙරෙහි කිසිම සඳහනක් මේ වන තෙක්ම තේරීම් කමිටුව ප්‍රකාශ කොට නැති නමුත් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර දිවියට සමුදීමේ අදහසින් ලසිත් මාලිංග පසුවේ.

ඓෂ්වර්යා රායි ඉන්දියානු රුපියල් කෝටි 10කට විකිණෙයි

ඉන්දියාව පමණක් නොව මුළු ලොවම එක් රැයකින් තම වසඟයට ගත් සුරූපිණිය ඓශ්වර්යාරායි විසින් නවතම චිත්‍රපටයක් සඳහා ඉල්ලා සිටි අධික මුදල ගැන මේ වනවිට ඉන්දීය සිනමා ලෝකයේ සුවිශේෂී කතාබහකට ලක් ව තිබේ.

‘Raat Arudin’ නමැති 1967 වසරේ තිරගත වූ චිත්‍රපටයක නැවත නිෂ්පාදනයට රංගනයෙන් එක්වීම සඳහායි ඇය මෙම මුදල ඉල්ලා ඇත.

ඒ සඳහා ඇය ඉල්ලා ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 10ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු 40 ඉක්මවා සිටිය ද සුරූපී ඓශ්වර්යාගේ ඉල්ලුම මෙතෙක් අඩු වී නොමැති බව බොලිවුඩයේ ඇතැම් වාර්තා පෙන්වා දෙයි.

ඇස්‌බැස්‌ටස්‌ වහලය මරාලයක්‌ වන්නට පෙර සිතා බලමු

ගොඩනැඟිල්ලකින් කඩා ඉවත් කළ පැරණි ඇස්‌බැස්‌ටස්‌ තහඩු සුංබුං විශාල ප්‍රමාණයක්‌, මීගොඩ ප්‍රදේශයේ එක්‌තරා පුරාණ විහාරස්‌ථානයක්‌ ඉදිරිපිට එළිමහනේ ගොඩගසා තිබෙනු මෑතකදී මා නෙත ගැටිණ. අව්වට වැස්‌සට සුළඟට නිරාවරණය වෙමින් දැඩි සේ අනාරක්‌ෂිත තත්ත්වයක තිබෙන මෙම ඇස්‌බැස්‌ටස්‌ සුංබුං ගොඩෙන් වායුගෝලයට මුසු වන ඇස්‌බැස්‌ටස්‌ කෙඳිති කෙළින් ම ඒ අසල තිබෙන මාර්ගයේ මෙන්ම හයිලෙවල් මාර්ගයේ ගමන් කරන දෙනෝ දාහක්‌ ජනතාවගේ, අවට පදිංචිකරුවන් මෙන්ම ආසන්නයේම තිබෙන පන්සලේ වැඩවසන භික්‌ෂූන් වහන්සේලාගේ, විහාරස්‌ථානයට යන එන බැතිමතුන්ගේ, දහම් පාසල් සිසුන්ගේ නාස්‌පුඩු ඔස්‌සේ ශරීරගත වෙයි. එමෙන්ම වැස්‌සට සෝදා ගෙන යන ඇස්‌බැස්‌ටස්‌ කෙඳිති අවට ළිsවලට එකතු වී පානීය ජලය දූෂණය කෙරෙනු ඇත.