BREAKING NEWS
latest

728x90

468x60

ඓෂ්වර්යා රායි ඉන්දියානු රුපියල් කෝටි 10කට විකිණෙයි

ඉන්දියාව පමණක් නොව මුළු ලොවම එක් රැයකින් තම වසඟයට ගත් සුරූපිණිය ඓශ්වර්යාරායි විසින් නවතම චිත්‍රපටයක් සඳහා ඉල්ලා සිටි අධික මුදල ගැන මේ වනවිට ඉන්දීය සිනමා ලෝකයේ සුවිශේෂී කතාබහකට ලක් ව තිබේ.

‘Raat Arudin’ නමැති 1967 වසරේ තිරගත වූ චිත්‍රපටයක නැවත නිෂ්පාදනයට රංගනයෙන් එක්වීම සඳහායි ඇය මෙම මුදල ඉල්ලා ඇත.

ඒ සඳහා ඇය ඉල්ලා ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 10ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු 40 ඉක්මවා සිටිය ද සුරූපී ඓශ්වර්යාගේ ඉල්ලුම මෙතෙක් අඩු වී නොමැති බව බොලිවුඩයේ ඇතැම් වාර්තා පෙන්වා දෙයි.

මේ අතර ඇයගේ සුරූපී බවට නොදෙවෙනිවන රංගනය ද එලෙස අධික මිලක් ඉල්ලා සිටීමට හේතුවන බව එම වාර්තා සඳහන් කරයි.

‘Nargis’ නම් සුපිරි රංගන ශිල්පිනිය මෙම චිත්‍රපටයේ මුල් රංගනය සිදු කළ අතර ඓශ්වර්යා එම චරිතයට සාධාරණයක් ඉටු කරනු ඇති බව ද එම වාර්තාවල දැක් වේ.

මෙම චිත්‍රපටයේ ඓශ්වර්යා හට ද්විත්ත්ව රංගනයක යෙදීමට ද සිදුවන අතර එය ද එලෙස අධික මිලක් අයකිරීමට එක් හේතුවක් බව වාර්තා වේ.

මේ සඳහා ඇයට දැඩි වෙහසක් ගැනීමට සිදුවීම හේතුවෙන් එම අය කිරීමට නිෂ්පාදකවරුන් එකඟ වී ඇති බව බොලිවුඩ් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් බොහෝ දෙනෙක් මේ වනවිටත් මත පළකර ඇත්තේ මෙම චිත්‍රපටයට ඓශ්වර්යා එක් කර ගැනීම තුළින් එහි සාර්ථකත්වය තහවුරු වී ඇති බවයි.
« PREV
NEXT »

Facebook Comments APPID