BREAKING NEWS
latest

728x90

468x60

ලීසිං නොගෙවූ යතුරුපැදිය රැගෙන යන්න පැමිණි අය පහරදී මරුට

වෙන්නප්පුව පොලිස්‌ වසමට අයත් බොරලැස්‌ස ප්‍රදේශයේදී ලීසිං වාරික නොගෙවූ යතුරු පැදියක්‌ අත්පත් කර ගැනීමට ගිය පෞද්ගලික ලීසිං ආයතනයක නිලධාරියකුට යතුරු පැදියෙන් ගමන් ගත් දෙදෙනා හා තවත් පිරිසක්‌ පහරදීමෙන් එම පුද්ගලයා මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ණකුල පටබැඳිගේ මීමැල් චමින්ද පෙරේරා නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (29 දා) දහවල් 1.00 ට පමණ බොරලැස්‌ස ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරමින් තිබූ යතුරු පැදිය ලිසිං සමාගමේ නිලධාරීන් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණ අත්පත් කර ගැනීමට යැමේදී මෙම සිද්ධිය සිදුව ඇත.

සිද්ධිය වන අවස්‌ථාවේ ලිසිං සමාගමේ එක්‌ පුද්ගලයකු පලාගොස්‌ ඇත.

එහිදී අනෙක්‌ නිලධාරියාට අතින් පයින් පහරදීම් සිදු කර ඇත.

පහරකෑමට ලක්‌වූ පුද්ගලයා වෙන්නප්පුව ලුණුවිල රජයේ රෝහලට ඇතුලත් කරන විටද මියගොස්‌ සිට ඇත.

වෙන්නප්පුව පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එල්. බී. අබේරත්න මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ කටයුතු සිදු කෙරේ.

අමරනාත් විඡේසේකර මහවැව
« PREV
NEXT »

Facebook Comments APPID