BREAKING NEWS
latest

728x90

468x60

බයික් අනතුරින් මියගිය තිලිණි හා සමීර සිරුරු කොටස් ලබාදී තවත් ජීවිත ගනණක් ජීවත් කරවයි

පසුගියදා මෝටර් සයිකලයකින් පාදුක්ක ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටියදී අනතුරට ලක්වූ යුවළක ජීවිතය ගොඩගන්නට බැරි මට්ටමට පත්වූ අතර ඔවුනගේ මරණයට පෙර සිරුරු කොටස් දන්දීමට එම ඥාතීන් එකඟවීම නිසා බොහෝ දෙනෙකුට සෙත සැලසීමට මියගිය ඔවුන් නොදැනීම හැකියාව ලබා තිබුණි.

මෙම යුවළ විවාහ මංගල්‍ය අවස්ථාවකට සහභාගී වී නැවත එමින් සිටියදී පාදුක්ක වේරගල -මාහිංගල මාර්ගයේදී ඔවුනගේ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන කම්බි වැටක ගැටීමෙන් අනතුර සිදුවූ අතර
සැමියා ටික වේලාවකින් මියගොස් බරපතළ තුවාල ලබා සිටි බිරිය රෝහල්ගතකර තිබුණි.සමීර ජයකොඩි (27) හා රසායනාගාර සහායිකාවක වූ තිලිණි ජීවන්ති අල්විස් (24) මෙම යුවළයි.

සමීරගේ ඇස් දන්දීමට ඥාතීන් එකඟවූ අතර ඒ අනුව එම පින්කමට අදාළ කටයුතු රෝහල මගින් සම්බන්ධීකරණය කරන ලදි.අනතුරකින් පසුව හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තිලිණිගේ මොළය මියගිය බව වෛද්‍යවරුන් සඳහන් කර ඇයව නැවත හෝමාගම රෝහලට මාරු කර තිබුණි.

හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරුන අවස්ථාවේ ඇය තවදුරටත් ජීවත් කරවන්නට බරි බව වෛද්‍යවරුන් නිගමනය කර ඇයගේ සිරුරු කොටස් දන්දීමට කැමතිදැයි වෛද්‍යවරුන් කළ විමසීමට ඇගේ නෑදෑයින් එකඟවූ අතරඒ අනුව හෝමාගම රෝහලේ සිදුකෙරුණු පැය පහක පමණ සැත්කමකින් ඇයගේ සිරුරු කොටස් ඉවත්කරගෙන තිබුණි.

කාන්තාවගේ වකුගඩු, අක්මාව, අක්ෂි කාච, සහ පාදයේ අස්ථි කොටස් එම ශල්‍යකර්මයෙන් ඉවත්කරන ලදි.

ඇගේ සිරුරෙන් ඉවත්කෙරුණු අක්මාව රාගම මහ රෝහලේ රෝගියෙකුටත්, එක් වකුගඩුවක් කොළඹ

ජාතික රෝහලේ රෝගියෙකුටත්, අනෙක් වකුගඩුව මාලිගාවත්ත වකුගඩු රෝහලේ රෝගියෙකුටත් බද්ධ කිරීමට නියමිත බව පැවසිණි.

පාදයෙන් ලබාගත් අස්ථි කොටස් මිනිස් පටක බැංකුවටත් අක්ෂි කාච දෙක ශ්‍රී ලංකා අක්ෂිදාන

සංගමයටත් පරිත්‍යාග කරන ලදි.

හෝමාගම රෝහලේ වසර 72 ක ඉතිහාසයේදී මෙවැනි සැත්කමක් සිදුකෙරුණු ප්‍රථම අවස්ථාව මෙය බවයි රෝහල් අධ්‍යක්ෂිකා පඬුවාවෙල මහත්මිය සඳහන් කර තිබුණි. ශල්‍ය කර්මය සිදු කළේ ශල්‍ය වෛද්‍ය රුවන් දිසානායකයි.

ශල්‍යකර්මයෙන් අනතුරුව මෘත දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම රෝහලේදී සිදුවිය.

ඇයගේ අවසන් කටයුතු පාදුක්ක කොටිගංගොඩ ප්‍රදේශයේ දී සිදුවිය.



« PREV
NEXT »

Facebook Comments APPID