BREAKING NEWS
latest

728x90

468x60

නිදහස්‌ සැමරුම් වෙනුවෙන් අද - හෙට - අනිද්දා ගාලු මුවදොර පාර වැසෙන්නෙ මෙහෙමයි

ගාලු මුවදොර පැවැත්වෙන 70 වැනි ජාතික නිදහස්‌ දින සැමරුම් උත්සවය නිමිත්තෙන් අද (02 දා) සහ හෙට (03 දා) පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්‌වාත් නිදහස්‌ දිනයදා (04 දා) පෙරවරු 5.00 සිට දහවල් 12.00 දක්‌වාත් ගාලු මුවදොර මාර්ගය වසා තැබේ.

මේ අනුව ගාලු පාර ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තු වටරවුම, චෛත්‍යය පාර වසා තැබෙන බව පොලිස්‌ මූලස්‌ථානයේ ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

සැමරුම් උත්සවයේ පෙරහුරු පැවැත්වෙන අද සහ හෙට එම මාර්ගයට ඇතුළුවීමට පාසල් දරුවන් ඇතුළු එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සහ රැකියාවල නිරතවූවන්ට ඉඩ සලසා තිබේ.

මෙම දින තුනේම රථවාහන සැලැස්‌ම පහත පරිදි වේ.

ගාලු පාර ඔස්‌සේ කොළඹට ඇතුළුවන සහ පිටවන බස්‌ රථ සහ සැහැල්ලු වාහන - ගාලු පාර ඔස්‌සේ බගතලේ පාර, ආර්. ඒ. ද මෙල් මාවත, බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල වටරවුම, තර්ස්‌ටන් පාර, ඡේ. ඕ. සී. හංදිය, ග්ලාස්‌ හවුස්‌ හංදිය, නන්දා මෝටර්ස්‌, හෝර්ටන් වටරවුම, සොයිසා වටරවුම, ඩීන්ස්‌ පාර, ටෙක්‌නිකල් හංදිය දක්‌වාත්

කොල්ලුපිටිය හංදියෙන් දකුණට හැරවිය හැකි මාර්ගයේ තුම්මුල්ලට ගමන් කර ටවුන්හෝල් හරහා හෝ කොල්ලුපිටිය හංදියට පැමිණ ධර්මපාල මාවත, ටවුන්හෝල් හරහා මරදාන ඔස්‌සේ කොළඹට ඇතුළු විය හැකිය. (පෙ. ව. 9.00 සිට කොල්ලුපිටිය හංදියෙන් පිත්තල හංදිය, කොම්පඤaඤ වීදිය හරහා ගමන් කිරීමට ඉඩ ලබා දේ.)

ගාලු මැද පාර ඔස්‌සේ කොළඹින් පිටවන බස්‌ රථ හා සැහැල්ලු වාහන - ඕල්කට්‌ මාවත, ටෙක්‌නිකල් හංදිය, මරදාන පාලම හංදිය, ටී. බී. ජායා මාවත, ඉබ්බන්වල හංදිය, යුනියන් පෙදෙස, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එµa. ආර්. සේනානායක මාවත, කන්නංගර මාවත, නන්දා මෝටර්ස්‌ හංදිය, නිදහස්‌ වටරවුම, රීඩ් මාවත, තුම්මුල්ල වටරවුම, බෞද්ධාලෝක මාවත, ආර්. ඒ. ද මෙල් මාවත, ගාලු පාර ඔස්‌සේ පිටව යා හැකිය.
« PREV
NEXT »

Facebook Comments APPID