BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

නිදහස වෙනුවෙන් සතොස පාරිභෝගිකයන්ට නිදහසක්.

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 70 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක (07) මිලගණන් වහාම අඩුකිරීමට පියවර ගත්බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මේ අනුව බාස්මතී සහල් කිලෝව රුපියල් එකසීය විස්සක (120) මිලකටත් ,සුදුකැකුළු සහල් කිලෝවක් රුපියල් හැටක මිලකටත් (60), කැඩුනු සහල් කිලෝවක් රුපියල් පනස් නවයක මිලකටත් (59) ,පරිප්පු කිලෝවක් එකසීය පනස් නවයක (159) මිලකටත් ,මුං ඇට කිලෝවක් රුපියල් එකසීය අනූපහක (195) මිලකටත් ලොකු ලූණු කිලොවක් රුපියල් එකසීය දහයක (110) මිලකටත්, මිරිස් කරල් කිලෝව රුපියල් දෙසීය විස්සක (220) මිලකටත් දිවයින පුරා පිහිටි ලංකා සතොස ශාඛා වලින් ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට ලබාදී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මෙම මිලගණන් අඩුකිරීම එළඹෙන පෙබරවාරි මස 07 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර දිවයින පුරා පිහිටි ලංකා සතොස මෙගා අලෙවිසැල් ඇතුළු ලංකා සතොස අලෙවිසැල් හාරසීය මගින් (400) ලබාගත හැකිබවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසයි.


« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.