BREAKING NEWS
latest

728x90

468x60

අනුන්ගේ දුක්‌ තමන්ගේ කරගන්නා වෘෂභ ලග්න හිමියෝ

වෘෂභ ලග්නයේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ ශුක්‍ර හෙවත් සිකුරු. සිකුරු විනෝදයට, සැපයට, අලංකාරයට හා තුරුණු බවට කාරක වන ග්‍රහ තාරකාවකි. එම සිකුරු මෙන්ම සිකුරුට අයත් වෘෂභයෙන් උපන් ඔබ තුළද ඉහත කී ගතිගුණ නිරායාසයෙන්ම පිහිටනු ඇත.

වෘෂභය තිර රාශියක්‌ වන අතර පඨවි ගුණයෙන් යුක්‌තය. එම නිසා ලග්න දොළසින්ම තිබෙන ස්‌ථිරවම රාශිය ලෙස හඳුන්වා දිය හැක. ගත් තීන්දුවක්‌ පහසුවෙන් වෙනස්‌ නොකරයි. අන්‍යයන් ඔබගේ අදහස්‌වලට හරවා ගැනීමට උත්සාහ ගන්නා අතර අන්‍යයන්ගේ අදහස්‌වලට එකඟවන්නේ නැත. එමෙන්ම හොඳ හෝ නරක පහසුවෙන් අමතක නොකරන ඔබ කිසිවෙකුගෙන් හෝ වරදක්‌ සිදුවුවහොත් පලිගැනීමට වුවද මැළිවන්නේ නැත. නමුත් එය සුළු මොහොතකට පමණි. ආකර්ෂණීය කතා විලාශයක්‌ හා මනා පෙනුමක්‌ උපතින්ම ගෙන ආ ඔබ ආගිය තැන කාගෙත් ආදර ගෞරවයට මෙන්ම විශේෂ අවධානයට ද බඳුන් වන්නෙකි. එය ඔබ උපතින් ගෙන ආ ලග්නාධිපති සිකුරුගේ නෛසර්ගික ගුණය ලෙස පෙන්වා දිය හැකිය.

ලග්නයේ සංකේතය වන වෘෂභයා (ගොනා) මෙන් ඕනෑම බරක්‌ කරට ගෙන සාර්ථකත්වය කරාගෙන යැම ඔබට අපහසු කරුණක්‌ නොවන බව විශ්වාසයෙන් පැවසිය හැක. ඔබේ බෙල්ලට හෙවත් ගෙල ශරීරයේ මුළු ශක්‌තියම ඒකරාශී වන අතර එනිසාම ඔබේ ගෙල පෙදෙස ශක්‌තිමත් බවින් අනූනය. හරකා තම ජීවිත කාලය පුරාම අනුන්ගේ බර අදින්නා සේ වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ දිවියද වැඩිපුරම ගතවන්නේ අනුන්ගේ බර ඇදීමටය. අනුන්ගේ දුක්‌ ගන්නා රාළවී දිවි ගෙවීමට සිදුවීමද විශේෂත්වයකි. අසරණයන්ගේ දුක හමුවේ මහත් සේ කම්පාවන වෘෂභයෙන් උපත ලද ඔබ වැඩිහිටියන් හා රෝගීන්ගේ යහපත වෙනුවෙන් තමාට හැකි පමණින් බොහෝ දේ කරනු ඇත. එවැන්නන් ඔබ සොයා පැමිණි විට ඔවුන්ගේ දුක විමසා බත බුලතින් හා මිල මුදලින් ද ඔවුනට උදව් උපකාර කිරීම ඔබගේ විශිෂ්ට ගුණය ලෙස පෙන්වා දිය හැකිය. වඩාත්ම කඩිසර පුද්ගලයකු නොවූවද ඔබ කම්මැලි අයෙකුද නොවේ. කිසියම් කටයුත්තක්‌ ආරම්භ කළහොත් එහි අවසානය දකින තුරු වෙනත් වැඩකට අත ගසන්නේ නැත. ඕනෑම වැඩකදී ව්‍යාජ, කෙටි මාර්ග පිළිබඳව ඔබ විශ්වාසය නොතබන අතර සෑම මොහොතකම කටයුතු කරනුයේ නිර්ව්‍යාජව අවංක ෙච්තනාවෙනි. ඇසුරු කරන සමාජ ස්‌ථරය තුළ පවා විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීම ඔබ සතු විශේෂ ගුණාංගයකි.

රාශි වළල්ලේ දෙවන රාශිය වන වෘෂභයෙන් උපත ලද ඔබ, මිල මුදල් පිළිබඳවත්, තම ගෙදර දොර හා අඹු දරුවන් පිළිබඳවත් වැඩි අවධානයක්‌ යොමු කරවන අයෙකි. තම පවුලේ සාමාජිකයන්ගේ යහපත, සැප සතුට හා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඔබ මහත් කැපවීම්කරන අතර ඔවුන් වෙනුවෙන් තමා සතු සියල්ල වුවද ප්‍රදානය කිරීමට මැළිවන්නේ නැත. බිරිඳට හා දරුවන්ට දක්‌වනුයේ අසීමිත වූ සෙනෙහසකි. ආදරයකි.

ඇත්ත වශයෙන්ම ඔබ උත්සහවන්තයෙකි. බොහෝ උත්සහය හේතුකොට ගෙන ඔබ අත ගසන බොහෝ දේවල් සාර්ථක වන්නේ දේව බලයකින් මෙනි. එය ඔබ පෙර ආත්ම භවයන් තුළදී රැස්‌කර ගත් පුණ්‍ය බල මහිමය නිසා විය හැක. එමෙන්ම ඔබ දෙවියන්ට භය පක්‍ෂපාතී අයෙකු බැවින් දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන අතර ස්‌ත්‍රොaත්‍ර ගායනාද කරනුයේ මහත් වූ දේව භක්‌තිය පෙරදැරිවය. තවත් ඔබ ලද මහඟු දායාදයක්‌ වනුයේ අධිෂ්ඨාන ශක්‌තියයි. එය ඔබට උපතින්ම දායාද වී ඇති බැවින් ගත් තීරණයක්‌ කිසිවෙකුගේත් කියුම් බස්‌වලටවත්, තර්ජන ගර්ජනවලටවත් බියේ වෙනස්‌ කරන්නේ නැත. එමෙන්ම ඔබ බිය වන්නේද නැත. ඔබට කවුරුන් හෝ වරදක්‌ කරන තුරු ඔබ වරදක්‌ කරන්නේ නැති බව විශ්වාසයෙන් පැවසිය හැක. බැරි වෙලාවත් ඔබට අසාධාරණ අයුරින් කවුරුන් හෝ වරදක්‌ කළහොත් කොයි මොහොතේ හෝ ඔබ ඔහුගෙන් පළිගැනීමට සිත්හි තබාගනී. එය ඔබ සතු දුර්වලකමකි.

වෘෂභ ලග්නයෙන් උපත ලද ඔබ ඇසුරු කිරීමට මිතුරන් තෝරාගන්නේ බොහොම කල්පනාවෙන් බව කිව යුතුය. ඔවුනට නොදැනෙන පරිදි රහසිගතව තමා විසින්ම කරනු ලබන පරීක්‍ෂණයකින් පසුව ඔබගේ ගති ගුණවලට ඉතාම සමීප ගතිගුණ ඇති අය පමණක්‌ තෝරා ගැනීම ඔබගේ සිරිත ලෙස පෙන්වා දිය හැකිය. එනමුදු ටික කලකින් ඔවුන්ද ධනය, බලය හා අයුක්‌තිය හමුවේ නම්‍යශීලී වන්නන් බව වැටහී ගියහොත් ක්‍රමයෙන් ඔබ ඔවුන්ගෙන් ඈත් වන්නේ ඉතා සූක්‍ෂම අයුරිනි.

ඉතා සන්සුන් හා නිසංසල දිවි පෙවෙතක්‌ ගත කිරීමට ආශා කරන ඔබ අධික ශබ්ද බද්දවලට කැමති නැත. සාන්ත වූ නිහඬ පරිසරයක වාසයට වැඩි ආශාවක්‌ දක්‌වන අතර සොබා සෞන්දර්ය මහත්සේ අගය කරන්නෙකි. දිය ඇලි, කඳු වැටි, වනාන්තර, කෙත් වතු, ගංගා, ඇළ දොළ ආශ්‍රිතව ග්‍රාමීය ජීවිතයක්‌ ගත කිරීමට ඇත්නම් ඊට වඩා වෙනත් සැපතක්‌ ඔබට ලොව තවත් නොමැත. ඇත්ත වශයෙන්ම වෘෂභයෙන් උපන් ඔබ, නගරයේ කලබලකාරී ජීවිතය තරයේ ප්‍රතික්‍ෂේප කරන්නෙකු බව ඉඳුරා ප්‍රකාශ කළ හැකිය.

ඔබ විනෝදයට කැමතිය. විහිළු තහළු කිරීමට, විනෝද කතා පැවසීමට ඔබ ගජ හපනෙකි. තැනට සුදුසු ලෙස කතා ගෙතීමට ඔබ සතුව ඇත්තේ පුදුමාකාර හැකියාවක්‌ වන අතර එනිසාම ඔබ සමාජය තුළ ජනප්‍රියත්වයට පත්වනුයේ ඔබටත් නොදැනීමය. කවියට, ගීතයට මෙන්ම සියලු කලා කටයුතුවලට ද ඔබ තුළ ඇත්තේ සහජ හැකියාවකි. නොමඳ ආශාවකි.

අයුක්‌තිය, අසාධාරණය හමුවේ දැඩිසේ කෝපයට පත්වන ඔබ, ඊට එරෙහි වන්නේ තැන නොතැන නොබලාය. ධනවතාය, බලවතාය කියා ඔබට එහි වෙනසක්‌ නැත. යුක්‌තිය ඉටුකරලීම සඳහා ඔබ තම ජීවිතය වුවද පුද කිරීමට පසුබට නොවන්නෙකි.

ඔබ කිසියම් ක්‍රියාවක නියෑළීමට පෙර ඒ පිළිබඳව මනා අධ්‍යයනයක යෙදෙන්නෙකි. එක්‌ අතකින් පමණක්‌ නොව සෑම කෝණයකින්ම එම කාර්යය සම්බන්ධයෙන් විමසා බැලීම ඔබගේ සිරිතය. පැහැදිලි ලෙසින් හා නිවැරදි බවකින් යුක්‌ත වූයේ නම් පමණක්‌ එම කාර්යයට ඔබ අත තබන බව විශ්වාසයෙන් පැවසිය හැක. නමුත් වාසියට තම අත දිගු කරන්නට ඔබ අකැමැතිය.

බොහෝවිට ඔබ අත්දැකීම් ඇසුරෙන් කාර්යය සාධනය කර ගන්නා චරිතයකි. බුද්ධිමත්ය. එමෙන්ම පිටතින් සොයනවාට වඩා ගුප්ත බවක්‌ ඔබ තුළ අන්තර්ගතව ඇත. එය ඔබේ ළඟම මිතුරාටවත් තේරුම් ගැනීමට නොහැක. නමුත් ඒ හැම දෙයටම වැඩියෙන් ඔබගේ හිත හොඳය. අන්‍යයන් වෙනුවෙන් කැප කිරීම් කරන ඔබ කන්නට තිබෙන ඔබගේ බත් පත වුවද කුසගින්නේ සිටින අසරණයකු හට දීමට කිසි විටෙක මැලිවන්නේ නැත.

අනුනට අත පා හෝ, අනුනට යටත්ව ජීවත් වීමට අකමැති ඔබ හැම විටෙකම උත්සහ කරනුයේ ස්‌වාධීනව, තමන්ගේම කියා ව්‍යාපාරයක නියෑළීමටය. එය ඔබ තුළ සැඟව තිබෙන ආඩම්බරකාර චරිතයේ පිළිබිඹුවක්‌ ලෙස නිර්වචනය කළ හැක.

ඔබ යටි සිතින් ගෞරවනීය ජීවිතයක්‌ අපේක්‍ෂා කරන්නෙකි. ඒ නිසාම බොහෝවිට ඉවසිලිමත්ව හා උපේක්‍ෂාවෙන් යුතුව ප්‍රශ්න දෙස බැලීමට පුරුදුව ඇත. නමුත් මොනයම් හේතුවක්‌ උඩ හෝ ඔබ කෝප ගැන්වුවහොත් ඉහත කී ගති ගුණ යටපත් කරමින් නියම යක්‍ෂයකු ඔබ තුළින් මතුවන අයුරු ද දැක ගත හැක. ඇත්ත වශයෙන්ම ඔබට මුදල් ලැබෙන මාර්ග විවෘතව ඇත්නම් ඔබ පොඩ්ඩක්‌වත් ලෝබ වන්නේ නැත. ඔබට හදවතින්ම ලැදි ඕනෑම තරාතිරමක අයෙකුට ස්‌ත්‍රී, පුරුෂ භේද නොසලකා මිල මුදලින් පවා උදව් කිරීමට පෙළඹෙන්නේ හදවත පත්ලෙන්මය. එය ඔබ සතු විශේෂ ගුණාංගයකි.

ඔබ උපතින්ම ඉක්‌මන් කේන්තිකාරයෙකු වන අතර ඔබේ තාවකාලික කේන්තිය හරියට සෝඩා බෝතලයක්‌ විවර කළ අවස්‌ථාවක්‌ මෙනි. කරුණු පැහැදිලි කිරීමෙන් පසු එය වටහා ගන්න ඔබ ක්‍රමයෙන් සන්සුන් තත්ත්වයට පත්වේ. ඉන්පසු ඔබ මහත්සේ කනගාටුවට පත්වේ. ඒ ඔබ කෝප ගැන්වුණ අවස්‌ථාවේ කළ කී දැ සිහිවීමෙනි.

බොහෝවිට ඔබේ මිතුරන් වනුයේ ඔබට වඩා වයසින් මුහුකුරා ගිය අය වන අතර ඔවුන්ගේ අත්දැකීම් ඇසුරෙන් යමක්‌ ඉගෙනීමට ඔබ තුළ ඇත්තේ බලවත් කැමැත්තකි. නමුත් කිසිවෙකුගේ හෝ නියෝගයන් අනුව කටයුතු කිරීමට ඔබ කිසිසේත් කැමති නැත. එමෙන්ම කවුරුන් හෝ ඔබගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙනවාට ඔබ තුළ ඇත්තේ බලවත් අකමැත්තකි.

ඕනෑම තරාතිරමක අයෙකු හා පහසුවෙන් මිත්‍රවීමට ඔබට ඇත්තේ සහජමය හැකියාවකි. ඔබ ඒ සඳහා යොදා ගනුයේ ඔබේ ආකර්ෂණීය සිනාව හා ලෙන්ගතු බවේ වදන් කිහිපයක්‌ පමණි. ඔවුන් ඔබට වශී වනු ඇත. ඒ තරමටම ඔබේ සිනාවත්, වචනත්, වශීකෘත බවින් යුක්‌තය. සමහර විට සිනාසෙද්දී කම්මුල් වළ ගැසෙන්නට ඉඩ ඇත. ඔබ නිතරම ක්‍රියාත්මක කරනුයේ ඔබගේ සිතට මෝදු වන සිතිවිලිය. එනිසාම ඔබ දක්‍ෂ නිර්මාණකරුවකු සේ සිය දස්‌කම් සමාජයට ඉදිරිපත් කරනු ඇත. කවියකු, ලේඛකයකු, මාධ්‍යවේදියකු, චිත්‍ර ශිල්පියෙකු, නැටුම් ශිල්පියෙකු, ගායකයෙකු, නළුවකු, සංගීතඥයකු හෝ සූපවේදියකු ලෙසින් ඔබ සතු ප්‍රතිභාව ලොවට දැකගත හැකි වීම විශේෂත්වයකි.

බොහෝ අවස්‌ථාවලදී ඔබ හැඟීම්වලට වඩා තම බුද්ධියට මුල්තැනදී කටයුතු කරන බව මගේ පර්යේෂණයන්ගෙන් තහවුරු වී ඇත. ඉතා සුපරීක්‍ෂාකාරී හා විචක්‍ෂණ භාවයෙන් කටයුතු කරන ඔබ සාර්ථකත්වය කරා ඉක්‌මනින් ගමන් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලදී ද ශීඝ්‍ර දියුණුවක්‌ ළඟාකර ගනුයේ ඔබගේ උත්සාහයත් කැපවීමත් මතය. ඇඳුම් පැළඳුම් (ළමා හා කාන්තා), ආහාර පාන, යකඩ හා වාහන වෙළෙ¹ම ඔබට ඉතා යහපත් ප්‍රතිඵල ළඟාකර දෙන වාසනාවන්ත ව්‍යාපාරයන් වේ. වෘෂභයෙන් උපත ලබා සිකුරුගෙන් ජීවය ලබන ඔබට, විෂ්ණු දිව්‍යරාජයාණන්ගේ ආශීර්වාදය නිබඳවම හිමිවන අතර ලක්‍ෂ්මී දේව මෑණියන් ඔබට සියලු සැප සම්පත් ළඟාකර දෙනු ඇත.

පාරම්පරික ජ්‍යෙතිෂවේදී 
ඩී. ඩග්ලස්‌ නිමලවංශ ගුණවර්ධන
වැඩිදුර විස්‌තර සදහා විමසන්න 0776283097.
« PREV
NEXT »

Facebook Comments APPID