BREAKING NEWS
latest

728x90

468x60

අසභ්‍ය පිංතූර දමනවායි බියගන්වා තරුණියකගෙන් මුදල් ගරලා - ලැප්ටොප් පරිගණකයක්‌ සමග සැකකරු අත්අඩංගුවට

අකුරැස්‌ස ප්‍රදේශයේ තරුණියක්‌ බිය ගන්වා කිහිප අවස්‌ථාවකදී ඇගෙන් මුදල් ලබාගෙන ඇති බවට කියන 26 හැවිරිදි තරුණයකු අකුරැස්‌ස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 



මොවුන් දෙදෙනා වසර කීපයක සිට ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ඇති අතර තරුණයා විසින් ඇය හෝටලයකට කැඳවාගෙන ගොස්‌ අසභ්‍ය ඡායාරූප ලබාගෙන පසුව මෙම තරුණයාගේ නොමනා හැසිරීම හේතුවෙන් සම්බන්ධය නතර කර ඇති බවත් පසුව සැකකරු විසින් ඇයට තර්ජනය කරමින් අසභ්‍ය දර්ශන පිට අයට පෙන්වන බවටත් එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පවසා බිය ගන්වා ඇගෙන් රුපියල් 15000 ක්‌ ලබාගෙන තිබේ. මෙසේ බිය ගන්වා කිහිප අවස්‌ථාවකදී මුදල් ලබාගත් බවට ඇය පවසා තිබේ. ඇය විසින් සිදු කරන ලද පැමිණිල්ල මත අකුරැස්‌ස පොලිසිය විසින් සැකකරු සමඟ ජංගම දුරකථන දෙකක්‌ ද අසභ්‍ය ඡායාරූප අඩංගු ලැප්ටොප් පරිගණකයක්‌ ද අත්අඩංගුවට ගෙන ඇත. අකුරැස්‌ස පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
« PREV
NEXT »

Facebook Comments APPID