යුද හමුදා සෙබළෙකු විසින් අතවර කරන ලද දහතුන් හැවිරිදි බාල වයස්‌කාර සිසුවියක් වේදනා නාශක පෙති පනහක් බීම නිසා රෝහල් ගතකර ඇති අතර සැකකාර හමුදා සෙබළා (24 දා) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත පදිංචි දැනට අනුරාධපුර හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකි. සැකකාර සෙබළාගේ සහෝදරියක් විවාහවී මෙම දැරියගේ නිවස අසල පදිංචිව සිටින අතර සැකකරු දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇත. මේ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දිනක සැකකරු ඇයගේ නිවසට පැමිණ ඇත.
එහිදී දැරියට අතවර කර ඇති අතර අනතුරුව ඔහු වෙනත් තරුණියක් සමග සම්බන්ධතාවක් පවත්වා ගෙන යන බව දැන ගන්නට ලැබීමෙන් පසු දැරිය එම තරුණයාගෙන් ඒ පිළිබඳව විමසා තිබේ.
පසුව දැරිය ඉකුත් 23 වැනි දා වේදනා නාශක පෙති පනහක් බීම නිසා අසනීපවූ අවස්‌ථාවේ දෙමව්පියන් විසින් ඇය රෝහලට ගෙන යන විට සැකකරු තමාට අතවර කළ බව පවසා ඇත. ඒ අනුව දැරියගේ පියා පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ඊයේ ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.