BREAKING NEWS
latest

728x90

468x60

මිනිස් රුවක් සහිත සත්වයෙක් මැලේසියාවෙන් හමුවේ

මිනිස් සිරුරක් සහිත කුඩා සත්වයකු පිලිබදව පුවතක් අන්තර්ජාලය ඔස්සේ මේ දිනවල හුවමාරු වෙනවා.

මේ පුවත වාර්තා වන්නේ මැලේසියාවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාසලේ දී වමනය ගිය සිසුවියක් ගැබිණියකැයි පවසා එළවා දැමු බව කියන විදුහල්පතිනිය පිලිබඳ පරික්ෂණයක්

පාසලේ දී වමනය ගිය සිසුවියක් ගැබිණියකැයි පවසා පාසැලෙන් එළවා දැමු බව කියන විදුහල්පතිනිය පිලිබඳ පරික්ෂණයක් කර විනය ක්‍රියා මාර්ගවලට එළැඹෙන්නැයි ලංකා ගුරු සංගමය උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මරණ තර්ජන එල්ල වී අනිකා විජේසුරියගේ සහෝදරයාට විශේෂ ආරක්ෂාවක්

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් පසු මරණ තර්ජන එල්ල වී රටින් පළාගිය අනිකා විජේසුරියගේ සහෝදරයාට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබේ.

ඒ, කොමිසම ලබාදුන් නියෝගයක් ද සැලකිල්ලට ගනිමින් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අනීකා විජේසුරියගේ සොහොයුරා විසින් ද තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ බවයි.

සිංහලේ හාමුදුරුවෝ අත්අඩංගුවට

මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි නිවස ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අරඹේපොල රතනසාර නමින් පෙනී සිටි චීවරධාරියෙක් අද පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

ඒ, නුවර සිට බස් රථයකින් පැමිණෙමින් සිටියදී නිට්ටඹූවේ දීය. සැකකාර පුද්ගලයා පොලිසිය මඟ හරිමින් සැඟව සිටියේය.

ඔහු සතුව තිබී හැඳුනුම්පත් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස්පතිට ලැබුණු තොරතුරකට අනුව හිමි නම අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

ඇන්ජලෝ මැතිව්ස්ගේ එංගලන්තයේ නිවසක් ඇති බව කී පුවත අමු බොරුවක්

පසුගිය දිනවල ගොසිප් වෙබ් අඩවි වල ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තරඟ පාවා දීමේ සිද්ධීන් වලට සම්බන්ධ බවයි. එමෙන්ම එම තරඟ පාවා දීමේ සිදුවීම් වලට සම්බන්ධ වී එයින් උපයා ගත් මුදල් වලින් එංගලන්තයේ කෝටි 32ක සුපිරි නිවෙසක් මිලදී ගත් බවටත් විවිධ තොරතුරු ඉදිරිපත් කරමින් වාර්තා කර තිබුනා.

මේ පිළිබඳව වාර්තා වීමත් සමග එය සොයා බැලීමට තීරණය කිරීමත් සමග සියලු විස්තර එංගලන්තයේ ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් ලබා ගෙන තිබෙනවා.
එයට අදාල තහවුරු කිරීමේ ලේඛනය පහතින් දැක්වෙනවා.

දුක් විදල ගන්න වාහන රෙන්ට් කරන තැන් වලට දෙන්න එපා - මේ ගැනත් දැනගන්න

ඉරිදා ලංකාදීප පුවත්පතේ “ලහිපිට-3 වාහන කුළියට හෝ බද්දට වුවමනාය” කොටසේ නොකඩවාම විවිධ නම් වලින් හයිබ්‍රිඩ් කාර්/වෑන් රථ මාසික කුලී පදනම මත ලබාගන්නා බවට දැන්වීම් පලකරන අතර, නිතර එ සඳහා යොදාගන්නා සමාගම්-සන්නාමයන් කිහිපයක් “Fly-away”, “Kalka Tours”, “B Tours & Travels” ආදී වශයෙන් තවත් නම් කිහිපයක් ද ඇතුළුව දැකිය හැකි ය.

සාමාන්‍යයෙන් වෙනත් කිසිඳු ආයතනකින් ලබා දෙන මාසික කුළියට වඩා වැඩි මුදලක් ගෙවන බවට පොරොන්දු වෙමින් වාහන හිමිකරුවන් රවටා ගැනීම මෙම ජාවාරම් කල්ලිය සමත් වී ඇත. වාහනය ඔවුන් වෙත කුළී පදනම මත පවරා ගැනීම සඳහා මහනුවර/පේරාදෙණිය වෙත වාහනය ගෙන්වාගන්නා මොවුන්, Agreement අත්සන් කිරීම සඳහා උසාවියක නීතීඥයන් ඉදිරියේ වුව එසේ කිරීමට එකඟ වන්නේ ගණුදෙනුකරුවන් ගේ විශ්වාසය දිනා ගැනීමේ කූඨ අරමුණින් පමණි. බොහෝ ගණුදෙනුකරුවන් වැඩිදුර සොයා නොබලා මොවුන්ගේ උගුලට හසු වන්නේ මෙම මියුරු තෙපුල් මුසා බස් නිසාය.

ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි ආලකොලාංග ගිහි ගෙයින් නික්ම යයි - රිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින් පැවිදි වෙයි

ධර්මයෙහි හැසිරෙන්නා විසින්ම රකිනු ලබයි කියලයි බුදුන්වහසේගේ දේශණය. ඉතින් මෑත කාලෙයේ හැල්මේ දුවන සමාජයේ මේ විදිහට ජිවත් වෙන අය ඉන්නේ ඉතා අතලොස්සයි. හැමෝම තම තමන්ගේ වාසිය වෙනුවෙන්, දියුණුව වෙනුවෙන් ඔහේ දුවන ලෝකෙක තමයි අපි ඉන්නේ. ඒ අතරෙන් ධර්මයේ හැසිරෙන බව පෙන්නන්න සමහරු හොඳට අනිත් අය ඉදිරියේ රඟපානවා.

යාපනයේ නාගදීප විහාරයේ සහ දඹකොළ පටුන කසාවතින් බැබලෙන කඨින පිංකම්

යාපනයේ ජනතාව නිතර දකින දමිළ හින්දු චාරිත්‍ර ආගමික වතාවත් වලට වෙනස් අත්දැකීමක් එක් කරමින් නාගදීප විහාරයේ සහ දඹකොල පටුන විහාරස්ථානයන්හි වාර්ෂික කඨින චීවර මහා පිංකම අලංකාර පෙරහැරකින් නාවික හමුදාවේ අනුග්‍රහයෙන් පැවත්වුණි.

උතුරු නාවික විධාන භාර රියර් අද්මිරාල් ජයන්ත සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හා මගපෙන්වීම් යටතේ එහි නිලධාරීන්ගේ දායකත්වයෙන් බැතිමතුන් විශාල පිරිසකගේද සහභාගීත්වයෙන් වාර්ෂික කඨින මහා පිංකම් පැවත්වුණි.

ගංගා මෑණියන්ගේ සුරය දමාගෙන චන්දිමාල් ඊයේ තරගයට පැමිණි හැටි

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අබුඩාබීහිදී ඊයේ (18 වැනිදා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 22ක් අවසානයේ එක් කඩුල්ලකට ලකුණු 92 ක් ලබාගත්තේය. උපුල් තරංග ලකුණු 55 ක් සහ දිනිෂ් චන්දිමාල් ලකුණු 15 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳි සිටිති.

පිට පිට තරග 9 ක් පරාජයට පත්වී ඇති ශ්‍රී ලංකාවට තරගාවලියේ තවදුරටත් රැඳි සිටීමට නම් අද තරගය ජයගත යුතුව ඇත.අවසන් එක්දින තරග 10 පුරා ලකුණු අතරට පැමිණීමට නොහැකිවූ කුසල් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් කණ්ඩායමෙන් ඉවත් චාමර කපුගෙදර සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා ඇත.

අතුරුන් වූ තරුණියන් තිදෙනා හමුවීමත් සමග සියල්ල හෙළි වෙයි

අතුරුදන් ව සිටි කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ එක්දරු මව සහ සෙසු දැරියන් දෙදෙනා ඊයේ (18) පොලීසියට බාර වීමෙන් අනතුරු ව ඔවුන් මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා රඳවා සිටි බවට මෙතෙක් සිදු කළ පරික්ෂණවල දී හෙළි වී ඇත.

අතුරුදන්ව සිටි දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා රැගෙනගිය පුද්ගලයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඊට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු ද වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර එලෙස පොලිස් භාරයට පත් වූ එක් කාන්තාවක් 84 වැනි වියේ පසුවන බව පොලීසිය සඳහන් කරයි.

අධික ශබ්දයකින් දකුණ කැළඹූ හේතුව මෙයද? මාතර අහසේ දීප්තිමත් ආකාශ වස්තුව කුමත්ද?

ඊයේ (18) රාත්‍රියේ ශ්‍රී ලංකාවේ දකුණුදිග ප්‍රදේශයට ඇසුණු විශාල ශබ්දයක් පිළිබඳ මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.


කෙසේ වෙතත් ශබ්දය ඇති වී ඇත්තේ උල්කාශ්මියක් හේතුවෙන් බවට මේ වනවිට මත පළ වෙමින් පවතී. අදාළ ශබ්දය පිළිබඳ විද්යාඥයන් මෙන්ම ආරක්ෂක අංශද විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර මාතර ප්‍රදේශ රැසක ජනතාව පවසන්නේ ඊයේ (18) රාත්‍රී අහසේ දීප්තිමත් ආකාශ වස්තුවක් බටහිර දෙස සිට නැගෙනහිර දෙසට මහා හඩක් සමග ගමන් කළ බවයි.

ඉතා වේගයෙන් පොළවට ළඟාවෙමින් දීප්තිමත් එළියක් සමග මෙම වස්තුව ගමන් කළ අතර ගිගුම් හඬක් ද නිකුත් වී ඇති බව එම ජනතාව පවසයි.

ජංගම දුරකතනවලට ඇතුළුවෙන අලුත් ‘වෛරසයෙන්’ ආරක්ෂා වෙන හැටි මෙන්න

ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතනවලට හානිකර වෛරසයක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් ඇතැයි පෙන්වා දෙන ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉන් ජංගම දුරකතනයේ ඇති තොරතුරු විකෘති කිරීමට හැකියාවක් ඇති බවයි.

ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ මෙහිදී යම් අවස්ථාවකදී ඔබගේ දුරකතනය අප්ඩේට් කිරීමට ඉල්ලා සිටින අතර එය ලබා දීමෙන් අදාළ වෛරසය ඇතුළුවී දුරකතනයේ ඇති දත්ත කියවා ගැනීමට නොහැකි වන අයුරින් වෙනස් වනු ඇති බවයි.

දකුණු පළාතේ ප්‍රදේශ රැසකට පිපිරුම් හඬක්


දකුණු පළාතේ ප්‍රදේශ රැසකට අද රාත්‍රි 9.00ට පමණ පිපිරුම් හඬක් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසා තිබේ.


මේ අතර මාතර වෙරළ ආශ්‍රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දුටු බවයි.

මංගල උත්සවයකට සහභාගී වීමට යෑයි පවසා 15 වියෑති දැරියක්‌ සමාජ ශාලාවක නැටවූ සැක පිරිස්‌ අත්අඩංගුවට

වයඹ පළාතේ ප්‍රදේශයක 15 හැවිරිදි දැරියක්‌ කොළඹ ප්‍රදේශයේ සමාජ ශාලාවකට රැගෙන විත් එහි නර්තනයේ යෙදවීම සම්බන්ධයෙන් අදාළ පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන කටයුතු ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ බලතලවලට අනුව යමින් නියාමනය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

පවුලේ හිතවතියක්‌ විසින් මෙම දැරිය මංගල උත්සවයකට සහභාගී වීමට යෑයි පවසා 2017/09/16 වැනිදා කොළඹ ප්‍රදේශයට රැගෙන විත් තිබේ. දැරිය නැවත නිවසට නොපැමිණීම පිළිබඳව ඇගේ මව විසින් 2017/09/19 වැනිදා පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පොලිසිය විමර්ශන කටයුතු අරඹා දැරිය කොළඹ ප්‍රදේශයේ සමාජ ශාලාවක සිටියදී පොලිසිය භාරයට ගෙන තිබිණි.

ගලේවෙල ගුරුවරුන්ට පාටි දාන්න ළමයිගෙන් 2000 අරන්

ගලේවෙල කලාපයේ පාසල්වලට ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබීමත් සමඟම ඇතැම් ප්‍රාථමික පාසල්වල විවිධ උත්සව සඳහා යැයි කියමින් සිසුන්ගෙන් මුදල් එකතු කිරීමට පටන් ගෙන ඇති බව පාසල් ආරංචිමාර්ග පවසයි.

ඇතැම් විදුහල්පතිවරුන් මව්පියන් ඉදිරියට දමා මෙම ක්‍රියාවලියේ යෙදෙන බව පවසයි. ගුරුවරුන් සඳහා සාද පවත්වා ඔවුන්ට තෑගිබෝග ලබාදීම හා සමූහ ඡායාරූප ලබාදීමටත් යැයි පවසමින් ශිෂ්‍යත්ව සමත් සිසුන්ගෙන් මෙම මුදල් එකතු කරන බව වාර්තාවේ.ගලේවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ප්‍රාථමික පාසලක එක් සිසුවෙකුගෙන් රුපියල් 2,000 බැගින් මේ සඳහා අයකර පසුගිය 11 වැනිදා මෙවැනි සාදයක් පැවැත්වූ බව වාර්තාවේ. මෙම මුදල් එකතු කිරීම පසුපස විවිධ අක්‍රමිකතා සිදුවෙන බව මවිපියෝ චෝදනා කරති. ඇතැම් මවුපියෝ එ් සඳහා අකමැත්තෙන් හෝ ණය තුරුසුවී මුදල් ලබා දී ඇත්තේ තම දරුවන්ට අනාගතයේදී කෙනෙහෙලිකම් සිදු වේ යැයි උපකල්පනය කිරිම නිසා බව මේ පිළිබඳව අදහස් දැක්වූ මව්පියෝ කිහිපදෙනෙක් පැවසූහ.

ලසිත් මාලිංග සහ උපුත් තරංග ඉවත්වෙයි

ලබන 29 වෙනි දින පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නායක උපුල් තරංග හෝ හිටපු නායක ලසිත් මාලිංග සහභාගි නොවන බව අනාවරණය වේ.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද පාකිස්තාන සංචාරයට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි කණ්ඩායමේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

2009 මාර්තු මාසයේ දී ගඩාෆි ක්‍රීඩාංගණය ආසන්නයේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක යෙදෙන ප්‍රථම වතාව මෙයය.

හිතේ දුක වහගන්න නෙළුම් පොකුණට සුදු සාරියක් ඇදගෙන ශලනි ආපු හැටි

පසුගියදා සියදිවි නසා ගනිමින් මොලොව හැරගිය යොවුන් රංගන ශිල්පී දසුන් නිෂාන් ගැන සමාජයේ බොහෝ දෙනා කතා වුණා.කඩවසම් යොවුන් රංගන ශිල්පියෙකු ලෙස රසික හිත් දානාගෙන සිටි දසුන්ගේ මරණය වැඩි වශයෙන් කතාබහට ලක්වුනේ මේ මරණය සිදුවුනේ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් කියලා ආරංචි වීමත් සමග.

දසුන් මේ විදියට සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන ශලනි තාරකා එක්ක.දසුන්ගේ මරණයත් එක්ක ගොඩක් අය ශලනිට චෝදනා කළා.

ප්ලේන් එකේ සිගරට් බීලා මහින්ද පැය හයක් අත්අඩංගුවේ

මේ දිනවල රුසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ සමුලුවට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසෙන් එක් අයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබදව වාර්තා වේ.

රැකියාවකට විදෙස්ගත වන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු මෙන්න

ජපානයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචා කළ බවට චෝදනා ලද කාන්තාවක සිය ආයතනයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙතෙක් කරන ලද විශාලතම වැටලීම බව එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ. අදාළ කාන්තාව ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයන් 50 අධික පිරිසකගෙන් මුදල් ලබා ගෙන ඇති බව පවසන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පොරොන්දු වූ පරිදි එම රැකියා නොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පසුගිය 13 වෙනිදා පැමිණිල්ලක් ලැබුණු බව සඳහන් කරයි. ඒ අනුව දියත් කළ රහසිගත විමර්ශනයකින් අනතුරුව 14 වෙනිදා කඩවතදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

මවගේ කැමැත්ත පරිදි බාලවයස්‌ දැරිය කෙළෙසූ තරුණයා අත්අඩංගුවට

වයස අවුරුදු 12 ක බාල වයස්‌කාර පාසල් සිසුවියකට දැරියගේ මවගේ කැමැත්ත මත රැගෙන ගොස්‌ දූෂණය කරන ලද 19 හැවිරිදි තරුණයකු සහ එම දැරිය මහවැව පහළකුඩාවැව සුසාන මාවතේ නිවසක සිsටියදී පසුගියදා හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරීක්‍ෂාව සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර දැරියගේ ආච්චි අම්මා යන අයගේ භාරයේ නේවාසිකව ගත කර ඇත.

ලිංගිකව එක්වීමෙන් ඇත්තටම ඔබට මොකද වෙන්නේ?

ඇත්තටම මොකද වෙන්නේ ලිංගිකව එකතු වුනහම? ඔබ දෙදෙනා තෘප්තිමත් වෙන එක විතරද? උත්තරය එහෙම නෙමෙයි කියන එක. ලිංගිකව එකතු වෙන එකෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවා වගේම තමයි තවත් ගොඩාක් වාසි සහගත දේවල් ඔබට ලැබෙනවා. දැනගන්න කැමතිද ඒ මොනදවද කියලා?

තරුණ බව රැකදෙනවා

ලිංගිකව හැසිරීමෙන් ආතතිය අඩු වෙනවා. මනස තෘප්තිමත් වෙනවා. ඉතා හොඳින් නින්ද යනවා. ඉතින් මේ හේතු නිසා, ලිංගිකව එක්වීම තුලින් ඔබගේ තරුණ පෙනුම රැකෙනවා කියලයි කියන්නේ. මේය විද්‍යාඥයින් විසින් සනාත කර ඇති කරුණක්.

අහක යන අඹ ගෙඩියක් කැඩූ වරදට වයසක මවක් වතුර උගුරක්වත් නොදී පැය 24 ක් පොලිස් කූඩුවේ සිර කරලා

තනිවම නිවසක ජීවත්වන තමන් අඹ මාලුවක් කෑම සඳහා අසල නිවසක පාරට බර වූ අත්තකින් අඹ ගෙඩි තුනක් කඩාගත් වරදටතමන් පොලීසියට කැඳවා පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව බීමට වතුර පොදක් හෝ නොදීපැය 24 ක් පොලීසියේ සිර කර තැබූ බවට අනුරාධපුර පදිංචි වයෝවෘද්ධ කාන්තාවක් චෝදනා කරයි.


64 හැවිරිදි ඒ.ලලිතා නමැති එම කාන්තාව තමන්ට මුහුණදීමට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින්,

ලංකාවේ බැංකුවල පරිගණක ජාල ආරක්ෂාව අනතුරේ ?

මෙරට බැංකුවල පරිගණක පද්ධති තුළට ද හැකරුන්ට (hackers) රිංගා ගැනීමට හැකියාවන් ඇති බවට වන සැකයක් නිසා බැංකු ආරක්ෂක අංශ සීරුවෙන් සිටින බව වාර්තා වේ.

බැංකු පරිගණක පද්ධතිවල ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ බැංකු ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැති වැඩමුළුවකදී ලංකාවේ බැංකු පද්ධතියට සයිබර් ප්‍රහාරයක් දිය හැකි බව පෙන්වීමට ආචාර්යධර්මීය හැකරුන් (ethical hackers) පෙන්වාදී තිබේ.

පිටිදූවේ සිරිධම්ම හිමියෝ මල්වතු පාර්ශ්වයෙන් සමාව ඉල්ලති

තමන්වහන්සේ වදාළ ප්‍රකාශ හේතුවෙන් විටදි මල්වතු මහා නායක හිමිවරුන්ට හා මල්වතු පාර්ශ්වයට යම් අපහසුතාවයක් ඇතිවූවනම් ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටින බව පුජ්‍ය පිටදූවේ සිරිධම්ම හිමියෝ පැවැසූහ.

ඒ ඊයේ (15) පස්වරුවේදි මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍යය දිඹුලකුඹුරේ විමලධම්ම හිමියන් ඇතුළු මල්වතු පාර්ශ්වීය කාරඛ සංඝ සභාව ඉදිරියේදීය.