පසුගියදා සියදිවි නසා ගනිමින් මොලොව හැරගිය යොවුන් රංගන ශිල්පී දසුන් නිෂාන් ගැන සමාජයේ බොහෝ දෙනා කතා වුණා.කඩවසම් යොවුන් රංගන ශිල්පියෙකු ලෙස රසික හිත් දානාගෙන සිටි දසුන්ගේ මරණය වැඩි වශයෙන් කතාබහට ලක්වුනේ මේ මරණය සිදුවුනේ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් කියලා ආරංචි වීමත් සමග.
දසුන් මේ විදියට සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන ශලනි තාරකා එක්ක.දසුන්ගේ මරණයත් එක්ක ගොඩක් අය ශලනිට චෝදනා කළා.
කොහොම වුණත් මේ ගැන තවමත් කිසිම මාධ්‍යකට ප්‍රකාශයක් දීලා නැති ශලනි පසුගියදා කොලඹ නෙළුම් පොකුණ රඟහලේදී තිබුණ සිග්නීස් ටෙලි සම්මාන උළේලට එක්වෙලා හිටියා.
මේ සිද්ධීන් නිසාම ගොඩක් අයගේ අවධානය යොමුවෙලා කිබුණේ ශලනි දිහාවට.තවත් විශේෂ කාරණාවක් තිබුණා.ශලනි මේ සම්මාන උළේලට ඇවිත් තිබුණේ සුදු වතින් සැරසිලා.ඇය රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යක්ද මෙහිදී ඇගයීමට ලක්වුණා.