BREAKING NEWS
latest

728x90

468x60

සිංහලේ හාමුදුරුවෝ අත්අඩංගුවට

මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි නිවස ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අරඹේපොල රතනසාර නමින් පෙනී සිටි චීවරධාරියෙක් අද පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

ඒ, නුවර සිට බස් රථයකින් පැමිණෙමින් සිටියදී නිට්ටඹූවේ දීය. සැකකාර පුද්ගලයා පොලිසිය මඟ හරිමින් සැඟව සිටියේය.

ඔහු සතුව තිබී හැඳුනුම්පත් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස්පතිට ලැබුණු තොරතුරකට අනුව හිමි නම අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

ඉන් එකක නම තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර නමින් ඇති අතර 2017 07 05 වන දින ලියාපදිංචි කොට තිබෙනවා..

අනෙක් හැඳුනුම්පතේ අරඹේපොල රත්නසාර හිමි නමින් ඇති අතර එය 2011.12.09 වන දිනයි ලියා පදිංචි කොට ඇත්තේ. ඒ අනුව මෙම පුද්ගලයා මේ වනවිට ස්වාමින්වහන්සේ කෙනෙක් වශයෙන් පෙනී සිටියාට එසේ නොවන බව සනාථ වී අති බවයි වාර්තා වන්නේ.

පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ මුහුදු තීරයේ පාවෙමින් තිබූ බෝට්ටුවක සිටියදී රෝහින්ග්‍යා සරණාගතයන් 30 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දෙනු ලැබීය.

ඉන් අනතුරුව අධිකරණය විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර කරනු ලැබූ එම පිරිස වෙනත් රටවලට පිටත් කරන තුරු ගල්කිස්සේ නිවාසයක රඳවා සිටියහ.

ඒ අතර “නීති විරෝධී මියන්මාර ත්‍රස්තවාදීන් පිරිසක්” රැඳී සිටින බව පවසමින් භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් පසුගිය සැප්තැම්බර් මස 26 වෙනි දින උද්ඝෝෂකයන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් තාවකාලිකව එතනින් ඉවත් කිරීමට පොලිසියට සිදු විය.

ඉන් අනතුරුව එදිනම සවස් යාමයේ පොලිසිය විසින් සරණාගතයන් පිරිස යළිත් එම නිවසට රැගෙන ආ අවස්ථාවේ උද්ඝෝෂකයන් යළිත් වරක් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම හේතුවෙන් සරණාගතයන් පිරිස බූස්සේ රැඳවුම් කඳවුර වෙත රැගෙන යාමට පොලිසියට සිදුවිය.





« PREV
NEXT »

Facebook Comments APPID