BREAKING NEWS
latest

728x90

468x60

අධික ශබ්දයකින් දකුණ කැළඹූ හේතුව මෙයද? මාතර අහසේ දීප්තිමත් ආකාශ වස්තුව කුමත්ද?

ඊයේ (18) රාත්‍රියේ ශ්‍රී ලංකාවේ දකුණුදිග ප්‍රදේශයට ඇසුණු විශාල ශබ්දයක් පිළිබඳ මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.


කෙසේ වෙතත් ශබ්දය ඇති වී ඇත්තේ උල්කාශ්මියක් හේතුවෙන් බවට මේ වනවිට මත පළ වෙමින් පවතී. අදාළ ශබ්දය පිළිබඳ විද්යාඥයන් මෙන්ම ආරක්ෂක අංශද විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර මාතර ප්‍රදේශ රැසක ජනතාව පවසන්නේ ඊයේ (18) රාත්‍රී අහසේ දීප්තිමත් ආකාශ වස්තුවක් බටහිර දෙස සිට නැගෙනහිර දෙසට මහා හඩක් සමග ගමන් කළ බවයි.

ඉතා වේගයෙන් පොළවට ළඟාවෙමින් දීප්තිමත් එළියක් සමග මෙම වස්තුව ගමන් කළ අතර ගිගුම් හඬක් ද නිකුත් වී ඇති බව එම ජනතාව පවසයි.

සමාන්‍යයෙන් තරුවක් කඩා වැටෙනු ජනතාව මීට පෙර දැක ඇති අතර මෙය ඊට වඩා වැඩි බවත්, ගිගුම් හඬක් නිකුත් වීමත් මෙහි ඇති විශේෂත්වයක් බවත් ඔවුන් සඳහන් කරයි.

මෙම ආකාශ වස්තුව කඩා වැටුණු ස්ථානය සම්බන්ධව නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති අතර රාත්‍රී 08.35 ට පමණ මෙම සිද්ධිය සිදු ව ඇති බව වාර්තා වේ.

මේ අතර තාරකා දෙකක් අධික වේගයකින් ගැටීම හේතුවෙන් විශ්වයම සෙලවීමකට ලක් ව ඇති බව නාසා ආයතන තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ ස්ථාපිත ලිගෝ නම් වූ අධිබල දුරේක්ෂක ආයතනයේ අදාළ ගැටීම සටහන් ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත. අදාළ තාරකා ඝට්ටනය පෘථිවියට ආලෝක වර්ෂ 130 ක් ඈතින් සිදු ව ඇති බව වාර්තා වේ.

එහි විෂ්කම්භය සැතපුම් 12ක් බවයි නාසා ආයතන වැඩිදුරටත් වාර්තා කර ඇත. අදාළ ඝට්ටනයත් සමග විශ්වය පුරා ගුරුත්වාකර්ෂණ තරංග පහත වැටී ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

නාසා ආයතනයේ පර්ට් අජටාකාශ දුරේක්ෂයේ මෙම ගැටීමෙන් ගැමා කිරණ නිකුත් වී ඇති බව ද සටහන් ව තිබෙන බව වාර්තා වේ.

තාරකා දෙකේ ගැටීම හේතුවෙන් ඉදිරියේ විශ්වයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට අනාවැකි පළ ව ඇති අතර නාසා ආයතන විසින් ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID