BREAKING NEWS
latest

728x90

468x60

ඇන්ජලෝ මැතිව්ස්ගේ එංගලන්තයේ නිවසක් ඇති බව කී පුවත අමු බොරුවක්

පසුගිය දිනවල ගොසිප් වෙබ් අඩවි වල ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තරඟ පාවා දීමේ සිද්ධීන් වලට සම්බන්ධ බවයි. එමෙන්ම එම තරඟ පාවා දීමේ සිදුවීම් වලට සම්බන්ධ වී එයින් උපයා ගත් මුදල් වලින් එංගලන්තයේ කෝටි 32ක සුපිරි නිවෙසක් මිලදී ගත් බවටත් විවිධ තොරතුරු ඉදිරිපත් කරමින් වාර්තා කර තිබුනා.

මේ පිළිබඳව වාර්තා වීමත් සමග එය සොයා බැලීමට තීරණය කිරීමත් සමග සියලු විස්තර එංගලන්තයේ ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් ලබා ගෙන තිබෙනවා.
එයට අදාල තහවුරු කිරීමේ ලේඛනය පහතින් දැක්වෙනවා.

අපේ රට කතෘ සටහන : මෙවැනි වූ ව්‍යාජ මඩ ප්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද..? අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී තිබෙන අවස්ථාවක ක්‍රීඩකයන්ගේ මානසිකව පීඩනයකට ලක් කර, ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිඳ දැමීමට කටයුතු කරන්නේ ඇයි..? එබැවින් එම දේවල් ගනවත් සිතා අඩුම ගානේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගැනවත් සිතා මෙවැනි දේවල් මින් මතුවට සිදු නොකරන ලෙස අප ඉල්ලීමක් කරනවා.

එමෙන්ම අපට වාර්තා වන ආකරයට මෙවැනි වූ අසත්‍ය මත පතුරන්නන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වෙනවා.
ඔබටද අවශ්‍ය නම් මෙම වෙබ් ලිපිනයෙන් ගොස් විස්තර ලබා ගත හැකිය. : www.landregistrydocuments.co.uk
එංගලන්තයේ ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් ලබා දුන් විස්තර.

LandRegistryDocuments.co.uk
Thanks for your email.

I want to verify this document which is annexed herewith in respect of the searched property. This document is represented to be in respect of No 70, Abbotsbury Rd, Kensington. Can you please verify the accuracy of this document.



« PREV
NEXT »

Facebook Comments APPID