BREAKING NEWS
latest

728x90

468x60

අතුරුන් වූ තරුණියන් තිදෙනා හමුවීමත් සමග සියල්ල හෙළි වෙයි

අතුරුදන් ව සිටි කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ එක්දරු මව සහ සෙසු දැරියන් දෙදෙනා ඊයේ (18) පොලීසියට බාර වීමෙන් අනතුරු ව ඔවුන් මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා රඳවා සිටි බවට මෙතෙක් සිදු කළ පරික්ෂණවල දී හෙළි වී ඇත.

අතුරුදන්ව සිටි දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා රැගෙනගිය පුද්ගලයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඊට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු ද වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර එලෙස පොලිස් භාරයට පත් වූ එක් කාන්තාවක් 84 වැනි වියේ පසුවන බව පොලීසිය සඳහන් කරයි.

මෙම එක්දරු මව සහ දැරියන් අතුරුදන් ව සිටියේ ඉකුත් 14 වැනි දා සිට ය. ඒ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථාන වෙත ඥාතීන් පැමිණිලි කළ අතර තොරතුරු ලබාදීම සඳහා ඔවුන් දුරකතන අංක ද ලබා දී ඇත.

හෝකන්දර ප්‍රදේශයේ දී එම තරුණියන් ආහාර ලබා ගැනීම සඳහා වෙලඳසැලකට යනු දුටු බවට 17 වැනි දා පස්වරුවේ එම අංකයකට පුද්ගලයෙකු ඇමතුමක් ලබා දී තිබේ.

ඒ අනුව ඥාතින් පොලීසියට ද දැනුම් දී එම ප්‍රදේශයට ගොස් තිබුනේ අතුරුදන් වූ තුන්දෙනා පිළිබඳ සොයා බැලිමේ අරමුණින් ය.

රාත්‍රිය වනතෙක් එම ස්ථානයට පොලීසිය නොපැමිණීම හේතුවෙන් තරුණියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසින් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබේ.

ඒ අතරතුර අතුරුදන් ව සිටි 15 හැවිරිදි දැරියගේ පෙම්වතා බව කියන 17 හැවිරිදි තරුණයෙකුගෙන් වැල්ලම්පිටිය පොලිසිය ප්‍රශ්න කර තිබේ.

කෙසේ වෙතත් අතුරුදන් ව සිටි 19 හැවිරිදි එක්දරු මව සහ 15 හැවිරිදි දැරිය අද (18) පෙරවරුවේ වැල්ලම්පිටිය පොලිසියට පැමිණ භාර වී තිබේ.

අනතුරුව එක්දරු මව සහ එම දැරියගේ පෙම්වතා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාව වනවිට 14 හැවිරිදි අනෙක් දැරිය පිළිබඳ තොරතුරක් වාර්තා වී නොතිබුණි.

පැය කිහිපයකට පසු ඇය කාන්තාවක් සමග පැමිණ භාර වී තිබුණේ ගම්පහ පොලීසියට ය. දැරිය රඳවා ගැනීමේ චෝදනාව මත එම කාන්තාව ද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබී ය.

පොලිස් භාරයට ගැනීමෙන් පසු ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ දෙමව්පියන්ගෙන් එල්ලවන හිරිහැර හේතුවෙන් තමන් ගම්පහ ප්‍රදේශයට පැමිණි බවයි. එහි දී 14 හැවිරිදි දැරිය රඳවාගෙන සිටි කාන්තාව හමු වූ බවත්, අනතුරු ව ඇයගේ නිවසට ගිය බවත්, ඔවුන් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මාධ්‍ය මගින් මේ පිළිබඳ තොරතුරු අනාවරණවීමෙන් අනතුරු ව 19 හැවිරිදි එක්දරු මව සහ 15 හැවිරිදි දැරිය අදාළ කාන්තාව එම නිවසින් පිටත් කර යවා තිබේ.

ඇය 14 හැවිරිදි දැරිය ගම්පහ අඹගහලන්ද ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයට යවා තිබුණේ ඉන් අනතුරු ව ය. පසුව වැල්ලම්පිටිය පොලිසියට භාර වු 15 හැවිරිදි දැරිය සහ ගම්පහ පොලීසියට භාර වු 14 දැරිය අත්අඩංගුවට ගත් අනෙක් කාන්තාව සමග ඔවුන් මෙහෙකාර සේවයේ යොදවා තිබු බවට පැවසෙන 84 හැවිරිදි කාන්තාවගේ නිවසට රැගෙනවිත් තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය තවදුරටත් විමර්ශණය කරන අතර 14 හැවිරිදි දැරිය මෙහෙකාර සේවය සඳහා භාර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ක්‍රියාත්මකයි.
« PREV
NEXT »

Facebook Comments APPID