BREAKING NEWS
latest

728x90

468x60

පිටිදූවේ සිරිධම්ම හිමියෝ මල්වතු පාර්ශ්වයෙන් සමාව ඉල්ලති

තමන්වහන්සේ වදාළ ප්‍රකාශ හේතුවෙන් විටදි මල්වතු මහා නායක හිමිවරුන්ට හා මල්වතු පාර්ශ්වයට යම් අපහසුතාවයක් ඇතිවූවනම් ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටින බව පුජ්‍ය පිටදූවේ සිරිධම්ම හිමියෝ පැවැසූහ.

ඒ ඊයේ (15) පස්වරුවේදි මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍යය දිඹුලකුඹුරේ විමලධම්ම හිමියන් ඇතුළු මල්වතු පාර්ශ්වීය කාරඛ සංඝ සභාව ඉදිරියේදීය.


මල්වතු පාර්ශ්වයට අපහාස වන අයුරින් ප්‍රකාශ කර තිබීම හේතුවෙන් පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයෙන් ඉවත් කිරීමට මල්වතු පාර්ශ්වීය කාරඛ සංඝ සභාව තීරණයක් ගෙන ඇති අවස්ථාවේදීය.

“යම් අයුරකින් මා අතින් ප්‍රකාශ සිදු කරන විටදි මල්වතු මහා නායක හිමිවරුන්ට හා මල්වතු පාර්ශවයට යම් අපහසුතාවයක් ඇතිවුවනම් ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටිනවා. මට සමාව ගන්න ලැජ්ජාවක් නෑ. මම කිසිම තැනක නමක් සඳහන් කරල දළදා වහන්සේට අපහාස කරල නෑ.”

එහිදි මල්වතු මහානායක හිමියන් ඇතුළු කාරඛ සංඝ සභාව පැවැසුවේ වාචිකව පමණක් සමාව ඉල්ලා සිටීම ප්‍රමාණවත් නොවන බවත් එය ලිඛිතව ලබා දෙන ලෙසත්ය.

මල්වතු මහානායක හිමියන් වදාළේ පළමු හා දෙවැනි අවස්ථාවේදී සමාව දුන්නත් තෙවැනි අවස්ථාවේදි සමාව නොදෙන බවත්ය. එසේම ජිවිතය සාර්ථක කර ගැනීම සඳහා මහානායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා ලබාගන්නා ලෙසත් උන්වහන්සේ සිරිධම්ම හිමියන්ට පැවැසූහ.


« PREV
NEXT »

Facebook Comments APPID