Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily Sinhala, Hiru gossip, Neth gossip, celebrity English gossip, and much more on gossip99.com

test

BREAKING NEWS

රිතූ ආකර්ශා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නිළියක්. ඒ වගේම තමයි ඇය මේ වනවිට නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා.

ශ්‍රී දේවිගේ අභාවයෙන් කම්පනයට පත් කපූර් පවුලේ වැඩිමහල් දියණියවන ජාන්වි කපූර් සිය මවගේ නික්ම යාම සම්බන්ධයයෙන් ඉතාමත් වේදනාකාරී සටහනක් තබා තිබුණා.

එහිදී ඇය සියල්ලන්ගේ ඉල්ලා සිටින්නේ තම මව පියා සම්බන්ධයෙන් ගෞරවාන්විතව ක්‍රියා කරන ලසටයි.

බොහෝ දෙනා සංවේදීත්වයට පත් කළ එම සටහන පහතින්…

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. කසුන් හා ඔහුගේ බිරිද පුද්ගලයෙකුට පහර දුන්නේ යයි ලද පැමිණිිල්ලක් මත තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



මන්ත‍්‍රීවරයා හා ඔහුගේ බිරිද විසින් මෙසේ පහර දී ඇත්තේ පුද්ගලික බස් රථ රියදුරෙකුටයි.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි.

වහලය සෙවිලිකිරීමේ පෙරළිකාර නිෂ්පාදනයක් ලෙස අයිඩියා සමූහ ව්‍යාපාරය (Idea Group) මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වාදුන් i-Roof විදෙස් වෙළෙඳපොල ජය ගනිමින් තම ප‍්‍රථම නිෂ්පාදන තොගය පසුගියදා අපනයනය කෙරුණි.

ඉන්දියාවේ බැංගලෝර් හි ප‍්‍රධාන ගොඩනැගිළි ද්‍රව්‍ය සමාගමක් වෙත අපනයනය කෙරෙන පළමු i-Roof තොගය පසුගිය පෙබරවාරී මස මුල් සතියේදී නැව්ගත කෙරුණි. තවත් විදේශ රටවල් කිහිපයකටම ඉදිරි මාස කිහිපයේදී i-Roof අපනයනය කෙරෙණු ඇත. i-Roof සඳහා දැනට ඇණවුම් ලැබී ඇති සෙසු විදේශීය රටවල් වන්නේ බංග්ලාදේශය, ඝානා, මලාවි, මැඩගස්කරය හා ඊජිප්තුවය. 

අපේ සිනමාවේ පුවත් මැවූ චරිතයක් විදිහට අනර්කලී ආකර්ෂා හදුන්වන්න පුළුවන්.

ඇය රංගන ශිල්පිණියක් වගේම නිවේදිකාවක් විදිහටත් කටයුතු කළා.

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අවහිර වීම නිසා ඒවාට තදින් ඇබ්බැහි වී සිටි පුද්ගලයන් තුළ; විශේෂයෙන් තරුණ තරුණියන් තුළ නොසන්සුන් හා කලබලකාරී ලක්ෂණ (anxiety symptoms) පහසුවෙන් ඇතිවිය හැකි යැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් ප්‍රකාශ කරයි.

පෙට්‍රල් බෝම්බ, කඩු, යකඩ පොලු ඇතුළු ආයුධ තොගයක්‌ සමඟ තරුණයන් දහඅට දෙනකු (18) අලවතුගොඩ ප්‍රදේශයේ ආගමික මධ්‍යස්‌ථානයක සැඟවී සිටියදී පොලිසිය මගින් ඊයේ (08 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් ආයුධ අතර විශාල ප්‍රමාණයේ පෙට්‍රල් බෝම්බ 6 ක්‌ තිබූ බව පොලිසිය පවසයි.

මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානිවූ පූජනීය ස්ථාන හා නිවාස එළඹෙන වෙසක් පුන් පොහෝ දිනට පෙර ප්‍රතිසංස්කරණය කර හිමිකරුවන්ට බාරදෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ සේනනායක මහතා මේබව ප්‍රකාශ කළේය.

විනාශවී ඇති සියලු ගොඩනැගිලි යතා තත්ත්වයට පත් කිරීම සඳහා ජනපති කාර්යාලයෙන් ඊට අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජනපති උපදෙස් මත ත්‍රිවිධ හමුදාවේ මෙහෙය වීමෙන් අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, මෙවර වෙසක් පුන් පොහෝ දිනය එළඹෙන අප්‍රේල් මස 29 දිනට පෙර විනාශවී ඇති සියලු ගොඩනැගිලි යතා තත්ත්වයට පත් කිරීම ඔස්සේ හැමෝටම එකට එකතුවී පෙර සේ වෙසක් සමරන්නට හැකියාව ලැබෙතැයි තමන් විශ්වාස කරන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මහනුවර ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය මෙහෙයවූ බව කියන පුද්ගලයන් 10ක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ජාතිවාදී ගින්නකට මුල් පියවර තබමින් පසුගියදා අම්පාරේ හෝටලයක් ගිනිබත් කරන්නට මුල්වූ කොත්තු මස් හොද්දක තිබූ ගුලිය පිළිබඳ රස පරීක්ෂක වාර්තාව දැන් එළිදැක තිබෙන අතර එහි සඳහන් වන්නේ ‘පිෂ්ඨය සහිත ආහාර කොටසක්‘ පමණක් එම ගුලියේ අඩංගු වන බවයි.



ඒ අනුව මේ තරම් කලබලයක් ඇති කරන්නට පිරිසක් මුග්ධ ලෙස ක්‍රියා කර ඇත්තේ පිටි ගුලියකට බව පෙනී යයි. රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතාගේ සහතිකයෙන් යුතුව පොලිසියට දන්වා යවන ලද වාර්තාවේ මෙම නිගමනය සටහන්ව ඇති බව වාර්තා විය.


එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන්  පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.


මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය වෙත ඊයේ (07දා) පස්වරු 4.00 සිට අද (08දා) පස්වරු 4.00 දක්වා යළිත් වරක් පොලිස් ඇඳිරි නිතිය ක්‍රියාත්මක කර තිබේ.

නිවෙස් තුළ ඉන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය පනවා ඇති හෙයින් සාමකාමීව නිවෙස් තුළ රැඳී සිටින්නයි රජය විශේෂ නිවේදනයකින් පවසයි. 

සමාජ ජාලා පිවිසුම සීමා කිරීමට රජය තීරණය කර ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත්වීම වැළැක්වීමට මෙම තීරණය ගත් බව ඔහු එහිදී සඳහන් කළේය.

කෙසේ වුවද මේ වන විට මෙරට තුළ Facebook ඇතුළු සමාජජාල රැසකට පිවිසීම අවහිර කර තිබේ. ඇවිළෙමින් පවතින්නේ ජාතිවාදයකි.1983 දීත් දෙමළ කඩවල් ගිනි තබා ප්‍රභාකරන්ලා සහ දශක තුනක යුද්ධයක් නිර්මාණය කරවූයේද මෙම නිරර්ථක ජාතිවාදයයි. මෙවන් අවස්ථාවක තමන්ගේ ජාතික කැක්කුම පෙන්වන්නට ඉදිරිපත්වන ඉතිහාසයේ පාඩම් නොදන්නා සිංහල හෝ මුස්ලිම් දෙපිරිසම අඳුරේ හෙළාගන්නේ තමන්ගේත් තම දරුවන්ගේත් අනාගතයයි.

පසුගිය දින කිහිපයේ සිට දිවයිනේ පවතින ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සිය කනස්සල්ල හා විරෝධය පළ කර තිබේ.

අතුරුගිරිය පොලිස්‌ බල ප්‍රදේශයේ බාල වයස්‌කාර පාසල් වයසේ සිසුවියක්‌ තරුණයන් දෙදෙනකු සමඟ එකට පවුල් ජීවිතයක්‌ ගත කරමින් අපරාධ රැසක්‌ සිදුකර ඇති බවට පොලිසිය පවසයි.

මෙම සිසුවිය සහ එක්‌ අනියම් සැමියකු පොලිසිය මඟින් 05 දා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් සිසුවිය හෙරොයින් භාවිතයට තදින්ම ඇබ්බැහි වී ඇති අතර ගංජා සහ මත්පෙති ද පානය කරන බව පොලිසිය සිදුකළ මූලික විමර්ශන තුළින් හෙළි වී තිබිණි.

2018 පෙබරවාරි 02 දා මෙම සිසුවිය තම ජංගම දුරකථනය උපයෝගී කර ගනිමින් ගොඩගම ප්‍රදේශයේ 51 හැවිරිදි ව්‍යාපාරිකයකුට අමතා තමන් ඔහුට දැඩි ලෙස ආදරය කරන බවත් එම අසීමිත ආදරය දරාගත නොහැකි බවත් තමන් සමඟ ඇසුරක්‌ පැවැත්වීමට හැකි ඉක්‌මනින්ම පැමිණෙන ලෙසත් දැඩි ලෙස ආයාචනා කර ඇත. අතුරුගිරිය වල්ගම ප්‍රදේශයේ කුලියට කාමර සපයන හෝටලයක නමක්‌ පවසා එතැනට එන ලෙසත් එහිදී හමුවෙමු කියාත් ඇය පවසා ඇත.

ලස්සන වෙන්න ගෑනූ ළමයි නොකරන දෙයක් නෑ..ඒ වෙනුවෙන් මුදල්, කාලය, ශ්‍රමය මේ හැමදේම වියදම් කරනවා.


මේ අතර ලස්සන වෙන්න කියලා හිතාගෙන කරන ඇතැම් ප්‍රතිකාර නිසා තිබුණු ලස්සනත් සදහටම අහිමි කර ගත්ත පිරිසකුත් ඉන්නවා.

කෙහොම හරි කමක් නෑ ලස්සන වෙන්න හීන මවන තරුණියන්ට පසුගිය දිනක සුරූපී බොලිවුඩ් නිළි සෝනම් කපූර් විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර තිබුණා.

ඒ මෙන්න මේ විදිහට…


බොලිවුඩයේ සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් තවමත් විවිධ තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව ශ්‍රී දේවිගේ ප්‍රථම කසාදයේ ස්වාමියා වූ සිනමා නළු මිතුන් චක්‍රබෝර්ති ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් සැක කරන බවත් ඇය සිය දිවි නසා ගැනීමට තරම් අධෛර්ය කාන්තාවක් නොවන බවත් පවසා තිබුණා.
ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්න කියලත් ඔහු ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.



මිතුන් චක්‍රබෝර්ති එසේ පවසද්දී මුම්බායි නුවරින් තවත් අළුත් තොරතුරක් වාර්තා වනවා. ඒ ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය වන ජානවිගේ පෙම්වතා සම්බන්ධයෙන් වූ පුවතයි. ඇය සිය සහෝදරයෙකු සමග ඇති කර ගත් පෙම් සම්බන්ධතාවය හේතුවෙන් ශ්‍රී දේවි දැඩි ලෙස මානසීක පීඩාවට පත් වූ බවත් ඉන් මිදීම සඳහා ඇය මත්පැන් පානයට හුරු වූ බවත් සඳහන්.


ජනප්‍රිය නළු කුමාර තිරිමාදුරගේ හිස මතට ටවර් රඟහල් වේදිකාවේ වහලය කඩා වැටී ඔහුගේ ජීවිතය අනූනවයෙන් බේරී ඇත.

පසුගිය ඉරිදා (4දා) සවස ස්වාධීන රූපවාහිනියේ සුබ සාධක සංගමයට ආධාර පිණිස සුනිල් ශ්‍රීගේ "අං ආවෝ" නාට්‍යය වේදිකාගත වී තිබේ. එහි 6.30 දර්ශනයේ කුමාර තිරිමාදුර මිය යන ජවනිකාවක් තිබෙන අතර එම ජවනිකාව සඳහා කුමාර වේදිකාව මත වැතිර සිටින විටදී වහලය කඩා වැටී තිබේ. තත්පර ගණනක එහා මෙහා වීමකින් මෙම අහඹු සිදුවීමෙන් කුමාර බේරී ඇත්තේ හාස්කමකිනි.

හැම ගහකටම කොට කොටා යන කොට්ටෝරුවාට වරදින්නේත් කෙසෙල් ගහකට කොටපු දවසට යනුවෙන් කියමනක් ගැමි වහරේ තිබේ.

ඒ අයුරින් හැම ගහටම කොට කොටා ගිහින් වැරදුණු විවිධාකාර මිනිසුන් ගැනද සමාජයේ නොයෙක් කතාබහ තිබේ.

වැරදුණු තැනකදී බොහෝ දෙනකු තෝරා ගන්නේ නීතිය රකින ‍පොලිසිය වෙත යාමටය. නීතිය රකින තැනටත් යන එන අයට වරදින අවස්ථාද අනන්තවත් අසන්නට ලැබෙන්නේ ඒවායේත් සිටින අනංග චරිත නිසාය.

එවන් අනංගයන්ගෙන් නිදහස් විය නොහැකිව තම අසරණකම වෙනුවෙන් යහන්ගත වන තරුණියන් මෙන්ම කාන්තාවන්ගේ ශෝකාන්තයන් නිතරම අසන්නට ලැබේ.

වර්තමානයේ ටෙලි නාට්‍ය තුල ඉතා ජනප්‍රිය තරුණ නිළියක් තමයි රිතූ ආකර්ෂා කියන්නේ. රිතූ ආකර්ෂා විවාහ වූ බවට පැතිරෙන කටකතාවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

කේරල ගංජා, සහ මදන මෝදක ගුලි රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 62ක් ගතවු දෙදින තුළ අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි.

සතිඅන්ත නිවාඩුවට ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන තරුණයන් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිළධාරින් හා හැටන් පොලිස් නිළ සුනඛ කොටිඨාශයේ කෝරා සුණඛයාගේ සහයෝගය මත වටවල දියගල ප‍්‍රදේශයේදී සිදුකරයි.

සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් අවුරුදු 20 – 30 වයස් කණ්ඩවල පසුවන තරුණයන් බවත් ඔහුන් ගාල්ල, මාතර, ගමිපහ, කොළඹ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් 39ක් පසුගිය (03) හැටන් වැඩබලන මහේස්ත‍්‍රාත් එස. කරුණාකරන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් අද (05) දින හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් පුද්ගලික ඇප කර මත මුදාහැර ඇත.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමේදී මත්ද්‍රව්‍ය රැගෙන නොයන ලෙස පොලීසිය වන්දනාකරුවන්ව දැනුවත් කරයි.

එයට පටහැනිව ක්‍රියා කරන අය අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් දුම්රියස්ථානය, වටවල දියගල පොලිස් මාර්ග බාධකය, ගිනිගත්හේන මාවුස්සාකැලේ පොලිස් මුරපොළ, නෝටන්බ්‍රීජ් පොලිසිය, නොර්වුඩ් පොලීසිය සහ නල්ලතන්නිය යන පොලිස් බල ප‍්‍රදේශවල මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂයෙන් පුහුණූ කරන ලද පොලිස් නිළධාරීන් නිළ ඇදුමින් සහ සිවිල් ඇදුමින් දිවා රාත්‍රී දෙකෙහිම රාජකාරියේ යොදවා ඇති බව හැටන් පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය මහතා පවසයි.

මෙවැනි වැටලීම් ශ්‍රී පාද වන්දනා සමය අවසන් වනතෙක් සිදු කිරීමට පොලිසිය සැලසුමි කර ඇත.

දැනට දෙවැනි මහත්තයා ළඟ තියෙන නීතිය සාමය කතන්දරේ වැඩ කටයුතුත් උඩරට පළාතෙන් ආපු මහත්තයෙකුට පවරන්න යෝජනා වුණා...

මේ උඩරට මහත්තයා නීතීඥයෙක් වගේම දියවන්නා සභාවෙත් ලොක්කෙක්. ඒත් මේ යෝජනාව ආවා විතරයි අලි පාටියේ ජ්‍යෙෂ්ඨතම කස්ටිය හත් අට දෙනක් එක පාරටම ලොකු ඝෝෂාවක් දැම්මලු...


ලොව පුරා මිලියන ගණනකගේ හදවත එකවර සොරාගත් සුරූපිනියක් ගැන පසුගිය දිනවල සමාජ ජාලවල වගේම තරුණ තරුණියන් අතරත් කතාබහ වුණා.Oru Adaar Love මලයාලම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සඳහා නිර්මාණය වූ විනාඩි කිහිපයක වීඩියෝ පටයේ රඟපාමින් ප්‍රියා ප්‍රකාශ් තම රංගනයෙන් සියලුදෙනාව වසඟයට ගත්තා.

මේ චිත්‍රපටයේ Video Clip ඛ්තඪන එක යූ ටියුබ් හරහා සමාජ ජාලයට එක්කර දිනක් ගත වනවිටම (පැය 24ක් තුළ) මිලියන 6ක් දෙනා ඇයගේ මේ ආකර්ෂණීය රංගනය නරඹා තිබුණා. මේ නිසාම ඇය සමාජ ජාලය හරහා වැඩිම පිරිසක් සොයාගිය ආකර්ෂණීය තරුණිය බවට පත්වීමේ වාර්තාවටද හිමිකම් කිව්වා.

කලා නිර්මාණවලට පෙම්වතුන් වූ ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේ දී අඹුසැමියන් ය. ඒ වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ ය.


බොහෝ දෙනාගේ අදරය දිනාගෙන ප්‍රේක්ෂකයන් අතර ඉහළින් සිටින මෙම ආදරණීය යුවළගේ විවිධාකාරයේ රංගනයන් අපට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා.

728x90

gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2015 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here Help Desk :
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

GOSSIP99

Advertisements

Loading...

GALLERY