BREAKING NEWS
latest

728x90

468x60

කොත්තු මස් හොද්දේ වඳ පෙත්ත අවසානයේ පිටි ගුලියක්ලු - Teldeniya

ජාතිවාදී ගින්නකට මුල් පියවර තබමින් පසුගියදා අම්පාරේ හෝටලයක් ගිනිබත් කරන්නට මුල්වූ කොත්තු මස් හොද්දක තිබූ ගුලිය පිළිබඳ රස පරීක්ෂක වාර්තාව දැන් එළිදැක තිබෙන අතර එහි සඳහන් වන්නේ ‘පිෂ්ඨය සහිත ආහාර කොටසක්‘ පමණක් එම ගුලියේ අඩංගු වන බවයි.



ඒ අනුව මේ තරම් කලබලයක් ඇති කරන්නට පිරිසක් මුග්ධ ලෙස ක්‍රියා කර ඇත්තේ පිටි ගුලියකට බව පෙනී යයි. රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතාගේ සහතිකයෙන් යුතුව පොලිසියට දන්වා යවන ලද වාර්තාවේ මෙම නිගමනය සටහන්ව ඇති බව වාර්තා විය.


එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන්  පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.



අම්පාර නගරයේ පිහිටි මුස්ලිම් ජාතිකයන්ට අයත් කඩයක රාත්‍රී ආහාර ගනිමින් සිටි සිංහල  පිරිසක් කොත්තු ඇණවුම් කර මස් හොද්දක් සමග කොත්තු ලැබුණ අවස්ථාවේ එම හොද්ද සමග ගුලියක් ඇති බව පෙනී ගොස් ඒවා වඳ  පෙති නේද?
 කියපං ඒවා වඳ පෙති නේද? ලෙස කඩයේ වැඩ කරන අයෙකු සමග ආරවුල් කරගත් පිරිස ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නට උත්සාහ කරන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ විසුරුවා හැරිය අතර පසුව එම කඩය ගිනි බත් කළ ඡායාරූපද සමාජ මාධ්‍ය තුළට යොමු කර තිබුණි.

මෙම වගකීමක් නැති හැසිරීම නිසාම ජාතීන් අතර සැකය කුතුහලය මතුවන ආකාරයේ අදහස් ප්‍රචාරය කිරීමටත් මුස්ලිම් ජාතිය සිංහල ජාතිය වඳ කිරීමට පෙති යොදන බවට අදහස් සමාජ ගත කිරීමටත් කටයුතු යෙදිණි.
ඒ අතරවාරයේ අනිල් ජාසිංහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාද මේ පිළිබද පැහැදිලි කිරීම් කළ නමුත් මේ කියන ගැටලුවට අදාළ රස පරීක්ෂණ වාර්තාව ප්‍රමාද විය.

මුස්ලිම් සිංහල සැකය තවත් ඔඩුදුවා මහනුවර ගැටුමක් ඇතිව තිබෙන තත්වය තුළ ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දියෙකුද මෙම වාර්තාව ප්‍රමාද ඇයිදැයි ඇමති රාජිතගෙන් විමසා සිටිය අතර එහිදී ඇමති වරයාගේ උත්තරය වූයෙ ඒක ඉතින් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අහන්න ඕන යන්නයි.
කෙසේ වෙතත් ඊට පැය කිහිපයකට පසු කඩිමුඩියේම එම වාර්තාව ප්‍රසිද්ධ කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

කොත්තු පාරාටා කැබැල්ලේ තිබුනේ  පිෂ්ඨ කොටසක් පමණක් යන්න සති ගණනක් තිස්සේ නොකියා සිටීම රජයේ දෙපාර්තමේන්තුවල මන්දගාමී හැසිරීම් ස්වභාවයද පෙන්නුම් කරන්නකි.

අම්පාරෙන් සොයාගත් පෙත්තේ වාර්තාව ප්‍රමාද ඇයි? දැයි මාධ්‍ය වේදියකු ඇසූ පැනයට ඊයේ උදේ රාජිත ඇමතිවරයා දුන් පිළිතුරේ වීඩියෝව පහතින් 
« PREV
NEXT »

Facebook Comments APPID