BREAKING NEWS
latest

728x90

468x60

සමාජ ජාල පීරා සොයා ගිය ආකර්ෂණීය තරුණියට බොලිවුඩ් තරුත් වහ වැටිලා - priya prakash


ලොව පුරා මිලියන ගණනකගේ හදවත එකවර සොරාගත් සුරූපිනියක් ගැන පසුගිය දිනවල සමාජ ජාලවල වගේම තරුණ තරුණියන් අතරත් කතාබහ වුණා.Oru Adaar Love මලයාලම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සඳහා නිර්මාණය වූ විනාඩි කිහිපයක වීඩියෝ පටයේ රඟපාමින් ප්‍රියා ප්‍රකාශ් තම රංගනයෙන් සියලුදෙනාව වසඟයට ගත්තා.

මේ චිත්‍රපටයේ Video Clip ඛ්තඪන එක යූ ටියුබ් හරහා සමාජ ජාලයට එක්කර දිනක් ගත වනවිටම (පැය 24ක් තුළ) මිලියන 6ක් දෙනා ඇයගේ මේ ආකර්ෂණීය රංගනය නරඹා තිබුණා. මේ නිසාම ඇය සමාජ ජාලය හරහා වැඩිම පිරිසක් සොයාගිය ආකර්ෂණීය තරුණිය බවට පත්වීමේ වාර්තාවටද හිමිකම් කිව්වා.

ලොව ප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා කෙලි ජෙනර්ට පසුව වැඩිම පිරිසක් සමාජ ජාලය හරහා සොයාගිය තරු අතරින් තුන්වැනි තැනටත් ඇය පත් වුණා.පෙබරවාරි 9 වැනි දින යූ ටියුබ් හරහා සමාජ ජාලයට එක්වූ මේ වීඩියෝ පටය 14 වැනිදා වනවිට මිලියන 10කට අධික පිරිසක් නැරැඹූ බව තමයි අපට ආරංචි වෙන්නේ.

මේ වනවිට 18 වැනි වියේ පසුවන ප්‍රියා ප්‍රකාශ්, නිළියක් හා නිරූපන ශිල්පිනියක්. ඇය මේ තරම් ජනප්‍රියත්වයට පත්වුණේ ඇගේ ප්‍රථම චිත්‍රපටය තිරගත වීමටත් පෙරයි. ජුනි මස තිරගත වීමට නියමිත Oru Adaar Love චිත්‍රපටයේ Manikya Malaraya poori ගීතයට ප්‍රියා ඇස්වලින් ඉඟි කරමින් යෙදෙන ප්‍රේමාන්විත රංගනය නිසා ඇගේ සුන්දරත්වයට එක්වුණේ වැඩි ආකර්ෂණීය බවක්. පුංචි ඉඟියකින් මිලියන ගණනක් දෙනා වසඟයට ගත් ඇගේ රංගනයත් දැන් බොලිවුඩයම කලඹන පුවතක් වෙලා.

බොලිවුඩයේ ප්‍රවීණ නළු නිළියන් පවා ඇගේ රංගන ජීවිතය ගැන මේ වනවිටත් විවිධ අදහස් පළ කරලා. ප්‍රවීණ රංගන ශිල්පි රිෂි කපූර් ඇගේ රංගනයට වසඟ වූ තවත් බොලිවුඩ් තරුවක්. ඔහු ප්‍රියාගේ රංගනය ගැන පළකළේ මෙවැනි අදහසක්. "මම හිතනවා ඇය බොලිවුඩ් සිනමාවට හොඳින්ම ගැළපෙන තරුණියක් කියලා. ඇගේ හැඟීම් ප්‍රකාශ කිරීමත් හරිම ආකර්ෂණීයයි. ප්‍රේමාන්විත ඉඟිපාමින් අහිංසක පෙනුමකින් හැමෝගෙම කතාබහට ලක්වුණ ප්‍රියාට මම හදවතින්ම සුබ පතනවා." මේ විදියට ප්‍රියාගේ රංගනයට ට්විටර් සමාජ ජාලය හරහා සුබ පැතුම් එක් කළ රිෂි "ඔයා මම රඟපාන කාලේ හිටියේ නෑනේ" කියලා තමයි අදහස අවසන් කරලා තිබුණේ.

රංගනයට පා තබන්නටත් කලින් මේ තරම් ආකර්ෂණයක් දිනාගන්නට ලැබීම ප්‍රියාගේ වාසනාවක්.

මොහොතකින් ලොව පුරා ප්‍රසිද්ධ වන්නට තරම් වරම් හිමිවූ ප්‍රියාට මේ සමඟම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ පාන්නට සිදුවුණේ කවුරුත් නොහිතපු විදිහටයි. මේ චිත්‍රපටයේ ඇය රංගනයෙන් දායක වූ ගීතය නිසා ආගමකට අවමානයක් වූ බව කියන චෝදනාව මත ප්‍රියා හා එම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකත් ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් සොයන බව තමයි ආරංචි වෙන්නේ.

තෙලංගනා හා මහාරාෂ්ට යන ප්‍රදේශවාසීන් විසින් මේ චෝදනාව නඟා තිබුණේ මුස්ලිම් ශාස්තෘවරයෙක් වූ මොහොමඩ් හා ඔහුගේ පළමු බිරියගේ ආදර කතාව ඇසුරෙන් මේ ගීතය නිර්මාණය වූ බව කියන අදහසින්. අවුරුදු 40ක් පමණ ඉතිහාසයක් ඇති පැරණි ගීතයේ පද අරුත් ධපභ ඒඤචචප ඹ්ධමඥ චිත්‍රපටයේ ගීතයට ගළපාගෙන මුස්ලිම් ආගමට නිග්‍රහ කර ඇතැයි යන අදහසින් මේ චෝදනා ඉදිරිපත් වුණා. කොහොම වුණත් මේ සිදුවීමෙන් ප්‍රියා ප්‍රකාශ් හා ඇගේ පවුලේ අයටත් මරණ තර්ජනත් එල්ල වෙලා. ඇයට මොහොතකින් වාසනාව ගෙනා මේ චිත්‍රපටය ඇගේ ජීවිතයට තර්ජනයක් වෙයි කියලා නම් ඇය හීනෙකින්වත් හිතන්න නැතිව ඇති.

ශාලිකා රංගනී සමරදිවාකර









« PREV
NEXT »

Facebook Comments APPID