BREAKING NEWS
latest

728x90

468x60

අතුරුගිරියේ කොල්ලන් දෙදෙනකු සමග මඟුල්කන ගමන් කුඩුගහන බාල වයස්‌කාර සිසුවිය ව්‍යාපාරිකයකුගේ දේපළත් කොල්ලකාලා

අතුරුගිරිය පොලිස්‌ බල ප්‍රදේශයේ බාල වයස්‌කාර පාසල් වයසේ සිසුවියක්‌ තරුණයන් දෙදෙනකු සමඟ එකට පවුල් ජීවිතයක්‌ ගත කරමින් අපරාධ රැසක්‌ සිදුකර ඇති බවට පොලිසිය පවසයි.

මෙම සිසුවිය සහ එක්‌ අනියම් සැමියකු පොලිසිය මඟින් 05 දා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් සිසුවිය හෙරොයින් භාවිතයට තදින්ම ඇබ්බැහි වී ඇති අතර ගංජා සහ මත්පෙති ද පානය කරන බව පොලිසිය සිදුකළ මූලික විමර්ශන තුළින් හෙළි වී තිබිණි.

2018 පෙබරවාරි 02 දා මෙම සිසුවිය තම ජංගම දුරකථනය උපයෝගී කර ගනිමින් ගොඩගම ප්‍රදේශයේ 51 හැවිරිදි ව්‍යාපාරිකයකුට අමතා තමන් ඔහුට දැඩි ලෙස ආදරය කරන බවත් එම අසීමිත ආදරය දරාගත නොහැකි බවත් තමන් සමඟ ඇසුරක්‌ පැවැත්වීමට හැකි ඉක්‌මනින්ම පැමිණෙන ලෙසත් දැඩි ලෙස ආයාචනා කර ඇත. අතුරුගිරිය වල්ගම ප්‍රදේශයේ කුලියට කාමර සපයන හෝටලයක නමක්‌ පවසා එතැනට එන ලෙසත් එහිදී හමුවෙමු කියාත් ඇය පවසා ඇත.

මෙම ඇමතුමෙන් අන්දමන්ද වූ ව්‍යාපාරිකයා "තව දින මොකටද? මම අදම එන්නම්" කියා ජැන්ඩියට ඇඳ පැළඳ මුදල් ද යහමින් සාක්‌කුවේ දමා අමතරව රන් මාලයක්‌ පැළඳගෙන වල්ගම පිහිටි හෝටලයට ගොස්‌ තිබේ. යන විටත් තරුණිය එහි රැඳී සිට ඇත. හෝටලය තුළට ගිය ව්‍යාපාරිකයාට එක්‌වරම පසෙක සිටි තරුණයන් දෙදෙනකු පැන හොඳහැටි ගුටිබැට දී ඔහු සතු සියලුම වටිනා දේ කොල්ලකා (මෙම තිදෙනාම) පලාගොස්‌ තිබිණි.

මේ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර ඇත. මෙම කොල්ල කල්ලිය අත්අඩංගුවට ගැනීමට දුරකථන පද්ධති විශ්ලේෂණ ඔස්‌සේ සොයා බැලූ අතර දැඩි පරිශ්‍රමයකින් අනතුරුව 05 දා මෙහි බාල වයස්‌කාර සිසුවිය හා එක්‌ තරුණයකු අතුරුගිරිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට පත්වන අවස්‌ථාවේදීත් මෙම සිසුවිය දැඩි ලෙස හෙරොයින් භාවිත කර සිට ඇත. ඇය සන්තකයේ තිබී හෙරොයින් පැකට්‌ටුවක්‌ ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය ප්‍රකාශ කර ඇත්තේ පාසල් නොගොස්‌ කට්‌ටි පනිමින් කොල්ලන් සමඟ එක්‌ වී මත්ද්‍රව්‍ය භාවිත කරමින් විනෝද වෙමින් කාලය ගත කළ බවයි. අනතුරුව එම තරුණයන් හා අනියම් ඇසුරක්‌ පැවැත්වූ බවත් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට මෙවැනි ක්‍රියා සිදුකළ බවත් ඇය පවසා තිබේ.

51 හැවිරිදි ව්‍යාපාරිකයාගේ දේපළ කොල්ලකා මෙම තිදෙනා කතරගම ප්‍රදේශයට ගොස්‌ මාසයක කාලයක්‌ එහි තැනින් තැන සිට ඇත. එම ප්‍රදේශයේදී පැහැරගත් රන් භාණ්‌ඩ උකස්‌ කළ බවට උකස්‌ පත්‍රිකාවක්‌ ද ඉදිරිපත් කර තිබිණි. මෙම සිසුවිය මීට පෙරත් හෙරොයින් සමඟ පොලිස්‌ අත්අඩංගුවට පත් වී පරිවාස භාරයට පත්කර ඇති අතර එයින් පලා විත් නැවත මෙම අපරාධ සිදුකර ඇති බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරුගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක උපුල් අලවත්ත මහතාගේ උපදෙස්‌ මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස්‌ සැරයන් (56750) පියල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (36709) සුකුමාරන්, (70701) සම්පත්, (40947) ගමගේ, (85151) මඩවල කාන්තා පොලිස්‌ සැරයන් (344) සිරියාවතී යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වති.
« PREV
NEXT »

Facebook Comments APPID