BREAKING NEWS
latest

728x90

468x60

රුසියානු තරුණියන් සමග උණුසුම් රාත්‍රියක් ගත කල පොලිස් ලොක්කට ඒඩ්ස් - AIDS

හැම ගහකටම කොට කොටා යන කොට්ටෝරුවාට වරදින්නේත් කෙසෙල් ගහකට කොටපු දවසට යනුවෙන් කියමනක් ගැමි වහරේ තිබේ.

ඒ අයුරින් හැම ගහටම කොට කොටා ගිහින් වැරදුණු විවිධාකාර මිනිසුන් ගැනද සමාජයේ නොයෙක් කතාබහ තිබේ.

වැරදුණු තැනකදී බොහෝ දෙනකු තෝරා ගන්නේ නීතිය රකින ‍පොලිසිය වෙත යාමටය. නීතිය රකින තැනටත් යන එන අයට වරදින අවස්ථාද අනන්තවත් අසන්නට ලැබෙන්නේ ඒවායේත් සිටින අනංග චරිත නිසාය.

එවන් අනංගයන්ගෙන් නිදහස් විය නොහැකිව තම අසරණකම වෙනුවෙන් යහන්ගත වන තරුණියන් මෙන්ම කාන්තාවන්ගේ ශෝකාන්තයන් නිතරම අසන්නට ලැබේ.

මේ ලිපිය මගින්ද ලියුම්කරු මතු කරන්නට යන්නේ එවැනි ශෝකාන්තයක් මැද ජීවිතයම අඳුරු කරගත් ‍පොලිස් ලොක්කන් අතරේ සිටින තැනැත්තෙක් ගැනය.

ඔහු නිසා ජීවිතයම අඳුරු කරගත් තරුණියන් ‍පොලිස් දෙපාර්තමේන්තුවේම මෙන්ම කොළඹ සමාජයේ සල්ලිකාර නෝනලාත් සිටින බව කීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

ඒ තරමටම ඔහුගේ නම කී පමණින් ඔහුගේ කැරැට්ටුව ගැන කියන්න ‍පොලිසියේම බොහෝ දෙනෙක් සූදානම්ය.

මෙකී තරුණ නිලධාරියාගේ කඩවසම් බවට හා තරුපටි උෂ්ණයට වහල් වූ කොළඹ සමාජයේ සල්ලිකාර නෝනලාත් නොදන්න රහසක් එළිවන්නේ කොළඹට නුදුරු ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදීය.

මේ කියන නිලධාරියා තනතුරින් ඉහළ ‍පොලිස් ලොක්කෙකුය . ඔහු බිරිඳ සමග විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්නට පුද්ගලික රෝහලකට පැමිණෙන්නේ තමාට ඇති සුව නොවී තිබෙන ලෙඩවලට බෙහෙත් ගැනීමටය.

එහිදී වෛද්‍යවරයාගේ නිර්දේශ මත ‍ලේ සාම්පල පරීක්ෂාවක් කර වාර්තාව ගන්නට යන්නේද සිය බිරිඳත් සමගය. රසායන විද්‍යාගාර වාර්තා සම්බන්ධව ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලික රෝහලක මෙම පරීක්ෂණ වාර්තා සැකසෙන්නේය.

‍පොලිස් ලොක්කාට තම ජීවිතයම උඩුයටිකුරු වූ බව දැන ගන්නට ලැබෙන්නේ වෛද්‍යවරයා හමුවේ දිගහැරුණ ‍ලේ පරීක්ෂණ වාර්තා ගැන විස්තර කරද්දීය.

තමා එච්.අයි.වී. ආසාදිතයෙක් බවට ‍පොලිස් ලොක්කාට හෙළිවන්නේ එතැනදීය.ලංකාවේ සිටින එච්.අයි.වී. ආසාදිතයන් 2884 දෙනා අතරට මෙකී නිලධාරියාත් ඇතුළු වන්නේ සමාජයටම භීතියක් ඇති කරමිනි.

‍පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පවසන ආකාරයට මෙකී ‍පොලිස් නිලධාරියා සහකාර ‍පොලිස් අධිකාරි තනතුරෙන් ‍පොලිස් සේවයට බැඳුණු දා පටන් තම තරුණ ජවය පෙන්වා තිබුණේ තරුණ ‍පොලිස් කාන්තාවන්ටය.

මොහුගේ විෂමාචාර නිසා කොළඹට නුදුරු ‍පොලිස් කොට්ඨාසයක ලොක්කෙකු ලෙස සේවය කරද්දී එම තනතුරෙන් මාරු කර යවන්නේද තරුණ ‍පොලිස් කාන්තාවන් සමග විෂමාචාර වැඩවල නිරත වූ බවට ලද චෝදනාව මතය.

මෙමගින් සමස්ත ‍පොලිස් කාන්තාවන් කෙරෙහි වැරදි මතයක් ඇති කිරීමට අපගේ බලා‍පොරොත්තුව නොවුණද මෙය සමාජයට හෙළි කරන්නට උත්සාහ ගන්නේ මෙකී නිලධාරියාගේ බලපෑමට අකැමැත්තෙන් හෝ කම්සුව වින්ද අයටත් එච්.අයි.වී. ආසාදනය වන්නට තිබෙන ඉඩකඩ වැඩි නිසාය.

එමගින් සමස්ත සමාජයටම වන බලපෑම විශාල වන්නේ තමන් එච්.අයි.වී. ආසාදිතයන් බව නොදැනද ඔවුන්ද තම පෙම්වතා හෝ සැමියා සමග ගත කිරීමෙන් ඔවුන්ද එච්.අයි.වී. ආසාදිතයන් බවට පත් වීමට ඉඩ ඇති නිසාය.

සාමාන්‍යයෙන් එච්.අයි.වී. වෛරසය ශරීරයට ඇතුළු වී වසර දෙකත් අටත් අතර කාලයකදී ඒඩ්ස් රෝගියකුගේ ලක්ෂණ මතුවන බව වෛද්‍යවරුන්ගේ මතයය.

කෙසේවුවද එම කාලය තුළ කුමන හෝ ආකාරයෙන් අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූයේ නම් ඔවුන්ද එච්.අයි.වී. ආසාදිතයන් බවට පත්වීම සාමාන්‍ය කරුණක් වන්නේය.

‍පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ගවලට අනුව මෙකී ‍පොලිස් නිලධාරියා ‍පොලිස් මූලස්ථානයේ මෙන්ම විවිධ ප්‍රදේශවල රාජකාරි කරද්දී ඇහැට කනට පෙනෙන තරුණ ‍පොලිස් නිලධාරිනියන්ට හා ‍පොලිස් කාන්තාවන්ට මොහුගේ ග්‍රහණයෙන් ගිලිහියාම අසීරු වී තිබුණි. ඒ තරමටම ඔහු ඒ සඳහා ඇබ්බැහි වූවෙක් වූ නිසාය.

මෙකී නිලධාරියා තම තරුණ ජවය පෙන්වන්නට ගොස් ජීවිතයම වරද්දා ගන්නේ කෙදිනක හෝ ‍පොලිස්පතිවරයකු වීමේ අවස්ථාවද තිබියදීය.‍පොලිස් දෙපාර්තමේන්තුව තුළ මෙවැනි සල්ලාලකම්වල නිරත වූ පළමු නිලධාරියා මොහු නොවන බවද සිහිපත් කළ යුතුය. ඔහුටත් වඩා ‍‍‍ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවන ‍පොලිස් ලොක්කන්ගේ කිල්ලෝටවලද බොහෝ රහස් තිබෙන බව ‍පොලිස් මූලස්ථානයේ ලොක්කන් මෙන්ම ‍පොඩ්ඩන්ද දන්නා දෙයකි.

“එයා අපේ තාත්තා කෙනෙක් වගේ. ප්‍රශ්නයක් ගැන පැමිණිලි කරන්න හෙඩ් ක්වාටර්ස් ගියාම මුලින්ම කියන්නේ නම්බර් එකට රෑට කෝල් එකක් දෙන්න කියලා. පස්සේ හොයලා බැලුවම මේ ‍පොලිස් ලොක්කා මේ වගේ රෑට කතා කරන්න කියලා නීතියේ සහනයක් ගන්න යන තරුණ අයව එයාගේ අසහනය පිට කරන්න තියාගෙන ඉඳලා කියලා තේරුණේ.” මේ දැනට යුරෝපයේ සිටින තරුණියක් අප වෙත එවූ ලිපියක සඳහන් වූවකි.

එවැනිම යුරෝපයේ සිට මෙරටට ආ ද්විත්ව පුරවැසිභාවය හිමි සුරූපි කතක් තම ෆේස්බුක් පිටුවේ මිතුරන්ට යවා තිබුණේද පැමිණිල්ලක් කරන්නට යද්දී තම ඇඟිලි අත ගාන්නට පවා පෙරුම් පුරනා ‍පොලිස් ලොක්කන් ගැනය.ඇත්තටම මේ මිනිස්සු නීතිය හරියට ක්‍රියාත්මක කරන නීතිගරුක නිලධාරීන්ටත් කැළලක් කරනවා. හොඳ නිලධාරීන් දහසක් අතරේ මේ වගේ අසත්පුරුෂයෝ කිහිප දෙනෙක් මුළු නිල ඇඳුමම ගඳ ගස්සනවා.

මම පැමිණිල්ල කරන්න ගියාම පැමිණිල්ල ගැන අහනවාට වඩා ලොක්කන්ගේ ඇස් කැරකෙන්නේ මගේ ඇස් දෙකයි, ඇඟයි දිහායි බලන එකෙන්. ෆෝන් එකට ආපු එස්.එම්.එස්. පෙන්වන්න යද්දී ඇඟට නොදැනී ඇඟිල්ල අත ගාන්න, අත අල්ලන්නයි යන්නේ.

උදව් කරන විදිහට දෙන කෝල්වලින්ම මේ ලොක්කෝ හැරෙන්නේ කොහාටද කියලා තේරෙනවා. නීතියේ සරණ පතලා යන ඕනෑම අයකුට මෙවන් තත්ත්වයක් නම් ‍පොලිසිවලට යන කාන්තාවන්ගේ බහුතරයක් මුන්ගේ ඕනෑඑපාකම් සපුරන්න වෙනවා ඇති. ඇත්තටම යුරෝපයේ මේ වගේ තත්ත්වයක් නැහැ.” යැයි එම පණිවුඩයේ සඳහන් විය.

ඇය තම බංගලාවක් කුලියට දෙන්නට ගොස් ඇති වූ මුදල් ආරවුලක් විසඳා ගන්නට ‍පොලිසියට ගිය විට ‍පොලිස් ලොක්කා පැමිණිල්ල විභාග කිරීම වෙනුවට බංගලාව අයිති කර ගන්නටද උත්සාහ කර තිබුණේ ඇයගේ නාරිලතා පෙනුමට වහ වැටීම නිසාය.කාන්තාවක් දුටු පමණින් තම නිල ඇඳුමේ ගෞරවයද අමතක වන මෙකී නිලධාරීන් නිසා අපකීර්තියට පත්වන්නේ ‍පොලිස් දෙපාර්තමේන්තුවමය.

‍පොලිසියේ ඉහළ සිට පහළටම විනය පිරිහීයාමට නොදීම මෙහිදී කාගේත් වගකීම වන්නේය.මෙය ‍පොලිසියටත් වඩා විනය රකින හමුදාවලත් සමහර අවස්ථාවල අසන්නට ලැබෙන්නේ ඒවායෙත් විනය පිරිහී ගිය නිලධාරීන් නිසාය.පසුගිය පුවත්පත් වාර්තාවලට අනුව එය මනාව තහවුරු වන්නේය.

හිටපු ගුවන් හමුදාපතිවරයකුටත් තම තනතුර පවා තරුණ ගුවන් සෙබළියක හා පෙමින් බැඳීම නිසා නැතිවූ වග ඉතිහාසය සාක්ෂි දරන්නේය.

ගුවන් සෙබළිය තම ඇසුරේ තබාගත් ගුවන් හමුදා ලොක්කාට වැරදුණේ බොරැල්‍ලේදී සෙබළිය සමග යන මෝටර් රථයේ මගියකු ගැටීම නිසාය. එදා ගුවන් හමුදාපතිට ගෙදර යන්නට තරම් අනියම් පෙම කරළියට එන්නේ අනතුර සිදුවූ තැනට පැමිණි නිර්භීත ‍පොලිස් රථවාහන අංශයේ කොස්තාපල්වරයකු නීතිය හරිහැටි ක්‍රියාත්මක කර තිබූ නිසාය.

මේ ආකාරයට ගත් කල යුද හමුදාවේත් එවැනි සිදුවීම් වාර්තා වන්නේ යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයකුගේ බිරිඳක වූ එවකට කර්නල්වරියකට සමාජ රෝග වැලඳී ඇතැයි වෛද්‍ය වාර්තාවකින් හෙළිවීම නිසාය. මෙකී හමුදා නිලධාරිනිය තම සැමියාට හොරෙන් වෙනත් නිලධාරීන් ඇසුරේ පෙම් සුව විඳින්නට යාම නිසා සමාජ රෝග වාර්තාවක්ද සමග හමුදාවෙන් යන්නට සිදුවී ඇත්තේද මෑත ඉතිහාසයේදීය.

මේ ආකරයටම සල්ලාලකම්වලට හුරුවූ ‍පොලිසියේ ඉහලම පුටුවකට ආ ඇත්තකු ගැනද ඉතිහාස වාර්තාවලින් කියවෙන්නේය. කොළඹින් පිටතදී පැවැති නිදහස් දින සැමරුම් උළෙලකදී කොළඹින් ගිය නිලධාරීන්ට නවාතැන් සැපයුවේ ප්‍රබල දේශපාලනඥයෙකි.

එවකට ඔහු වටා ඕල්කට් ඇතුළු පාතාල ප්‍රබලයන් රැසක්ම සිටි නිසා ‍පොලිස් ලොක්කා අවනත කර ගැනීම දේශපාලනඥයාට අවශ්‍ය වූයේය.ඒ වෙනුවෙන්ම ‍පොලිස් ලොක්කාට රුසියානු තරුණියන් පස් දෙනකු සමග විස්කි. බකාඩි ඇතුළු විදේශීය මත්පැන් සමග උණුසුම් රාත්‍රියක් ගත කරන්නටද සුපිරි හෝටලයකදී අවකාශ සැලසුණේය.
« PREV
NEXT »

Facebook Comments APPID