BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

මැණික්හින්න පල්ලිය ගිනි තියන්න ආව වෙලාවේ මුස්ලිම් අයගේ ආරක්ෂාවට නතර වූනේ බෞද්ධ හාමුදුරුවො කෙනෙක් - මේක ගිනි තියන්නෙ කට කතා

සමාජ ජාලා පිවිසුම සීමා කිරීමට රජය තීරණය කර ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත්වීම වැළැක්වීමට මෙම තීරණය ගත් බව ඔහු එහිදී සඳහන් කළේය.

කෙසේ වුවද මේ වන විට මෙරට තුළ Facebook ඇතුළු සමාජජාල රැසකට පිවිසීම අවහිර කර තිබේ. ඇවිළෙමින් පවතින්නේ ජාතිවාදයකි.1983 දීත් දෙමළ කඩවල් ගිනි තබා ප්‍රභාකරන්ලා සහ දශක තුනක යුද්ධයක් නිර්මාණය කරවූයේද මෙම නිරර්ථක ජාතිවාදයයි. මෙවන් අවස්ථාවක තමන්ගේ ජාතික කැක්කුම පෙන්වන්නට ඉදිරිපත්වන ඉතිහාසයේ පාඩම් නොදන්නා සිංහල හෝ මුස්ලිම් දෙපිරිසම අඳුරේ හෙළාගන්නේ තමන්ගේත් තම දරුවන්ගේත් අනාගතයයි.


මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ  පිරිසක් කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට ඊයේ සවස අහසට වෙඩි තැබූ බව පොලිසිය පවසා තිබුණි. ඊයේ රාත්‍රී පුද්ගලයින් 400 ක පමණ කණ්ඩායමක් මැණික්හින්න ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත්, මුස්ලිම් පල්ලියට ගිනිතබන්නට ඔවුන් උත්සාහ කළ බවත් පැවසිණි.

ගමේ පදිංචිකරුවන් අතර ආරක්ෂක අංශවලටද සම්බන්ධ අය සිටීම විශේෂයක් විය.
හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ අතර පිරිස පොලිසියටද ප්‍රතිප්‍රහාර සිදු කළ නිසා පොලිසියේ තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර තිබුණි.

තුවාල ලැබූ නිලධාරීන් මැණික්හින්න රෝහලට ඇතුළත් කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති සිවුදෙනාගෙන් තිදෙනෙකු ආරක්ෂක අංශ සාමාජිකයන් බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම සිදුවීම අතර වාර්තා වන්නේ මුස්ලිම් පල්ලියේ ආරක්ෂාව වෙනුවෙන් ස්වාමීන් වහන්සේ නමක හා තවත් පිරිසක් පල්ලිය තුළ රාත්‍රිය ගත කර ඇති බවයි.

මේ ඇවිළෙන ජාතිවාදී ගින්න හරිහැටි තේරුම් ගෙන සිංහල බෞද්ධ පිරිස් සන්සුන් කරන්නට උන් වහන්සේ මහත් උත්සාහයක් ගෙන තිබේ. ජාතියක භේදයක් නොමැතිව මේතාක් කාල් මහනුවර ඒ ඒ ප්‍රදේශවල අඩුවැඩි වශයෙන් සිංහල හා මුස්ලිම් ජාතීන් සමගියෙන් ජීවත්වූ බවත් ලොරි-ත්‍රීවීල් රණ්ඩුවක් මුල්කරගෙන මරණයට පත්වූ අය වෙනුවෙන් කියා ගම් වැසියන් බලාසිටියදී පිටස්තර පිරිසක් ජාතිය මතුකරගෙන මෙම ආරවුල නිර්මාණය කළ බවත් උන් වහන්සේ පවසා තිබේ.

පල්ලි වලට ගිනි තැබීම ඇරඹූ පසු පන්සල්වලට ගිනි තබන්නට දැරූ උත්සාහයන්ද පසුව වාර්තා වූ අතර මෙම අවාසනාවන්ත ප්‍රකෝපකාරීත්වයට නතරවීමක් නොමැති සෙයක් පෙනී යයි. 

අප කල යුත්තේ ජාතිවාදයට උඩගෙඩි දීම නොව කෙසේ හෝ මෙය මැඩ පැවැත්වීමයි
« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.