BREAKING NEWS
latest

728x90

468x60

වෙසක් පෝයට පෙර මහනුවර කැඩුණ පල්ලි හදාදෙන්න හමුදාවෙන් පොරොන්දුවක්

මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානිවූ පූජනීය ස්ථාන හා නිවාස එළඹෙන වෙසක් පුන් පොහෝ දිනට පෙර ප්‍රතිසංස්කරණය කර හිමිකරුවන්ට බාරදෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ සේනනායක මහතා මේබව ප්‍රකාශ කළේය.

විනාශවී ඇති සියලු ගොඩනැගිලි යතා තත්ත්වයට පත් කිරීම සඳහා ජනපති කාර්යාලයෙන් ඊට අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජනපති උපදෙස් මත ත්‍රිවිධ හමුදාවේ මෙහෙය වීමෙන් අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, මෙවර වෙසක් පුන් පොහෝ දිනය එළඹෙන අප්‍රේල් මස 29 දිනට පෙර විනාශවී ඇති සියලු ගොඩනැගිලි යතා තත්ත්වයට පත් කිරීම ඔස්සේ හැමෝටම එකට එකතුවී පෙර සේ වෙසක් සමරන්නට හැකියාව ලැබෙතැයි තමන් විශ්වාස කරන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.



මහනුවර ඇතිවූ කලහකාරි සිදුවීම පිටුපස පිට පළාත් වලින් පැමිණි පිරිසක් සිටින බවත්, මේ වනවිට ඔවුන් හඳුනා ගෙන තිබෙන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මල්වතු මහා නාහිමිපානන් වහන්සේ හමුවේ පැවසීය.

මහනුවර ජීවත්වන සාමකාමි ජනතාව උසිගන්වමින් නොයෙක් කඩාකප්පල්කාරී ඇති කිරීම සඳහා මොවුන් නායකත්වය ලබා දෙමින් සිටින බවත් භික්ෂූන් වහන්සේලා කිහිපනමක්ද ඒ අතර සිටින බවද යුද හමුදාපතිවරයා කීය.

යුද්ධයෙන් හමුදාවේ 2800ක් මියගොස් 50000ක් තුවාල ලද බවත් ඒ තිස් වසරක යුද්ධයේ ප්‍රථපල බවත් තිස් වසරක් පැවැති ත්‍රස්තවාදය නිමවී වසර 09 ක් යනවිට ජනතාවට අතීතය අමතක වන්නේ ඇයිද යන්න පිළිබඳව සැවොම සිතිය යුතු බවත් සේනානායක මහතා පැවසීය.

නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන සේ කටයුතු කරන්නට බුද්ධිමත් ජනතාවට වගකීමක් තිබෙන බව කී හමුදාපතිවරයා භූමියේ කොටසක් හෝ ප්‍රදේශයක කොටසක් ඉල්ලන පිරිසකට එරෙහිව කරන සටනක් නොවන බවත් ඒ මහතා සදහන් කළේය.

වසර 30 ක් තිස්සේ යුද්ධයෙන් අප බැට කෑ බවත් නැවත ජාතිය පදනම් කරගත් ගැටුම් මේ රටට අවශ්‍යය නැති බවත් මල්වතු මහනාහිමියෝ පැවසූහ.

නිදහස ලැබී 70 වසරක් ගෙවී තිබෙන මේ අවස්ථාවේ මැති ඇමැතිවරුන් තමන්ගේ දායකත්වය රටේ යහපතට නිවැරදි ලෙස ලබාදී තිබෙන්නේද යන ගැටලු සහගත මහනාහිමියෝ ප්‍රකාශ කළහ. 
« PREV
NEXT »

Facebook Comments APPID