BREAKING NEWS
latest

728x90

468x60

හිතේ දිරියට ගතේ දිරිය හරස් වූ ගයාන්ට ඔබේ උදව් අවශ්‍යයි

ජීවිතයට එන බාධක හිතේ ශක්තියෙන් ජය ගන්න උත්සාහ කරන ගයාන් චින්තක සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. ගයාන් ⁣වයස අවුරුදු 12 සිට රෝගී තත්වයකින් පෙළෙනවා. ඔහුගේ මොළය වර්ධනය වුවද ශරීරය වර්ධනය වීමක් වෙන්නෙ නෑ . ගයාන්ට මේ වගේම නංගි කෙනෙක් ඉන්නවා.



ඇය උසස් පෙළ සමත් වී සරසවි වරම් ලැබුවත් ඇයට ගයාන් තරම්වත් ඇවිදින්න බැරි නිසා කැම්පස් යන්න සිද්ද වුනේ නෑ. මොවුන්ගේ තාත්තා මෑතකදි මිය ගිහින්.

කෝටිපති ශනිදාවෙන් ශනිදා වාසනාවෙන් සුපිරි කෝටිපතියෝ 2ක්

කෝටිපති ශනිදාවෙන් කෝටි 7.8 ක සුපිරි ජයග්‍රාහකයෙක් සහ ශනිදා වාසනාවෙන් කෝටි 5 ක තවත් සුපිරි ජයග්‍රාහකයෙක් මෙවරත් සංවර්ධන ලොතරැයි පවුලෙන් බිහි වූ වගයි.

වසර ගණනාවක් ශ්‍රී ලාංකික හද රැඳි විශ්වාසයේ හිමිකරුවා වූ සංවර්ධන ලොතරුයිය දිනෙන් දිනම එම විශ්වාසය තහවුරු කළ ලොතරැයියකි. විශ්වාසය තරම් සමීපතමයෙක් තවත් නැති නිසාවෙන්ම වැඩි වැඩියෙන් ඔබට මුදල් ත්‍යාග උරුම කරන්නට සංවර්ධන ලොතරැයිය සමත් වූ බව රහසක් නොවේ. පසුගිය මාස කිහිපය ඇතුළත එක පිට එක දිනුම් ලබාදුන් සංවර්ධන ලොතරැයි පවුලෙන් නැවතත් සුපිරි කෝටිපති ජයග්‍රාහකයන් දෙදෙනෙක් සමගින් ලක්ෂපතියන් දාහත් දෙනෙකු බිහි කර ඇත.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි TIER 3 දත්ත මධ්‍යස්ථානය මෙහෙයුම් අැරඹීමට සියල්ල සූදානම්

අති නවීන TIER 3 දත්ත මධ්‍යස්ථානයක් පිටිපන ප‍්‍රදේශයේ ඉදිකර ශ‍්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයේ සහ වැලිකඩ පිහිටි බහුවිධ දත්ත මධ්‍යස්ථාන අතර අන්තර් සබඳතාවක් ගොඩ නැගීම මඟින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි දත්ත මධ්‍යස්ථාන යටිතල පහසුකම් සුවිශේෂී පරිවර්තනයකට ලක්ව තිබේ.

මෙම පරිවර්තනයත් සමඟ පුළුල් හා ශක්තිමත් Co-location දත්ත පහසුකම් සහ Data Hosting පහසුකම්, තරගකාරී ගාස්තු යටතේ ලබාදීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෙත හැකියාව ලැබේ.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනීය අවධිය මධ්‍යයේ වුවද සිය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ උපායමාර්ගයේ වැදගත්ම අංගයක් ලෙස ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සිය දත්ත මධ්‍යස්ථාන ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කළේය. මෙම දත්ත මධ්‍යස්ථාන දැනටමත් උසස් හා ක‍්‍රියාකාරී තොරතුරු තාක්ෂණ පද්ධති මඟින් සිය පාරිභෝගික භවතුන්ගේ අවශ්‍යතාවන් සපුරාලීමට ක‍්‍රියා කර ඇති අතර ඒමඟින් නව සේවා සම්පාදක අවස්ථාවන් විවිධ ආයතන හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසායකයන් වෙත සැලසීමට ද කටයුතු කර ඇත. 

රසිකයෙකුගේ අතින් මැරුම් කෑ සුරූපී නිළිය

ජනපි‍්‍රය නළු නිළියන්ට ඇතුවත් බැරි නැතුවත් බැරි පිරිසක් හැටියට රසිකයන් හඳුන්වා දිය හැකිය. රසිකයන් අතරේ පවතින ජනපි‍්‍රයතාවය නළු නිළියන්ගේ සාර්ථකභාවයට ඛෙහෙවින් හේතුවන බව විශ්වාස කෙරේ. තමන් ආදරය කරන නළුවා හා නිළිය වෙනුවෙන් මරණයට පත්වීමට කැමති රසිකයන් ද මේ අතර සිටී. එසේම එම නළුවා හා නිළිය තමාට පමණක් සිමා කරගැනීමට තැත් කරන මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන රසිකයන් ද මේ අතර සිටින බව නොරහසකි.

නැගී එන හොලිවුඩ් නිළියක් වූ සුරූපී රෙඛෙකා ෂෙෆර් ද රසිකයකු නිසා අකල් මරණයකට පත් වූ නිළියකි. ඇයගේ මරණය කලා කේෂත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අවාසනාත්මක සිදුවීමකි.

සඳ දෙවිඳු පියුමි හංසමාලිගේ අඟ පසඟට ආශිර්වාද කරලා - පියුමිගේ බැල්මටත් සඳ දෙවිඳු බැල්ම දායි

ෆෙස්බුක් හෙල්ලූ සඳ දෙවිඳු පියුමි හංසමාලිගේ අඟ පසඟට ආශිර්වාද කරලා - පියුමිගේ බැල්මටත් සඳ දෙවිඳු බැල්ම දායි

කාලෙන් කාලෙට කරළියට එන එක එක සිද්ධි අතර පසුගියදා කරලියට ආපු සිද්ධියක් තමයි සඳ දෙවිඳු කියලා කියන්නේ.

නිළි නංගිගෙ ටින්ට් කිරිල්ලෙන් අධ්‍යක්ෂකට මලේ මල

අපි පහුගිය සතියෙත් කතා කළේ අද කලා ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පීන් ශිල්පිනියන් බොහෝ දෙනෙකුගේ කැපවීම හා වෘත්තියට තිබෙන ගරැත්වය ගැනනෙ.

මේ පරපුරේ ඇතැම් අයගේ ක්‍රියාකාරකම් ගැන කතා කරලා වැඩක් නැහැ.

ඔන්න පහුගිය දවසක එක්තරා තරැණ නිළියක් දර්ශන තලයට ඇවිත් තියෙන්නෙ කොණ්ඩෙ ටින්ට් කරගෙන. ඒකෙ එයා රඟපාන්නෙ ගැමි කෙල්ලෙක්ගේ චරිතයක්. ඒකෙ ෂූටිං භාගයක් කරලත් ඉවරයි.

ශ්‍රිලංකාව වෙනුවෙන් නාට්‍යකරුවන් 10ක් ඉන්දියාවට


ඉන්දියාවේ මධ්‍යම ප‍්‍රාන්ත රජය සහ කීර්තිමත් ඉන්දීය රංග කලා මධ්‍යස්ථානයක් වන Encemble Theater Group එක්ව 2017 වසර සඳහා සංවිධානය කරනු ලබන ළමුන් හා තරුණයන් වෙනුවෙන් පවත්වනු ලබන රංග කලා වැඩමුළු මාලාව සඳහා මේ වසරේ ශ‍්‍රී ලංකාවේ Red Apple Theater Gathering කණ්ඩායම තෝරාගෙන ඇත. මේ සඳහා ඉන්දියාව, නේපාලය ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව යන රටවලින් නාට්‍ය කණ්ඩායම් රැසක් සහභාගී වේ.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් එම අවස්ථාව උදාවී ඇත්තේ Red Apple Theater Gathering නාට්‍ය කණ්ඩායමටයි. ළමා නාට්‍යකරණය හා අධ්‍යාපන උදෙසා නාට්‍ය කලාව භාවිතා කිරීම යන තේමාව ඔස්සේ පවත්වනු ලබන මෙම නේවාසික නාට්‍ය වැඩමුළු මාලාවට Red Apple Theater Gathering නියෝජනය කරමින් නාට්‍යකරුවන්ගේ 10 දෙනෙකු සභභාගී වේ. මෙම නාට්‍ය කණ්ඩායම සමඟ Red Apple Theater Gathering අධ්‍යක්ෂ සචිත‍්‍ර රාහුබද්ධ ළමා හා යොවුන් නාට්‍යවේදියාද මෙම සංචාරය සඳහා සහභාගී වන අතර ඇමරිකාව, ජර්මනිය හා ඉන්දියාව නියෝජ්‍ය කරමින් පැමිණෙන ළමා නාට්‍ය විශේෂඥයින් සමඟ වැඩමුළු මාලාව පැවැත්වීමේ සම්පත් දායකයෙකු ලෙස ද ඔහු කටයුතු කරයි.

ඒක කරන්න බැරිලු

රටේ ලොකු මහත්තයා ගැන සැර කතාවක් කරපු සුජීතුමා ගැන ආණ්ඩුවෙ අත පාටියෙන් අලි පාටියෙ ඉහළම තැන්වලට යෝජනාවක් ඇවිල්ලලු...

ඒකෙන් ඉල්ලා සිටියෙ මේ කොලොප්පම් කතාව කරපු සුජී ඇමැති පුටුවෙන් බස්සන්න කියලයි අපට ආරංචි... මේ කතාව අලි පාටියෙ මහගෙදරදිම කරපු නිසා වැඩේ බරපතළයි කියලත් අත පාටියෙ කස්ටිය අලි පාටියට දන්වලා...

රන් ආලේපිත බොරු ඊයම් කැබලි ලක්‍ෂ 50 කට ව්‍යාපාරිකයකුට විකුණන්න හදලා

අනුරාධපුර පූජා භූමියේදී පුරාවිද්‍යා කැණිම්වලදී හමු වූ රන් කහවණු බව පවසා රන් පැහැ ගැන්වූ ඊයම් කැබලි කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක්‌ ධනවත් ව්‍යාපාරිකයකුට රුපියල් පනස්‌ ලක්‌ෂයක මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ මත්කුඩුවලට ඇබ්බැහි වූ තරුණයන් දෙදෙනෙක්‌ අනුරාධපුර පොලිස්‌ කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් ශ්‍රාවස්‌තිපුර මංසන්ධියේදී අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර කොට්‌ඨාස පොලිස්‌ අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාට ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලද තොරතුරකට අනුව පොලිස්‌ අධිකාරිවරයාගේ උපදෙස්‌ මත අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ කොට්‌ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් එම ව්‍යාජ රන් කැබලි මිලදී ගැනීමේ මුවාවෙන් උපාය දූතයන් යොදවා ගොස්‌ සිදු කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. 

වෛද්‍ය පුහුණුවක්‌ නැතිව නීති විරෝධී ගබ්සා කළ හොර දොස්‌තර 'වන්ෂොට්‌' කූඩුවේ

වසර 16 ක්‌ පුරා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රතිකාර හා ගබ්සා කිරීම් කළ හොර වෛද්‍යවරයකු, බෙහෙත් පෙති විසිදහසකට අධික සංඛ්‍යාවක්‌ ඇතුළු වෛද්‍ය උපකරණ සමඟ ගම්පොළ කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොළ ගලහ පාලම හංදිය අසල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්‌ථානයක්‌ තුළ නීති විරෝධී ගබ්සා කිරීම් සිදු කරන බවට ගම්පොළ කොට්‌ඨාස බුද්ධි තොරතුරු ඒකකය විසින් අනාවරණය කර ගැනීමෙන් පසු මෙම වැටලීම සිදු කොට තිබිණි.

සුළු පියාගේ ලිංගික අතවරයකට ලක්‌ව රෝහලේ සිටි දැරිය වාට්‌ටුවේ සිටි කතක්‌ හොරෙන් උස්‌සලා

බාලවයස්‌කාර දැරියක්‌ ලිංගික අතවරයට ලක්‌වීම හේතුවෙන් රෝහල් ගතකර සිටියදී එම රෝහල් වාට්‌ටුවේම නේවාසිකව සිටි කාන්තාවක්‌ හොර රහසේම දැරියව රෝහලෙන් රැගෙන යැමේ සිද්ධියක්‌ හලාවත පොලිසියෙන් වාර්තා වෙයි.

මාදම්පේ පොලිස්‌ වසමේ පදිංචි වයස අවුරුදු 12 ක්‌වූ හය වසර ඉගෙනුම ලබමින් සිටි දැරියට ඇයගේ සුළු පියා ලිංගික අතවරයක්‌ සිදුකර ඇති බවට දැරියගේ මව මාදම්පේ පොලිසියට පැමිණිලිකර තිබුණාය. ඒ අනුව මාදම්පේ පොලිසිය එම දැරිය ඇයගේ කිරි අම්මා භාරයේ හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්‍ෂාව සඳහා රෝහල් ගත කර සිටියහ.

ලංකාවේ විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් පළමුවරට එවරස්ට් තරණයට එක්වෙලා

පළමුවරට ලංකාවේ විශ්වවිද්‍යාලයක් මගින් සිදුකරන 'එවරස්ට් මූල කඳවුර' (Base Camp) සහ අයිලන්ඩ් කඳු මුදුන (Island Peak) උස අඩි 20305 ft තරණයට ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ කණ්ඩායමක් නේපාලය බලා පිටත්ව ගොස් ඇත.

ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ 'Adventure and Mounterning Association' මගින් මෙම එවරස්ට් ගවේෂණය සංවිධානය කර ඇත.

මෙම පිරිස දෙසැම්බර් 9ත් දෙසැම්බර් 31ත් අතර කාල සීමාවක් තුළ මෙම ගවේෂණය කිරීමට නියමිත වේ .

මෙහිදී මෙවර පිටත් වූ කණ්ඩායමට ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන් වන භාතිය තිසේරා ද ඇතුළත් වී සිටීම විශේෂ සිදුවීමක් වන අතර ඔහු කොළඹ ආනන්ද විද්‍යාලිය ආදී සිසුවෙක් වන අතර වයස 15 දී ද ඔහු එවරස්ට් මූල කඳවුර තරණය කර ඇත.

රොෂාන් පිලපිටියටත් මංගල සීනු

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පසුගියදා විවාහ දිවියට එළඹ තිබෙනවා. ඔහු අතගත් තරුණිය වන්නේ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක් වන 22 හැවිරිදි වියේ පසුවන රිද්මා දිසානායකයි . 

විවාහයෙන් පසු විරාත් කෝලි කළ දේ නිසා අනුෂ්කා ෂර්මාගේ දෙනෙතින් කඳුළු වැටෙයි - වීඩියෝ


විවාහයෙන් පසු විරාත් කෝලි කළ දේ නිසා අනුෂ්කා ෂර්මා කඳුළු සැලූ හැටි කැමරාවක සටහන් වෙයි

මේ දිනවල අන්තර්ජාලයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහ මංගල්‍ය වෙතයි.

මාදැලේ පැටලුණු මුහුදු සර්පයන්ගේ ඇත්ත කතාව මෙන්න

මඩකළපුවේ නාවල්ලඩි ධීවර ගම්මානයේ මාදැල්වල පසුගියදා අමුතු මුහුදු සත්ත්ව වර්ගයක් තොග පිටින් පටලැවුණේය. මේ පිළිබඳ වාර්තා කරන්නට ගිය මාධ්‍ය, එකී සත්ත්වයාගේ අමුතු හැඩය නිසා මහත් පටලැවිල්ලක පටලැවුණේය. අන්තිමේදී රටේ සමස්ත ජනයාම ඒ හේතුවෙන් මහා භීතියක පටලැවුණේය. සිහින් දිගැටි සර්පාකාර සිරුරු සහිත මේ සතුන් හඳුන්වන්නට යෙදූ නම හේතුවෙන් මේ පටලැවිල්ලත්, භීතියත් හටගත්තේය. ධීවරයින් මේ සතුන් හැඳින්වූයේ මුහුදු සර්පයින් (Sea serpent) ලෙසටය. ඒ මදිවාට 2004 වසරේ ඇතිවූ මහා සුනාමි ඛේදවාචකයට පෙරද මේ සතුන් තොග පිටින් දැල්වල පටලැවුණු බවට වූ කටකතාවලට පණ ලැබුණි. රට පුරා ජනතාව අතීත සුනාමියේ භීෂණාත්මක මතකය තුළ නැවත පටලැවුණේ එලෙසිනි.

විවිධ මතවාද ප්‍රවාද, මිත්‍යා විශ්වාස, කටකතා පණ ලබන්නට විය. විෂයය භාර ඇමැතිවරයාට මේ ගැන වාර්තාවක් ඉල්ලා සිටින්නට තරම් පටලැවිල්ල මුළුමනින් අවුල් ජාලයක් බවට පත් විය. අන්තිමේ මේ අවුල ලිහන්නට යැයි බලකැරුණේ ජාතික ජලජ සම්පත් පරීක්ෂණායතනයේ (NARA) හි විද්වතුනටය. එයිනුත් සමුද්‍ර ජීව අංශයටය. ඔවුන් සිය විද්‍යාත්මක පැහැදිලි කිරීම පසුගිය බදාදා වන විට එළිදැක්විය. නමුත් මුහුදු සර්පයා පිළිබඳ ප්‍රවාදගත විශ්වාසය සහ ස්වභාවික අනතුරු කලින් කියන්නට ඔවුන් ඇතුළු සතුන් දරනා හැකියාව පිළිබඳ ගෙතුණු කතාබහ තවමත් යටපත් වී ගොස් නැත.

වැඳල කිව්ව සර් මගේ වචනවලින් හිත රිදුණ නම් කනගාටුයි - නාමයෝජනා කමිටුවේ ගුරුතුමා සහ ගෝලයා

ගුරු ගෝල සටන් රජ කාලෙ ඉඳලම තිබුණ. මේකත් ඒ වගේ හුටපටයක්. පොහොට්ටුවෙ නාමයෝජනා හදන්න ගිහිල්ල බන්දුලතුමයි උදය උන්නැහෙයි ලොකු වාදෙක පැටලුණා...

වාදෙ කොච්චර සැර වුණාද කිව්වොත් අසූහාරදාහට කේන්ති ගිය බන්දුලතුමා යන්නම නැඟිට්ටලු.

ඒ පාර කට්ටිය මැදිහත් වෙලා ගින්න ටිකක් නිව්වට බන්දුලතුමා හිටියෙ තරහෙන්. උදය උන්නැහෙත් තමන්ගෙ අපේක්ෂකයන්ට සාධාරණය ඉටුනොවීම ගැන කේන්ති පිට හිටිය බවයි ආරංචි.

ඉතින් මේ දෙන්න මෙහෙම අරෝවක් ඇතිකරගත්තට තිරය පිටුපස්සෙ අපි නොදන්න කතාවක් තිබුණ... ඒ කලකට පෙර බන්දුලතුමා ගුරු කාලෙ උදය ගෝලයෙක් හැටියට උන්නැහේගෙන් ආර්ථික සාත්තරේ ඉගනගත්ත කතාවයි.

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් හින්දු භක්තික චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට ඉලන්චේලියන් ගෞරවය පුදයි


නාවට්කුලි විහාරස්ථානය සම්බන්ධයෙන් ගෞරවාන්විත තීන්දුවක් ලබාදුන් ‍යාපනය චාවකච්චේරි මහේස්ත‍්‍රාත් ශ‍්‍රිනිධි නන්දසේකරම් මහත්මිය වෙත ගෞරවය  පිරිනැමීමේ වැඩසටහනක් පැවැත් විණි.

යාපනය මහාධිකරණ සංකීර්ණයේදී පසුගියදා (10) යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාගේ ප‍්‍රධානත්වයෙන්  යාපනය මහාධිකරණ සුභසාධක සංගමය විසින් මෙම ගෞරනවය පුදකරන ලදී. 

ශ‍්‍රිනිධි නන්දසේකරම් මහත්මිය එළැඹෙන ජනවාරි මස සිට වවුනියාව මහේස්ත‍්‍රාත් ලෙස ස්ථාන මාරුවීම් ලබායාමට නියමිතය.

ආදරය වැඩිකමට එකම දිනක අතිනත ගත් එක කුස උපන් අයියා - මලෝගේ අපූරු විවාහ උත්සවය

එක කුස උපන් සහෝදරයන් දෙදෙනකු එකම දින විවාහ වී තම මනාලියන් නිවෙසට කැන්දා ගෙන ආ පුවතක් මහනුවර වලල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කුඩා කල පටන් තිබූ සහෝදර බැඳීම කොතරම්ද යත් දෙදෙනාම එකම දිනයේ විවාහ විය යුතු බව ඔවුන් තීරණය කර තිබුණා.

අකුණු සන්නායක හොරෙක් නාවික හමුදා දැලේ

නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ කඩවත පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී පෞරාණික වටිනාකමකින් යුත් අකුණු සන්නායක තඹ තහඩුවක් සහ අඩි 60 ක පමණ දිගකින් යුත් අකුණු සන්නායක තඹ පටියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

බිරිඳ කොට්‌ටයකින් මුහුණ සිරකර සැමියා මරා නයිලෝන් ළනුවකින් කාමරයේ බාල්කයක එල්ලලා - විල්ගමුවේ ඝාතනයේ සුළමුල හෙළිවේ

මාතලේ විල්ගමුව පොලිස්‌ බල ප්‍රදේශයේ නැදුන්ගමුවේ ගෙල වැලලාගෙන මියගිය බව කියූ ගොවියකුගේ මරණය පිළිබඳව දෙවසරක කාලයක සිට සිදුකළ විමර්ශනයකින් පසු එය ඝාතනයක්‌ බවට අනාවරණය වීමෙන් පසු මියගිය අයගේ බිරිඳ විල්ගමුව පොලිසිය මගින් පෙරේදා (09 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.


2015 දෙසැම්බර් 16 වැනිදා රාත්‍රි ගෙල වැලලාගෙන මියගිය බවට සඳහන් වූයේ අලුත්ගෙදර ආරියදාස නමැති 36 හැවිරිදි විවාහකයෙකි.

ඇවිත් මැච් එක දිනා දෙන්න ඉන්දියානුවෝ කෝලිගෙන් ඉල්ලති

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයට අමිහිරි වාර්තා කිහිපයක් එකතු කරමින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමත් සමඟම ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් තම ට්විටර් ගිණුම් ඔස්සේ විරාත් කෝලිට විවාහය අවලංගු කර කණ්ඩායමට නැවත එක්වන ලෙස සටහන් කර තිබිණි.

ක්‍රිකට් පිස්සන්ගේ වීරයා කෝලි සුරූපි බොලිවුඩ් තරුව අනුෂ්කා සමගින් යුග දිවියට


සුපිරි ක්‍රීඩක විරාත් කෝලිගේ හා සුරූපි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාව වී තිබුන.

කෝලිගේ විවාහය මේ මස සිදුවන බව පසුගිය කාලය පුරාම රාවයන් පැතිර ගිය අතර, ශ්‍රී ලංකා කණඩායම සමග පැවත්වෙන එක්දින තරඟාවලියට කෝලි සහභාගී නොවීම මෙම සැකය තවත් තහවුරු කරන්නක් විය.

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සුරූපි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සමග ඊයේ (11) යුග දිවියට පිවිසුණා.


ගතින් ආබාධිත, සිතින් ශක්‌තිමත් ලොව දිනූ නිමල්

ගතින් ආබාධිත වුවත් සිත ශක්‌තිමත් නම් කළ නොහැක්‌කක්‌ නොමැත. විටක ඔහු මාධ්‍යවේදියෙකි. සමාජ සේවකයෙකි, ආබාධිතයන්ගේ මානව හිමිකම් ලෝකයාට ඉදිරිපත් කරන්නෙකි. ලෝකයටම ආදර්ශවත් පුද්ගලයකු ලෙස ලෝක ආබාධිත සමුළුවේදී ඔහු එලෙස හඳුන්වා ඇත. ඔහු හැට දෙහැවිරිදි එන්. නිමල් ජයවර්ධන මහතාය.

අපට ඔහු හමුවුණේ ඉපලෝගමදීය. ආබාධිත නිමල් ජයවර්ධන මහතාගේ ගම කෝට්‌ටේය. ඔහුගේ පියා හමුදා නිලධාරියෙකි. සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියන් දෙදෙනකුගේ වැඩිමලා ඔහුය.

අපි ඔහු සමඟ මුලින්ම කතා කළේ කුඩා අවධිය ගැනය... මහත්තයෝ මම ජීවිතයට ඉස්‌කෝලේ ගිහිල්ලා නැහැ. පවුලේ අයගේ මතවාදය වුණේ දෙන දෙයක්‌ කාලා ඔන්න ඔහේ හිටපන්... යන අදහසය.

අසරණ මේ පවුල ඔබේ සරණ පතයි

අද දවස වන විට කරකියා ගැනීමට නොහැකි තරමට අසරණවී සිටින ඉතාමත් දිළිඳු පවුලක තොරතුරු සොයන්නට පසුගියදා අපි "දිවයින" පුවත්පත වෙනුවෙන් බදුරලිය ජී. ඇස්‌. මාවත අසල පදිංචි එම්. කේ. අජිත් පුෂ්පකුමාර මහතාගේ ගෙදරට ගියෙමු. එහිදී ඔහුට අපි කතා කරන්නට ඉඩහැර අපි අසා සිටියෙමු. මම බදුරලිය ග්‍රාම නිලධාරී වසමේ ස්‌ථිර පදිංචිකරුවෙක්‌. මගේ බිරිඳටයි මටයි දරුවෝ දෙන්නෙක්‌ ඉන්නව. 

ඒ දෙන්නව පුංචි දරුවෝ. මගේ දෙමාපියන් දෙන්නත් වයසයි. ඉතාම දුප්පත් මට ඒ දෙන්නව බලා කියා ගන්න ඕනේ. මොනව කරන්නද මට ජීවත්වෙන්න මගේ පවුල නඩත්තු කරගන්න විදිහක්‌ නැහැ. මම විවාහ වන විට රියෑදුරකු ලෙස සේවය කළා. අවුරුදු 30 වන විට මම ආතරයිටිස්‌ රෝගයෙන් පෙළෙන්න පටන් ගත්තා. දැනට මගේ උකුල් ඇට දිරාපත්වී ඇති බව වෛද්‍යවරු සනාථ කර ඇත. අත්වාරු වලිනුයි මේ වන විට මට ඇවිදීමට සිදුවී ඇත්තේ වයස අවුරුදු 6 වන මගේ වැඩිමහල් දරුවාවද අපස්‌මාර රෝගියෙකි. දරුවාද මාස්‌පතා සායනයට රැගෙන යා යුතුය. මේ හේතු නිසා මමද මගේ බිරිඳද ඉතාමත් අසරණවී ඇත. 

ගම්පහින් කොට්ටාවට ආ පාතාලේ වෙඩිහඬ


පාතාලය වූ කලී මිනී කාක්කන්ගෙන් පිරි රජදහනකි. එකා දෙන්න මරා ගනිමින් ගොඩගැසෙන මීනි ගොඩට කකුල් තබමින් උඩට යන්නේ එකී පාතාලයේ කිරුළු දරන්නටය. එහෙත් ඔටුනු පැළඳි කිසිම අයකු අද වනතෙක් හොයා ගන්නට නැත. හැමෝම ඔටුනු පැළඳි සැණින් ජීවිතය බිලිදුන්නෝ වෙති. එසේම පාතාලයට යුක්තිය සාධාරණය පෙන්නන්ට බැරිය. ඒ වෙනුවෙන් පෙනී සිටින්නෝ ද නයාට අඳුකොළ මෙනි. මේ නිසාම එසේ යුක්තිය සාධාරණය සදහා පෙනී සිටින්නන් සමාජයෙන් ඉවත් කිරීම පාතාලයේ ප්‍රධාන අරමුණ වී ඇත. පොලීසියේ සිට නගරය වන තෙක්ම එසේ සාධාරණයේ වෙනුවෙන් පෙනී සිටින්නෝ විනාශ කළ අතීතයක් පාතාලයට ඇත. වර්තමානයක් ද ඇත. අනාගතයක් ද ලබා ගැනීමට උත්සහ කරමින් සිටිති. 

මගේ වීරයා මාව දාලා ගියා - හැටදෙවසරකට පසු විශ්ව රූ රැජන අවසන් 16 අතරට ආ අපේ කෙල්ල කියන කතාව

වසර 62කට පසු විශ්ව රූ රැජන තරගයකදී ශ්‍රී ලාංකික සුන්දරත්වය හා තාරුණ්‍යය ඉහළට ඔසවා තැබීමට විසි තුන් හැවිරිදි ක්‍රිස්ටිනා පීරිස් සමත්වූවාය. කුඩා කලදීම ඇගේ මවත්, මිත්තණියත්, මුත්තණුවනුත් පිළිකා රෝගයෙන් මිය ගොස් තිබේ. අනතුරුව ඇය හැදී වැඩී ඇත්තේ තම පියාත් එකම සොයුරියත් සමඟ ය. බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඈ අනතුරුව පවුලේ සාමාජිකයින් සමඟ අබුඩාබි නුවර කරා සංක්‍රමණය වී තිබේ. 2017 වසරේ විශ්ව රූ රැජන සඳහා අබිසෙන් ලබන මෙරට තරගයේ, එනම් මිස් ශ්‍රී ලංකා තරගයේ කිරුළ පැළඳි ඇය පසුගියදා අමෙරිකාවේ ලාස් වේගාස්හි පැවැති 66 වැනි විශ්ව රූ රැජන තරගයේදී රටවල් 92ක රූ රැජනන් අතරින් අවසන් 16 දෙනාගේ වටය දක්වා සුදුසුකම් ලැබුවාය. 1955 වසරේදී ශ්‍රී ලාංකික මොරීන් හින්ගර්ට් විශ්ව රූ රැජන තරගයේ තෙවැනි ස්ථානයට පත්වීමෙන් පසු ශ්‍රී ලාංකික යුවතියක් එහි අවසන් 16 දෙනා දක්වා පැමිණි පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.

දඹුල්ලේදී එස්.ටී.එෆ්. අතටම කොටු වූ නිධන් කොල්ලකාරයෝ

“මහත්තයෝ.... මහත්තයාලාගේ රාජකාරිය දිහා මම බලාගෙන හිටියේ.... මට ටෙලිෆෝන් අංකයක් දීලා යනවාද...? පොඩි විස්තරයක් තියෙනවා කතා කරලා කියන්නම්....” දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් හමුවේ ගලේවෙල, වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ගැමියෙක් මෙසේ පවසා තිබුණේ නිලධාරීන් ඒ පළාතේ සිදුවන වැලි ජාවාරමක් සම්බන්ධයෙන් වැටලීමකට ගිය අවස්ථාවේදීය. එහිදී කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ජී. ලාල් ජයතිලක මහතා ඔහුගේ ජංගම දුරකථන අංකය ගැමියා වෙත ලබාදී පැමිණි අතර දෙදෙනා අතර විශ්වාසයක් ද ගොඩ නැගිණි.

ඔහු එදින දවාලේ පොලිස් විශේෂ බළකා අණදෙන නිලධාරීවරයාට ඇමතුමක් දී කියා තිබුණේ සිය ගම්මානයේ නිධන් හෑරීමේ ජාවාරමක් සිදු කෙරෙන බවත් හවසට සියලු විස්තර දන්වන බවත්ය.

සාමාන්‍ය පෙළ විභාගය දිනන්න මේ නැකතින් පිටත්වන්න

2017 දෙසැම්බර් මස 12 වැනි අඟහරුවාදා දිනෙන් ආරම්භ වී 2017 දෙසැම්බර් 21 දිනෙන් අවසන් වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන දරු දැරියන්ගේ යහපත සඳහා නිවසින් පිටත් වීමට අවශ්‍ය ශුභ නැකත් පහත දක්වා ඇත. රාහු කාලය හසුනොවීමට උනන්දු වන්න.

මෙදින නිවසේ දී උදේ 6.00 – 7.00 අතර ත්‍රිවිධ රත්නය වැඳපුදා ශ්‍රී විෂ්ණු දෙවිඳුට, ශ්‍රී කතරගම දෙවිඳුට, ශ්‍රී ගණ දෙවිඳුට, සරස්වතී දේව මාතාවට, මහා බ්‍රහ්ම දෙවිඳු ඇතුළු සියලුම දෙවිවරුන්ට පින් දී සෙත් පතා මවුපිය වැඩිහිටියන් නැමැද ගමන් අරඹන්න. එසේම පහත සඳහන්,

වර්ණභේදවාදයට අභියෝග කළ රාජකීය විවාහය

අප ගෙවමින් සිටින්නේ 21 වන සියවස වුවද බොහෝ සමාජයන්හි තවමත් වර්ණ භේදවාදය දක්‌නට ලැබේ. මෙය වඩාත් පවතින්නේ සුදු - කළු භේදය වශයෙනි. ලොව ඉහළම තලයේ වැජඹෙන ඇමරිකාවේ පවා එය පැහැදිලිව දැකගත හැකිය. එහි කළු ජාතිකයන් ගණනාවක්‌ම පසුගිය කාලයේ සුදු ජාතික පොලිස්‌ නිලධාරීන්ගේ වෙඩි පහරවලින් ජීවිතක්‌ෂයට පත් වූ බව මාධ්‍යය වාර්තා කළේය. කළු සමක්‌ ඇති මිනිසුන් මුහුණ දෙන සමාජ පීඩනය එබඳුය.

මේ තත්ත්වය යටතේ කළු ජාතිකයන් උද්දාමයට පත් කරන පුවතක්‌ පසුගිය සතියේ අසන්නට ලැබිණි. ඒ අන් කිසිවක්‌ නොව බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ විවාහයයි. ඔහුගේ විවාහය හා කළු ජාතිකයන් අතර ඇතී සම්බන්ධය කුමක්‌ද?