BREAKING NEWS
latest

728x90

468x60

ක්‍රිකට් පිස්සන්ගේ වීරයා කෝලි සුරූපි බොලිවුඩ් තරුව අනුෂ්කා සමගින් යුග දිවියට


සුපිරි ක්‍රීඩක විරාත් කෝලිගේ හා සුරූපි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාව වී තිබුන.

කෝලිගේ විවාහය මේ මස සිදුවන බව පසුගිය කාලය පුරාම රාවයන් පැතිර ගිය අතර, ශ්‍රී ලංකා කණඩායම සමග පැවත්වෙන එක්දින තරඟාවලියට කෝලි සහභාගී නොවීම මෙම සැකය තවත් තහවුරු කරන්නක් විය.

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සුරූපි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සමග ඊයේ (11) යුග දිවියට පිවිසුණා.




ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණේ ඉතාලියේ මිලානෝ නුවරදී.

මංගල උත්සවයට පවුලේ උදවිය හා ඉතා සමීපතම මිතුරන් පමණක් සහභාගී වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර අතර Borgo Finocchieto නම් හෝටලයේ ඔවුන්ගේ විවාහ මංගල උත්සවය පැවත්වූ බව සඳහන් වෙයි.

හිටපු ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාද මෙහි නවාතැන් ගෙන ඇති බව සඳහන් වන අතර ෆෝබ්ස් සඟරාවට අනුව ලොව දෙවන වැඩිම අය කිරීමක් කරනා නිවාඩු නිකේතනය වෙයි.

මෙම විවාහය ඔවුන්ගේ ජීවිත වලට බොහෝ සර්ථකත්වයන් ලබාදෙන බව ඉන්දියානු ජෝතිෂ්‍යවේදියකු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ විවාහ ජීවිතය තුළ යම් යම් ආරවුල්ද ඇතිවිය හැකි බව එම ජෝතිෂ්‍යවේදියා සඳහන් කර තිබේ.

යුග දිවියට එළැඹී පළමු වසර දෙකේදී මෙම ආරවුල් ඇතිවිය හැකි බව සඳහන් කරන එම ජෝතිෂ්‍යවේදියා, ඔවුන් දෙදෙනාගේ වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවතය පටලවා ගැනීම මෙම තත්වයට හේතුවිය හැකි බව ඔහු සඳහන් කරයි.කෙසේ වෙතත් ඉන්පසුව කෝලි – අනුෂ්කා යුවළ යහපත් පවුල් ජීවිතයක් ගත කරනු ඇතයිද සඳහන් වෙයි.


ඡායාරූප එකතුවක් පහතින්...







« PREV
NEXT »

Facebook Comments APPID