BREAKING NEWS
latest

728x90

468x60

මගේ වීරයා මාව දාලා ගියා - හැටදෙවසරකට පසු විශ්ව රූ රැජන අවසන් 16 අතරට ආ අපේ කෙල්ල කියන කතාව

වසර 62කට පසු විශ්ව රූ රැජන තරගයකදී ශ්‍රී ලාංකික සුන්දරත්වය හා තාරුණ්‍යය ඉහළට ඔසවා තැබීමට විසි තුන් හැවිරිදි ක්‍රිස්ටිනා පීරිස් සමත්වූවාය. කුඩා කලදීම ඇගේ මවත්, මිත්තණියත්, මුත්තණුවනුත් පිළිකා රෝගයෙන් මිය ගොස් තිබේ. අනතුරුව ඇය හැදී වැඩී ඇත්තේ තම පියාත් එකම සොයුරියත් සමඟ ය. බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඈ අනතුරුව පවුලේ සාමාජිකයින් සමඟ අබුඩාබි නුවර කරා සංක්‍රමණය වී තිබේ. 2017 වසරේ විශ්ව රූ රැජන සඳහා අබිසෙන් ලබන මෙරට තරගයේ, එනම් මිස් ශ්‍රී ලංකා තරගයේ කිරුළ පැළඳි ඇය පසුගියදා අමෙරිකාවේ ලාස් වේගාස්හි පැවැති 66 වැනි විශ්ව රූ රැජන තරගයේදී රටවල් 92ක රූ රැජනන් අතරින් අවසන් 16 දෙනාගේ වටය දක්වා සුදුසුකම් ලැබුවාය. 1955 වසරේදී ශ්‍රී ලාංකික මොරීන් හින්ගර්ට් විශ්ව රූ රැජන තරගයේ තෙවැනි ස්ථානයට පත්වීමෙන් පසු ශ්‍රී ලාංකික යුවතියක් එහි අවසන් 16 දෙනා දක්වා පැමිණි පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.

පහතින් පළවන්නේ මෙරට මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත් මොහොතේදී ඩේලි මිරර් පුවත්පත වෙනුවෙන් ධනූ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ක්‍රිස්ටිනා පළකළ අදහස් කිහිපයකි.

ඔබ සෑහෙන කාලයක් තිස්සේ පිළිකා රෝහල සමඟ සම්බන්ධවෙලා කටයුතු කරනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
මගේ පවුලේ කිහිපදෙනෙකුම පිළිකා රෝගයෙන් මිය ගියා. ඒ නිසා මහරගම පිළිකා රෝහලට එන රෝගීන් සමඟත් ඔවුන්ගේ ඥාතීන් සමඟත් කතාකරන්න මම යොමුවුණා. එයාලගේ කතාව අහන්න වුවමනා නිසා මම ඔවුන්ට සමීප වුණා. මගේ විලාසිතා ව්‍යාපාරය ආරම්භයේදීම මට එහි ලාභයෙන් කොටසක් මගේ ජීවිතයටත් සමීප යම් සමාජ සත්කාරයකට යොදවන්න අවශ්‍ය වුණා. ඒ අනුව මම තෝරාගත්තේ පිළිකා රෝහලයි. සෑම වසරකදීම ව්‍යාපාර ලාභයෙන් කොටසක් පිළිකා රෝහලට පරිත්‍යාග කරන්න මම තීරණය කළා. මට එහිදී දැනගන්න ලැබුණේ පිළිකා රෝහලට ප්‍රමාණවත් තරමින් වියළි ආහාර ලැබුණත් ඇතැම් ඖෂධවල අවශ්‍යතාවත් පොඩි ළමුන්ට සෙල්ලම් බඩුවල අවශ්‍යතාවත් තිබෙන බව. ඉතින් මිස් යුනිවර්ස් තරගය අවසන් වෙලා ආවට පසුව නත්තලට කලින් පිළිකා රෝහලට ඖෂධ පිරිනමන්න මම හිතාගෙන ඉන්නවා.



« PREV
NEXT »

Facebook Comments APPID