BREAKING NEWS
latest

728x90

468x60

ආදරය වැඩිකමට එකම දිනක අතිනත ගත් එක කුස උපන් අයියා - මලෝගේ අපූරු විවාහ උත්සවය

එක කුස උපන් සහෝදරයන් දෙදෙනකු එකම දින විවාහ වී තම මනාලියන් නිවෙසට කැන්දා ගෙන ආ පුවතක් මහනුවර වලල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කුඩා කල පටන් තිබූ සහෝදර බැඳීම කොතරම්ද යත් දෙදෙනාම එකම දිනයේ විවාහ විය යුතු බව ඔවුන් තීරණය කර තිබුණා.



වලල වාවින්න ප්‍රදේශයේ පදිංචි විජේනායක මහතා සහ ඥානතිලකා මහත්මියගේ පුතුන් දෙදෙනා වූ මොවුන් පෞද්ගලික සමාගම් දෙකක අලෙවි කටයුතු සම්බන්ධයෙන් රැකියාවල නියුතු අයයි.


ඔවුන් දෙදෙනාගේ අතගත් මනාලියන් වූයේ පිළිමතලාවේ පදිංචි උදේශිකා ශ්‍රී මාලි හා වලල ප්‍රදේශයේම පදිංචි දිල්ෂානි රුවන්තිකා ගුණවර්ධන නමැති තරුණියන්ය.

ඒ අනුව වැඩිමහල් සහෝදරයා වන අමිල විජේනායක හා බාල සහෝදරයා වන අනුරුද්ධ චාමර විජේනායක යන දෙදෙනාගේ විවාහ උත්සවය පසුගිය හත්වැනි දා පැවැත්වුණා.

ඊට පසු මනමාලියන් දෙදෙනාගේ නෑදෑ හිතවතුන් සමගඟ මනමාල පාර්ශ්වයේ නෑදෑ හිතවතුන් එක්වී පසුගිය නව වැනි දින දිගන ප්‍රදේශයේ හෝටලයක දිවා භෝජන සංග්‍රහයක් පවත්වා පවුල් තුනේ සතුට ඛෙදා ගත්තා.
« PREV
NEXT »

Facebook Comments APPID