BREAKING NEWS
latest

728x90

468x60

ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි TIER 3 දත්ත මධ්‍යස්ථානය මෙහෙයුම් අැරඹීමට සියල්ල සූදානම්

අති නවීන TIER 3 දත්ත මධ්‍යස්ථානයක් පිටිපන ප‍්‍රදේශයේ ඉදිකර ශ‍්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයේ සහ වැලිකඩ පිහිටි බහුවිධ දත්ත මධ්‍යස්ථාන අතර අන්තර් සබඳතාවක් ගොඩ නැගීම මඟින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි දත්ත මධ්‍යස්ථාන යටිතල පහසුකම් සුවිශේෂී පරිවර්තනයකට ලක්ව තිබේ.

මෙම පරිවර්තනයත් සමඟ පුළුල් හා ශක්තිමත් Co-location දත්ත පහසුකම් සහ Data Hosting පහසුකම්, තරගකාරී ගාස්තු යටතේ ලබාදීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෙත හැකියාව ලැබේ.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනීය අවධිය මධ්‍යයේ වුවද සිය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ උපායමාර්ගයේ වැදගත්ම අංගයක් ලෙස ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සිය දත්ත මධ්‍යස්ථාන ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කළේය. මෙම දත්ත මධ්‍යස්ථාන දැනටමත් උසස් හා ක‍්‍රියාකාරී තොරතුරු තාක්ෂණ පද්ධති මඟින් සිය පාරිභෝගික භවතුන්ගේ අවශ්‍යතාවන් සපුරාලීමට ක‍්‍රියා කර ඇති අතර ඒමඟින් නව සේවා සම්පාදක අවස්ථාවන් විවිධ ආයතන හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසායකයන් වෙත සැලසීමට ද කටයුතු කර ඇත. 
තොරතුරු තාක්ෂණ පහසුකම් සැමතැන සැමවිට යන ආකෘතිය සාක්ෂාත් කර ගැනීමට උත්සුක වන ප‍්‍රධාන විධායක නිලධාරීන්, ප‍්‍රධාන තොරතුරු නිලධාරීන්, ප‍්‍රධාන තාක්ෂණික නිලධාරීන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයින් හට වැඩි පහසුකම් සැලසීමට සමාගම අපේක්ෂා කරයි. එහිදී නිසි ක‍්‍රියාකාරීත්වය, වැඩි ක‍්‍රියාකාරී බව සහ අතිරික්ත ධාරිතාවක් මඟින් දෝෂ කළමනාකරණය යන කරුණු කෛරහි වැඩි අවධානයක් යොමු කෙරේ.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි නව දත්ත මධ්‍යස්ථානය යෝජිත නව තාක්ෂණ නගරයේ පිහිටා ඇති අතර එය racks 500 ක ධාරිතාවකින් සමන්විත වනු ඇත. අවශ්‍ය පරිදි ධාරිතාව ඉහළ නැංවීමේ ප‍්‍රතිපාදන ද එය සතුය. සිය ප්රාග්ධන වියදම් (CAPEX) හා මෙහෙයුම් වියදම් (CAPEX) ඵලදායීව කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය පරිදි කුලී පදනම මත ර්ජනි ලබා ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ඇත.

පාරිභෝගිකයින් තමන්ගේම දත්ත මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමට වැය කරන මුදලට සාපේක්ෂව මෙහි කුලිය ඉතා අවම වනු ඇත. ධාරිතාව, ආරක්ෂාව, ආපදා කළමනාකරණය යනාදී කරුණු සම්බන්ධයෙන් වන විශේෂඥ දැනුම සහ ඊට වැයවන වියදම දැරීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් අපේක්ෂා කරයි.
« PREV
NEXT »

Facebook Comments APPID