Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily Sinhala, Hiru gossip, Neth gossip, celebrity English gossip, and much more on gossip99.com

test

BREAKING NEWS

ජනපි‍්‍රය නළු නිළියන්ට ඇතුවත් බැරි නැතුවත් බැරි පිරිසක් හැටියට රසිකයන් හඳුන්වා දිය හැකිය. රසිකයන් අතරේ පවතින ජනපි‍්‍රයතාවය නළු නිළියන්ගේ සාර්ථකභාවයට ඛෙහෙවින් හේතුවන බව විශ්වාස කෙරේ. තමන් ආදරය කරන නළුවා හා නිළිය වෙනුවෙන් මරණයට පත්වීමට කැමති රසිකයන් ද මේ අතර සිටී. එසේම එම නළුවා හා නිළිය තමාට පමණක් සිමා කරගැනීමට තැත් කරන මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන රසිකයන් ද මේ අතර සිටින බව නොරහසකි.

නැගී එන හොලිවුඩ් නිළියක් වූ සුරූපී රෙඛෙකා ෂෙෆර් ද රසිකයකු නිසා අකල් මරණයකට පත් වූ නිළියකි. ඇයගේ මරණය කලා කේෂත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අවාසනාත්මක සිදුවීමකි.


රෙඛෙකා සිනමා කේෂත්‍රයට පැමිණියේ නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතරතුරදීය. ෆෝට්ලන්ඩ් ප්‍රදේශයේ ජීවත් වූ රෙඛෙකාට නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීම සඳහා නිව්යෝක් නගරයට යාමට ඇයගේ මවුපියෝ අවසර දුන්හ. නිව්යෝර්ක් නගරයට ගිය ඇය නිරූපන ශිල්පිනියක් ලෙස රැකියාව කරමින් සිටියදී රඟපෑම කෙරේ ද යොමුවුවාය. වුඩි ඇලන් නමැති සුප්‍රකට විකට නළුවාගේ ර්‍ණරේඩියෝ ඩේස්” නමැති ප්‍රහසන චිත්‍රපටියේ සුළු චරිතයක් රඟපාමින් චිත්‍රපටි ලොවට පිවිසි රෙඛෙකා ර්‍ණසෙවටීන්” නමැති ජනපි‍්‍රය සඟරාවේ කවරයේ චරිතය ලෙස ගැනීමත් සමඟ මහත් සේ ජනපි‍්‍රයත්වයට පත්වුවාය. එහි ප්‍රතිඵලය වුයේ ර්‍ණමයිසිස්ටර් සැම්” නමැති රූපවාහිනි නාට්‍ය මාලාවේ වැදගත් චරිතයක් නිරූපනය කිරීමට අවස්ථාව ඇයට හිමිවීමයි. එම නාට්‍යය රූපවාහිනි කේෂ්ත්‍රයේ අතිශය ජනපි‍්‍රය නාට්‍ය මාලාවකි.

ඉන් පසුව රෙඛෙකාට චිත්‍රපටි ගණනාවකම රඟපෑමට අවස්ථාව හිමි වූ අතර ර්‍ණීජැබැි රෙදප ක‍ක්ිි ිඑමටටකැ සබ ඊැඩැරකහ ්‍යසකි” (සීන්ස් ප්‍රොම් ද ක්ලාස් ස්ට්‍රගල් ඉන් ඛෙවර්ලි හිල්ස්) නමැති චිත්‍රපටියේ නළුවකු සමඟ සයනයේ වැතිර සිටිමේ දර්ශනය රෙඛෙකා ෂෙෆර් ගේ ඉරණම විසඳීමට හේතුවිය.

රොබට් ජොන් බාඩෝ රෙඛෙකාගේ රසිකයකු වුයේ ඔහුගේ මුල් පෙම්වතිය ලෙස සැලකු සමන්තා ස්මිත් නමැති නිළිය ගුවන් යානා අනතුරකින් මිය ගිය පසුවය. බාඩෝ රෙඛෙකාට ආදරය කරන්නට විය. ඇයට ඔහු ආදර ලිපි යැවු රසිකයකුද විය. ඔහු තුළ රෙඛෙකා පිස්සුවක් බවට පත් වී තිබිණි. ඔහු එවු එක් ලිපියකට රෙඛෙකාගේ ලේකම් විසින් පිළිතුරක් ද යවා තිබිණ. බාඩෝ එක් දිනක ලොස් ඇන්ජලීස් නගරයට ගියේ ර්‍ණමයි සිස්ටර් සැම්” ටෙලි චිත්‍රපටියේ රූගත කරද්දී රෙඛෙකා හමුවීමේ අදහස ඇතිවය. එහෙත් රූගත කරන ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරින් ඔහු එතැනින් පන්නා දැමුවේය. ඉන් කෝපයට පත් බාඩෝ පසුව එම ස්ථානයට පැමිණියේ කිනිස්සක් ද අතැතිවය. එහෙත් එදින ද ආරක්ෂක නිලධාරින් දැඩි බාධා ඇතිකිරීම නිසා රෙඛෙකා අමතක කර දමා යන්නට ඔහුට සිදුවිය.

එහෙත් රෙඛෙකා පිළිබඳ මතකය ඔහුට යළිත් ඇති වුයේ ඇය රඟ පෑ ඉහතින් සඳහන් කළ ර්‍ණසීන්ස් ෆ්‍රොම් ද ක්ලාස් ස්ට්‍රගල් ඉන් ඛෙවර්ලි හිල්ස්” නමැති චිත්‍රපටිය නැරඹීමත් සමඟය. එහි රෙඛෙකා නළුවකු සමඟ සයනයේ නිරූපනය කළ ප්‍රේම ජවනිකාව දුටු ඔහුට ඇය කෙරෙහි ඇති වුයේ කෝපයක්ය.

මේ නිසා ඇයට දඬුවම් කිරීමට අරමුණු කරගත් බාඩෝ ටස්කන් ප්‍රදේශයේ එක්තරා පෞද්ගලික රහස් පරීක්ෂකයකුට ඩොලර් 250 ක් දී රෙඛෙකා ෂෙෆර් ගේ ලිපිනය සොයා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව කැලිෆෝනියාවේ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් රෙඛෙකාගේ ලිපිනය සොයාගත් එම පෞද්ගලික රහස් පරීක්ෂකවරයා එය බාඩෝට ලබා දුන්නේය. ඉන් පසුව ඔහු සිය සහෝදරයාගේ නමින් පිස්තෝලයක් මිලදී ගත්තේය. ඊට හේතුව වුයේ ඒ වන විට ඔහු දහනව වියේ පසු විමය.තුන්වැනි වරටත් ලොස් ඇන්ජලීස් නගරයට බාඩෝ ගියේ රෙඛෙකාගේ නවාතැන පිළිබඳ සියලු තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුවය.

ඔහු ඇයගේ නිවසේ සීනුව නාද කළේය. ඒ අවස්ථාවේ රෙඛෙකා සිටියේ ඇයගේ අලුත්ම චිත්‍රපටි චරිතයේ දෙබස් පුහුණු වෙමිනි. සීනුව නාදවීම නිසා ඇය ඉදිරිදොර විවෘත කළාය. එවිට ඇය විසින් එවන ලද ලිපියක් හා ඇයගේ අත්සන සහිත කාඩ් පතක් ද ඔහු ඇයට පෙන්වීය. ඔහු සමඟ හොඳින් කථා කළ රෙඛෙකා නැවත නොපැමිණෙන ලෙස පවසා ඔහු පිටත් කර හැරියාය.

බාඩෝ අසල තිබු හෝටලයකට ගොස් ආහාර ගෙන නැවත රෙඛෙකාගේ නිවෙසට ගියේය. මින් රෙඛෙකා මහත් කෝපයට පත් වුවාය. ඒ අවස්ථාවේ කඩදාසි බෑගයෙන් එළියට ගත් පිස්තෝලය ඇයගේ පපුවට තැබු බාඩෝ වෙඩි පහර දෙකක් ඇයට තැබීය. වෙඩි වැදුණු රෙඛෙකා නිවස ඉදිරිපිටම ඇද වැටුණේ මරහඬ නඟමිනි. වෙඩි හඬ ඇසුණු අසල් වැසියෝ එතැනට දිවැවිත් වහාම ඇය ඔසවා තබා ඒ අසල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගියහ. එහෙත් වෙඩි වැදුනු මෙහොතේම ඇය මියගොස් තිබු බව වෛද්‍යවරු ඔවුනට පැවසූහ.

රෙඛෙකාගේ ඝාතනයෙන් දිනකට පසු බාඩෝ අත්අඩංගුවට ගනු ලැබුවේ පිස්තෝලයක් අතැතිව මහමඟ දිවමින් සිටි අන්දම දුටු රථ වාහන හිමියකු ගෙන් ලැබු තොරතුරක් නිසාය. අත්අඩංගුවට පත් විගසම තමා රෙඛෙකා ෂෙෆර්ට වෙඩි තැබු බව බාඩෝ පිළිගත්තේය.

විශ්‍රාමලත් හමුදා භටයකුගේ හා කොරියන් කාන්තවකගේ දරුවන් හත්දෙනකුගෙන් යුත් පවුලේ බාලම දරුවා බාඩෝය. ඔහුගේ ළමා විය නොයෙකුත් මානසික පීඩා වලින් ගහනය වූ අතර ඔහු වැඩිමහළු සොහොයුරකු අතින් අතවරයට ද ලක් වූ අයෙකු ද විය. ඒ නිසා ඔහු සියදිවි හානිකර ගැනීමට ද තැත්කළ දරුවකු වු අතර මානසික ව්‍යාධියකින් පෙළෙන අයකු ලෙසට ද ප්‍රතිකාර ලැබුවෙකි. එසේම රෙඛෙකාගේ ඝාතනයට පෙර නොයෙකුත් ගැටුම් හා සාහසික ක්‍රියා නිසා ඔහු තුන්වරක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබිණි.

රෙඛෙකාගේ ඝාතනයෙන් පසු මනෝචිකිත්සක පාක් ඩිසෙට්ස් හමුවේ කළ ප්‍රකාශය ඔහුගේ මානසික ව්‍යාධි තත්ත්වය සනාථ කර තිබිණි.

තමා රෙඛෙකාගේ නිවෙසේ සිනුව දෙවැනි වර නාද කරන විට දොර විවෘත කළ රෙඛෙකා ර්‍ණතමුසේ කියන දෙයක් විගහට කියනවා. මට ඕව අහන්න වේලාවක් නෑ.” යනුවෙන් පැවසු බවත් එවිට තමාට මහත් කෝපයක් ඇති වූ බවත් ර්‍ණරසිකයකුට ඒ විදියට කතා කරන එක නරකයි.” යනුවෙන් පවසා කඩදාසි බෑග් එකේ තිබු පිස්තෝලය එළියට ගෙන ඇයට වෙඩි තැබු බවත් ඔහු උසාවිය ඉදිරියේ පැවසීය. වෙඩි වැදුණු රෙඛෙකා ඇද වැටෙන ගමන් ර්‍ණඇයි මේ ඇයි මේ” යනුවෙන් අවසන් වදන් පැවසූ බවත් ඉන් අනතුරුව තමාට ද හිසට වෙඩි තබා ගන්න හිතුණ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.” රෙඛෙකා ඝාතනයේ නඩු තීන්දුව අනුව බාඩෝට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හිමි වූ අතර මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් රථ වාහන අයිති කරුවන් ගේ ලිපින කෙනෙකුට ලබාගැනීමේ හැකියාව මෙම නඩුතීන්දුවෙන් පසු රජය මගින් තහනම් කරන ලදී.

එසේම නළු නිළියන් පසුපස හඹා යාම නීති වීරෝධි ක්‍රියාවක් ලෙසටද මෙම සිද්ධියෙන් පසු නීතිගත වීම මෙම ඝාතනයේ තවත් ප්‍රතිඵලයක් විය.

උපුටා ගැනීමකි

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak

728x90

gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2015 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here Help Desk :
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

GOSSIP99

GALLERY