BREAKING NEWS
latest

728x90

468x60

සුළු පියාගේ ලිංගික අතවරයකට ලක්‌ව රෝහලේ සිටි දැරිය වාට්‌ටුවේ සිටි කතක්‌ හොරෙන් උස්‌සලා

බාලවයස්‌කාර දැරියක්‌ ලිංගික අතවරයට ලක්‌වීම හේතුවෙන් රෝහල් ගතකර සිටියදී එම රෝහල් වාට්‌ටුවේම නේවාසිකව සිටි කාන්තාවක්‌ හොර රහසේම දැරියව රෝහලෙන් රැගෙන යැමේ සිද්ධියක්‌ හලාවත පොලිසියෙන් වාර්තා වෙයි.

මාදම්පේ පොලිස්‌ වසමේ පදිංචි වයස අවුරුදු 12 ක්‌වූ හය වසර ඉගෙනුම ලබමින් සිටි දැරියට ඇයගේ සුළු පියා ලිංගික අතවරයක්‌ සිදුකර ඇති බවට දැරියගේ මව මාදම්පේ පොලිසියට පැමිණිලිකර තිබුණාය. ඒ අනුව මාදම්පේ පොලිසිය එම දැරිය ඇයගේ කිරි අම්මා භාරයේ හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්‍ෂාව සඳහා රෝහල් ගත කර සිටියහ.

එසේ සිටියදී ඇය සිටි වාට්‌ටුවේම නේවාසිකව සිටි කාන්තාවක්‌ එම දැරියව කිසිවෙකුටත් නොදන්නවා රැගෙන ගොස්‌ ඇත.

ඇයව රැගෙන ගොස්‌ සඟවා ගෙන ඇත්තේ වෙන්නප්පුව පොලිස්‌ වසමට අයත් සිරිගම්පොළ කිරිමැටියාන වත්ත පදිංචි වර්ණකුලසූරිය ප්‍රියංකා කුමාරි (37) නමැත්තිය බවට හෙළිකරගත් හලාවත පොලිසිය වෙන්නප්පුව පොලිසියට දැනුම්දීම මත දැරිය හා සැකකාරිය යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන හලාවත පොලිසියට භාරදී තිබේ. වින්දිත දැරිය යළි දැරියගේ මව භාරයේ රෝහල් ගත කර ඇත. මේ සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය හා හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඒ. යූ. ගුණපාල
« PREV
NEXT »

Facebook Comments APPID