BREAKING NEWS
latest

728x90

468x60

නාන තුවාය පිටින් බසයේ ගිය තරුණයා නුගේගොඩදී කරපු වැඩක්

ඊයේ දහවලේදී තරුණයෙකු නුගේගොඩ පාලම අසල ඇති බස් නැවතුමට තුවායක් පමණක් ඇඳගෙන පැමිනීමේ පුවතක් අපිට වාර්තා වුනා.

ඔහු මෙසේ පැමිණ ඇත්තේ මිනිසුන් රැසක් සිටි ජනාකීර්ණ වේලාවකදියි !

පසුව ඔහු කොළඹ කොටුව දෙසට ගමන් කල බස් රථයකට නැග ඇති අතර බසය තුලදී තවත් තරුණයින් පිරිසක් සමඟ බහින්බස්වීමක් සිදුවී තිබෙනවා.

දළදා මැඳුරේ ප්‍රවේණි ඉඩම් විකුණූ මුදල් බහිරවයෝ ගිලිති

වික්කේ කෝටි 9කට: මාලිගාවට ලැබුණේ ලක්ෂ 7යි පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වෙයි

ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් විකුණා ලැබූ කෝටි ගණනක මුදලක් යටිමඩි ගසා ගැනීමක් පිළිබඳ පොලිස් පරීක්‍ෂණ හරහා කරුණු හෙළිවී ඇත.

ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් ලෙස හඳුනා ගත් පේරාදෙණියේ් පිහිටි උඩවත්ත සහ මල්නයිදාගේ හේන නැමති අක්කර 9ක් විශාල ඉඩම් දෙකක් රුපියල් 92,870,000කට සින්නක්කර ඔප්පු මගින් විකුණා ඇත. ඉඩම් විහාර දේවාල ගම් ආඥා පනත අනුව ප්‍රවේණි ඉඩම් විකිණිය හැකිය. එහෙත් එෙසේ විකුණන අවස්ථාවක එකී ඉඩම් ප්‍රවේණි ඉඩම් බව දැක්විය යුතු අතර, ඉඩම් මිල දී ගන්නන් ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිවලට යටත් බව සඳහන් කළ යුතුවේ. එහෙත් මෙම ඉඩම් විකිණීම පිණිස පාර්ශ්වකරුවන් ලෙස දියවඩන නිලමේ නිලංග දෑල අත්සන් කර ඇති නමුත් එකී ඉඩම් ඔප්පුවල ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිවලට අයත් බව දක්වා නැත. මේ ඉඩම් විකිණීමෙන් රුපියල් 92870000ක ආදායමක් ලබා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවේ. එහෙත් මේ සුවිසාල මුදල් ප්‍රමාණයෙන් ශ්‍රී දළදා මාලිගාවට ලැබි ඇත්තේ රුපියල්730000ක් පමණය.

අසරණ වූ පොලිස් පරික්ෂක තුමා අවුරුදු 72දී ජිවත් වෙන්නේ කුලී වැඩ කරලා

1967 පොලිස් කොස්තාපල් වරයෙකු ලෙස පොලිස් සේවයට බැඳී 2005.09.25 වන දින ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකු ලෙස විශ්‍රාම ගත් පොලිස් නිලධාරියෙක් කියන දුක් ගැනවිල්ලක් ගැනයි අපි අද කියන්න යන්නේ.

මේ ඔහු කියන සංවේදී කතාවක්.

සේවා කාලය අවුරුදු 38 ක් වන අතර එම කාලය තුල මා කොළඹ ,මාතර,යාපනය ,තංගල්ල,වව්නියාව,සහ ගම්පොල යන පොලිස් කොට්ටාශ වල සේවය කළා.

1969 වසරෙ සිට වසර 6ක් පොලිස් ඒ රගර් කණ්ඩායම නිය්ජනය කළා.1972 දී කොළඹ ක්‍රීඩා සමාජයත් පහතරට ක්‍රීඩා සමාජයත් නියෝජනය කර තිබෙනවා. 

ඩුබායි ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියට අයුතු යෝජනාවක් කළ පුද්ගලයා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ නිලධාරියෙකු තමන්ට අයුතු යෝජනාවක් කළ බව ඩුබායි හී ජිවත්වන මුනාසා ජිලානි නමැති ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියක් විසින් එල්ලකළ චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.



නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ අදාළ නිලධාරියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු නොවන බවයි.

ඔස්ටින් අයියට පන පොවන සේනක ඇන්තනීට අසාධ්‍යයි

මේ දින වල ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන 'කුඹීයෝ' හී චරිත මවන සේනක ටයිටස් ඇන්තනී මහතා සිංගප්පුරුවේ රෝහලකට ඇතුලත් කර ඇතැයි වාර්තා වේ.

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් සරච්චන්ද්‍ර රණසිංහගේ වැඩ කිඩ ගැන නොදත්දේ මෙන්න

වයිස් අද්මිරාල් සිරිමෙවන් සරච්චන්ද්‍ර රණසිංහ 1982 නොවැම්බර් මස 15 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 11 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍ය භට නිලධාරියකු ලෙස තම නාවික ජීවිතය ආරම්භ කරනවා. අනුරාධපුර ශාන්ත ජෝෂප් විද්‍යාලයේත් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේත් දීප්ති මත් ශීෂ්‍යයෙකු වූ මොහු ත්‍රිකුණාමාලය නාවික හා සාගරික විද්‍යාපීය තුලදී ලත් මුලික නාවික පුහුණුව අවසානයේදී 11 වන බදවා ගැනීමට අයත් විශිෂ්ඨතම ශිෂ්‍ය භට නිලධාරියා ලෙස නාවික හමුදා සේවයට එක්වීය.

නව නාවික හමුදාපති ධූරය රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පත් කර ඇතැයි වාර්ථා වේ.

ඒ නාවික හමුදාපති ට්‍රිවස් සින්නයියා මහතා ගේ විශ්‍රාම යාමත් සමගිනි.ට්‍රිවස් සින්නයියා මහතා ගේ පත්වීම මෙන්ම විශ්‍රාම යෑමද රට තුල මහත් කතා බහට ලක් විය.

රියර් අද්මිරාල් රණසිංහ මහතා මීට පෙර මාණ්ඩලික ප්‍රධානී තනතුරෙහිද සේවය කොට ඇත.ඒ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්. සී. විජේගුණරත්න මහතා ගේ වකවානුවේදීය.

මායම් දාමා කොල්ලන් වසගකරගත් පෙම්වතියට වැඩක් දෙන්න කපුවෙකුත් අරන් ගිහින් වෙච්ච හදියක්

මිතුරෙකුගේ පෙම්වතියක් හා ඇගේ තවත් පෙම්වතෙකු බිය වැද්දීම සඳහා පිහියක් රැගෙන ආ කට්ටඩියෙකු අත්අඩංගුවට ගෙන පෙම්වතියත් පෙම්වතියගේ තවත් පෙම්වතුන් තිදෙනෙකුත් මුදාහැරීමේ අපූරු පුවතක් දඹුල්ල පොලිසියෙන් පසුගියදා වාර්තා වුණා.

දඹුල්ල පොලිසියේ අපරාධ අංශයට පසුගියදා හදිසි දුරකථන ඇමතුමකින් පණිවිඩයක් ලැබී තිබුණේ දඹුල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමට තැත් කිරීමේ සිදුවීමක් සිදු වන බවයි.

ලංකා ක්‍රිකට් පිල අන්ත පරාජයට ලක්වෙද්දි සාජා හිදි කාන්තා දඩයමක යෙදුණු ක්‍රිකට් ලොක්කා කවුද?

පාකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියෙක් තමන්ට අයුතු යෝජනාවක් කළ බවට එම තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකරන ආයතනයක නිලධාරිනියක් චෝදනා කරනවා.

ඇය තම ට්විටර් ගිණුම ඔස්සේ මේ බව අනාවරණ කර තිබෙන්නේ අදාළ නිලධාරියා විසින් තමන් වෙත එවූ බව පැවසෙන දුරකථන සංවාද පණිවිඩද ඉදිරිපත් කරමිනුයි.

මාස 2 ක්‌ ගතවුවත් කැලණිය ගුවන් පාලමේ අලුත්වැඩියාව ඉබිගමනේ

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්‌මරණ ගුවන් පාලමේ පිටවීමේ මංතීරුව අලුත්වැඩියා කිරීමේ වැඩ මාස දෙකකට අධික කාලයක්‌ ගතවී ඇතත් ඉබිගමනේ සිදුකිරීම නිසා රියෑදුරන්ට දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුව ඇත. මංතීරු දෙකකින් යුත් මෙම ගුවන් පාලම අලුත්වැඩියාවට රජය රුපියල් කෝටි හතකට අධික මුදලක්‌ වෙන් කර ඇත. 

පාතාලයන් 2 ක්‌ බේරාගන්න ඇමැති දෙපළකගෙන් පොලිසියට බලපෑම්

මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු දරුණු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයන් දෙදෙනකු බේරාගැනීම සඳහා රජයේ ප්‍රබලම ඇමැතිවරුන් දෙදෙනකු පොලිස්‌ විශේෂ කාර්ය බළකායට සහ පොලිසියට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

පෑලියගොඩ ප්‍රදේශය සිය රාජධානිය කරගෙන සිටින මෙම පාතාල නායකයන් දෙදෙනා ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී සිටින බව ද වාර්තා වෙයි.

මාලක සිල්වා ඇප කොන්දේසි කඩ කර ඇද්දැයි සොයන්න නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුතු වන මාලක සිල්වා අධිකරණ කොන්දේසි කඩ කර ඇද්දැයි යන්න සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා ඊයේ (24) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළේය.

බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට පහර දී තුවාල සිදු කිරිමේ චෝදනාවක් සම්බන්ධ නඩුව ඊයේ (24) යළි කැඳවීමෙන් අනතුරුව ‍මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සියල්ල අතහැර ආදරණීය කලාකරුවා පැවිදි දිවියට පිවිසිය හැටි මෙන්න

අපේ රටේ ප්‍රවීන නළුවෙක් වුණු සෝමසිරි අලකොලාංග පසුගිය දවසක පැවදි දිවියට පිවිසීම ගැන අපි ඔබට කිව්වා. රංගන කුසලතාවයෙන් රසික හදවත් ආමන්ත්‍රණය කළ චරිතයක් බවට ඔහු හැදින්විය හැකියි. සිනමාවට වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට වටිනා සේවයක් ඔහුගෙන් ඉටුවුණා.


ඔහු පැවදි දිවියට පිවිසියේ හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියන් නමිනුයි. ගාල්ල උළුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී උන්වහන්සේ පැවදි දිවියට ඇතුලත් වුණා.

පසුගියදා ප්‍රවීන රංගන ශිල්පියෙකු වූ සෝමසිරි අලකොළංග මහතා හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින් පැවිදි දිවියට ඇතුලත් වූ බවට අන්තර්ජාලය ඔස්සේ කා අතරත් ප්‍රවෘත්ති හුවමාරු වුණා.

පිහි පහරක් කා සිටියදීම අපරාධකරු කොටු කළ බන්ධනාගාර අධිකාරිවරයාගේ වික්‍රමය

මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාට පිහියෙන් ඇන පලා යැමට තැත් කළ පුද්ගලයෙකු බන්ධනාගාර අධිකාරිවරයා විසින්ම අල්ලාගෙන පොලීසියට භාර දුන් පුවතක් වාර්තා වෙනවා.

මැගසින් බන්ධනාගාර අධිකාරි සුමිත් රංජන් මෙසේ නාඳුනන පුද්ගලයකුගේ පිහි පහරට ලක්‌ව ඇත්තේ පසුගියදා (21 දා) රාත්‍රි 7.30 ට පමණ අමතර පන්තියකට සහභාගි වී සිටි තම දරු දෙදෙනා රැගෙන ඒමට ගිය අවස්‌ථාවේදීය.

පිහි පහරට ලක්‌වූ බන්ධනාගාර අධිකාරිවරයාගේ උදර ප්‍රදේශයට ශල්‍යකර්මයක්‌ සිදුකර තිඛෙන අතර ඔහුගේ එක්‌ අතකටද තුවාල සිදුවී ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

ඉන්ධන ආනයන වියදම සියයට 73 කින් ඉහලට

2017 අගෝස්තු මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,021 ක් දක්වා සියයට 23.9 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ඉන්ධන ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 312 ක් දක්වා සියයට 73 කින් ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

පිරිපහදු කරනල ද ඛනිජ තෙල් ආනයන වියදම එක්සත් ජනපද ලෙර් මිලියන 233 ක් දක්වා සියයට 110.9 කින් සැලකිය යුතු ලෙස ඉහළ යෑම ඉන්ධන ආනයන වියදම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත.

ධම්මික මියන්මාරයත් අල්ලයි

එල් බී ෆිනෑන්ස් පීඑල්සී විසින් 99% ක කොටස් හිමිකාරීත්වයක් දරනු ලබන එල් බී මයික්‍රෝෆිනෑන්ස් මියන්මාර් කම්පැනි ලිමිටඩ් සිය ව්‍යාපාරික කටයුතු 2018 මාර්තු 31 දිනට පෙර ආරම්භ කරනු ලබන බව කොළඹ කොටස් වෙළෙපොළ වෙත දැනුම් දී සිටී.

වාරියපොලින් අතුරුදන්ව කොළඹ කොටුවෙන් හමු වූ පිරිමි දරුවා පොලිසියට ඇවිත් කියපු කතාව

මීට දින 7 කට පෙර අතුරුදන් වූ වාරියපොල - පාදෙණිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පිරිමි දරුවා කොළඹ - කොටුව ගුණසිංහපුර බස්නැවතුම් පොළේ සිටියදී පසුගියදා (21) හමුවී තිබුණා.

ඒ, වේල්ලවීථිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකු හටයි. 

පසුගිය සෙනසුරාදා සිට මෙලෙස අතුරුදන්ව තිබුණේ අතුල සේනාරත්න නම් පාදෙණිය ශ්‍රී සුනන්ද මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්. 

සතොසට බියර් සහ වයින්

රට පුරා පිහිටි සතොස ශාඛාවන්හි බියර් හා වයින් අලෙවි කිරීම ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවට වාර්තා වේ.

බයිසිකලෙන් ගමන් යන කොඳු ඇට හයිය නෙදර්ලන්ත අගමැති

වෛද්‍යවරුන් හඳුනා නොගත්තත් මෙය විශේෂයෙන් මෙරට දේශපාලකයින් සම්බන්ධයෙන් මෙරට ජනතාව පට බඳිනු ලැබූ අමුතු ආකාරයේ රෝගී තත්ත්වයකි.

රථවාහන පිරිවරා ගත් මැති ඇමතිවරුන්ගේ මහමග දසුන් අදට වඩා පසුගිය සමයේ මෙරට මහා මාර්ගවල සුලභ දසුනක් විය.

අහිංසක ජනතාවගේ ඡන්දයෙන් බලය ගෙන මහමග පයින් යන ජනතාවගේ ගමන ද නවතා ජනතාව මග දෙපසට කර අපේ රටේ දේශපාලනඥයින් ගිය ගමන්වල හදිසිය ජීවිතයත් මරණයත් අතර සටනක් නිරත රෝගියෙකු රැගත් ගිලන් රථයක වේගයටත් වඩා අධික විය.

ලහෝර් ප්‍රහාරයේ බස් ඩ්‍රයිවර් සංගා කී කතාව් සවේදීව කියු අයුරැ මෙන්න

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන විට ක්‍රීඩකයන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් බස්රිය ධාවන කළ මුහම්ම්ද් ඛලිල් පිළිබඳව නොදන්නා කිසිවෙකු නොමැති තරම්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පාකිස්තානයේ තරග සංචාරයකට යෑමට සූදානම් වන අවස්ථාවේදී මුහම්මඩ් පිළිබඳවද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඔහු විවිධ මාධ්‍යන්ට අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පාකිස්තානයට පැමිණීමට ගත් තීරණය පිළිබඳව සිය උපරිම සහයෝගය ලබාදෙන බවයි.

දකුණේ පාසල් පාතාලය ගැන ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් ප්‍රබල හෙළිදරව්වක්

මාතර, අකුරැස්‌ස සහ තිබ්බොටුවාව ප්‍රදේශයේ සමහර පාසල්වල සිසුන් පාතාල සාමාජිකයන් ලෙසින් හැසිරෙන බවට ප්‍රබල චෝදනාවක්‌ එල්ල වී තිබේ. මෙලෙස චෝදනා එල්ල කරනුයේ මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ය. එම මන්ත්‍රීවරයා දකුණු පළාත තුළ ක්‍රියාත්මක වන පාසල් පාතාලය පිළිබඳ විස්‌තර කළේ මෙලෙසින්ය. 
“ඇත්තටම කියන්න කනගාටුයි මට පාසල් පාතාලය ගැන දැනගන්න ලැබුණේ දැනට දින කිහිපයකට ඉහතදී. මුලින්ම මම මේක විශ්වාස කළෙත් නැහැ. පස්‌සෙ හොයලා බලද්දී තමයි දැන ගත්තේ ඇත්තටම සමහර පාසල් තුළ පාතාලය ක්‍රියාත්මක වෙනවා කියලා…”

උල්කාෂ්මයක කොටසක් දික්වැල්ලෙන් හමු වෙයි

දකුණේ ප්‍රදේශ ගණනාවකට විශාල ශබ්දයක් නංවමින් පුපුරාගිය උල්කාශ්මියේ කොටසක් පිළිබඳව දික්වැල්ල පොලිස්වසමෙන් වාර්තාවෙයි. 

එම උල්කාශ්මයේ කොටසක් වලස්ගල ප්‍රදේශයේ නිවසක වහලය මත ඇතැයි යන තොරතුරු මත ආගන්තුක පාෂාණ කොටසක් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට ආතර් සි. ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් මේ වනවිට එම ප්‍රදේශයට ලඟාවෙමින් සිටින බවද වාර්තාවේ.

මෙම සිදුවීමට අදාළ නිවසට මේ වනවිට පොලිස් ආරක්ෂාව ලබාදී තිබේ.

මේ මොහොත වනවිට මාතර ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එහි ලඟා වෙමින් සිටින බවත් භූ විද්‍යා හා පතල් කැනීම් ආයතනය ඇතුළු විවිධ ආයතන ගණනාවක නියෝජිතයන්ද එම ප්‍රදේශය බලා ගමන් කරන බවද පැවසේ.

දකුණු ආසියාවේ හොඳම බන්ධනාගාරය අගුණකොළපැලැස්ස දී විවෘත වෙයි

අන්තර් ජාතික ප්‍රමිතීනන්ට අනුව ඉදිකරන ලද දකුණු ආසියාවේ හොඳම බන්ධනාගාරය වන අගුණකොළපැලැස්ස නව බන්ධනාගාර සංකීර්ණය පසුගියදා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී. එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

රුපියල් මිලියන 4996 ක මුදලක් වියදම් කර ඉදිකර තිබෙන නව බන්ධනාගාර සංකීර්ණය අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සිරකරුවන්ට සැපයිය යුතු සියලු පහසුකම්වලින් සමන්විත වේ. අක්කර 65ක් පුරා විහිදී තිබෙන බන්ධනාගාර සංකීර්ණය තුළ රැඳවියන් 1500කට ආසන්න පිරිසකට ඉඩකඩ ඇත.