BREAKING NEWS
latest

728x90

468x60

බයිසිකලෙන් ගමන් යන කොඳු ඇට හයිය නෙදර්ලන්ත අගමැති

වෛද්‍යවරුන් හඳුනා නොගත්තත් මෙය විශේෂයෙන් මෙරට දේශපාලකයින් සම්බන්ධයෙන් මෙරට ජනතාව පට බඳිනු ලැබූ අමුතු ආකාරයේ රෝගී තත්ත්වයකි.

රථවාහන පිරිවරා ගත් මැති ඇමතිවරුන්ගේ මහමග දසුන් අදට වඩා පසුගිය සමයේ මෙරට මහා මාර්ගවල සුලභ දසුනක් විය.

අහිංසක ජනතාවගේ ඡන්දයෙන් බලය ගෙන මහමග පයින් යන ජනතාවගේ ගමන ද නවතා ජනතාව මග දෙපසට කර අපේ රටේ දේශපාලනඥයින් ගිය ගමන්වල හදිසිය ජීවිතයත් මරණයත් අතර සටනක් නිරත රෝගියෙකු රැගත් ගිලන් රථයක වේගයටත් වඩා අධික විය.

අපේ රටේ දේශපාලනඥයින් ගිය ඒ ගමනේ වේගයට සාපේක්ෂව රටේ සංවර්ධනයක් කරා ගියේ නම් අද රට කොතැනක දැයි හෝ සිතා ගත නොහැකි වනු ඇත.

ඡන්ද දායකයා සිය ඡන්දයෙන් ජනතා නියෝජිතයින් පත් කරන්නේ, නිසි ප්‍රතිපත්ති සකසා රට සංවර්ධනයක් කරා ගෙන යාමට වුව ද අසා ඇති කාලයක සිට ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි.

ලංකාවේ එහෙම වුණත්, නෙදර්ලන්තෙ එහෙම වෙලා නෑ

අපේ රටේ දේශපාලකයින්ට පයින් ගමන් හෝ ගමනාගමනයට පොදු ප්‍රවාහන සේවය අකැප වූවාට ලොව සංවර්ධිත රටවල ඇතැම් නායකයින්ගේ සරළ ජීවන රටාවන් අපේ රටේ දේශපාලකයන්ට පාඩම් උගත හැකි ය.

ලොව සංවර්ධිත රටවල් අතරින් ප්‍රමුඛ පෙළේ රටක් වන නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය මාර්ක් රට් (Mark Rutte) බයිසිකලයකින් එරට විලියම් ඇලෙක්සැන්ඩර් රජතුමා හමුවීම සඳහා රජ මාලිගයට පිටත්ව යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

අග්‍රාමාත්‍යවරයා සිය බයිසිකලයෙන් මෙලස රජ මාලිගය වෙත පිටත්ව ගොස් ඇත්තේ, නව ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව රජතුමා දැනුවත් කිරීම සඳහා යි.

රජ මාලිගාවට පැමිණෙන අග්‍රාමාත්‍යවරයා මාළිගාව තුළට ඇතුළු වන්නේ, බයිසිකලය ලොක් කිරීමෙන් පසුව යි.

පෞද්ගලික ගුවන් යානයකින් හෝ යොදා ගත හැකි වූ ගමනක් සඳහා බයිසිකලයක් පැදගෙන ගිය නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම ගමනට ආරක්ෂක භටයින් පිරිවරා ගත් රථ පෙළපාළි කිසිවක් නොවී ය.

අපේ රටේ දුප්පත් ඡන්දදායකයා සිය ගමනාගමනය සඳහා භාවිත කරන බයිසිකලය ලොව ධනවත් ම රටක අග්‍රාමාත්‍යවරයෙකුගේ රාජකීය ගමනක් සඳහා භාවිත කිරීම තුළ බොහෝ දේ කියවේ.

මේ අතර පසුගිය දිනක නෙදර්ලන්තයේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා බයිසිකලයක් තෑගි කළේ ය.

සරළ දිවි පෙවතක් ගෙවන නෙදර්ලන්ත ජනාධිපතිවරයා ජීවත් වන්නේ සුඛෝපභෝගී නිවසක නොවන අතර ඔහු ජීවත් වන්නේ, උපාධිධාරියෙකු වීමෙන් පසු 1992 වසරේ ඔහු මිලදී ගත් මහල් නිවාස සංකීරණයක පිහිටි නිවාසයකයි.
එමෙන් ම සිය කාර්ය බහුලත්වය අතරතුර සතියකට එක් පැයක් එරට අඩු සංවර්ධනයක් සහිත Hague පළාතේ පාසලක ඉගැන්වීම් කටයුතු සඳහා ද නෙදර්ලන්ත අගමැතිවරයා සිය කාලය වැය කරයි.
ජනගහනය මිලියන 17ක් සිටින නෙදර්ලන්තය යනු ලොව ධනවත් ම රටවල් අතරින් එකක් වන අතර එරට අගමැතිවරයාට කොතරම් සැප සම්පත් විඳිමින් සැප ජීවිතයක් ගත කළ හැකි ද යන්න රටතොට ගැන තතු දත් ඕනෑ ම අයෙකට සිතා ගත හැකි ය.
« PREV
NEXT »

Facebook Comments APPID