BREAKING NEWS
latest

728x90

468x60

මාලක සිල්වා ඇප කොන්දේසි කඩ කර ඇද්දැයි සොයන්න නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුතු වන මාලක සිල්වා අධිකරණ කොන්දේසි කඩ කර ඇද්දැයි යන්න සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා ඊයේ (24) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළේය.

බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට පහර දී තුවාල සිදු කිරිමේ චෝදනාවක් සම්බන්ධ නඩුව ඊයේ (24) යළි කැඳවීමෙන් අනතුරුව ‍මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකාර මාලක සිල්වා මහතාට අධිකරණය මඟින් ඇප ලබා දීමේ දී ඔහුට සමාජ ශාලාවලට යෑම අධිකරණය මගින් වළකාලමින් ඇප කොන්දේසියක් නියම කර තිබු අතර එම ඇප කොන්දේසිය කඩ කර මාලක සිල්වා මහතා සමාජ ශාලා වෙත ගිය බවට අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ ශවේන්ද්‍ර රුදිගු මහතා අධිකරණයට දැක්වු කරුණු සලකා මහෙස්ත්‍රාත්වරයා මෙම නි‍යෝගය කළේය.

මෙහිදි මාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ ජයන්ත විරසිංහ මහතා අගතියට පත් පාර්ශවය අධිකරණයට සැලකර තිබු කරුණු ප්‍රති‍ක්ෂේප කරනු ලැබිණ.

අදාල කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා මාලක සිල්වා මහතා අධිකරණ කොන්දේසි කඩකර ඇද්දැයි සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියම කළේය.
« PREV
NEXT »

Facebook Comments APPID