BREAKING NEWS
latest

728x90

468x60

වාරියපොලින් අතුරුදන්ව කොළඹ කොටුවෙන් හමු වූ පිරිමි දරුවා පොලිසියට ඇවිත් කියපු කතාව

මීට දින 7 කට පෙර අතුරුදන් වූ වාරියපොල - පාදෙණිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පිරිමි දරුවා කොළඹ - කොටුව ගුණසිංහපුර බස්නැවතුම් පොළේ සිටියදී පසුගියදා (21) හමුවී තිබුණා.

ඒ, වේල්ලවීථිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකු හටයි. 

පසුගිය සෙනසුරාදා සිට මෙලෙස අතුරුදන්ව තිබුණේ අතුල සේනාරත්න නම් පාදෙණිය ශ්‍රී සුනන්ද මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්. 


ඔහු එදින තම මිත්තනියගේ නිවසට යන බව පවසා නිවසෙන් පිටව ගොස් තිබූ අතර මිත්තණියගේ නිවසේ රැදී සිටි ඔහු මද වේලාවකින් පසු අතුරුදන් වී තිබුණා. 

දරුවාගේ මව්පියන් අතුරුදන්වීම සම්බන්ධයෙන් වාරියපොල පොලිසියට දැනුම් දී තිබූ අතර අප හිරු ප්‍රවෘත්ති ඔස්සේද මෙම දරුවා සම්බන්ධයෙන් අනාවරණය කළා. 

මේ අතර වේල්ලවීථියේ පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල් කමල් කාරියවසම් මහතා ඊයේ රාත්‍රී 9 ට පමණ අතුරුදහන්ව සිටි දරුවා ගුණසිංහපුර බස්නැවතුම් පොළේ රැඳී සිටියදී දැක තිබෙනවා. 

පසුව අදාළ පොලිස් නිලධාරියා දරුවා වේල්ලවීථිය පොලිස් ස්ථානයට රැගෙන යාමට කටයුතු කර තිබුණා.  

දරුවාගේ පියා ඊයේ පස්වරු 1 ට පමණ පොලිසිය කළ දැනුම් දීමට අනුව වේල්ලවීථිය පොලිස් ස්ථානයට පැමිණියා.

පසුව දරුවා පොලිසිය විසින් ඊයේ පස්වරු 3 ට පමණ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළා. 

එහිදී අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් පී.ඩී. පෙරේරා මහතා නියෝග කර ඇත්තේ ඉදිරි නඩු දිනයේදී ඉදිරිපත් කිරීමේ වගකීම යටතේ රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත දරුවා පියාවෙත භාරදෙන ලෙසයි.

« PREV
NEXT »

Facebook Comments APPID