BREAKING NEWS
latest

728x90

468x60

මායම් දාමා කොල්ලන් වසගකරගත් පෙම්වතියට වැඩක් දෙන්න කපුවෙකුත් අරන් ගිහින් වෙච්ච හදියක්

මිතුරෙකුගේ පෙම්වතියක් හා ඇගේ තවත් පෙම්වතෙකු බිය වැද්දීම සඳහා පිහියක් රැගෙන ආ කට්ටඩියෙකු අත්අඩංගුවට ගෙන පෙම්වතියත් පෙම්වතියගේ තවත් පෙම්වතුන් තිදෙනෙකුත් මුදාහැරීමේ අපූරු පුවතක් දඹුල්ල පොලිසියෙන් පසුගියදා වාර්තා වුණා.

දඹුල්ල පොලිසියේ අපරාධ අංශයට පසුගියදා හදිසි දුරකථන ඇමතුමකින් පණිවිඩයක් ලැබී තිබුණේ දඹුල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමට තැත් කිරීමේ සිදුවීමක් සිදු වන බවයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වහාම ජීප් රථයකින් දඹුල්ල බස් නැවතුම්පල අසලට පැමිණියා. ඒ වනවිටත් තරුණියක් සහ තරුණයන් සිව්දෙනෙකු එම ස්ථානයේ යම්කිසි ප්‍රශ්නයකට පැටලී සිටින ආකාරය පොලිසිය දැක තිබෙනවා.

එහි සිටි තරුණයෙකු පොලීසියට පවසා ඇත්තේ ඒ අසල සිටි තවත් තරුණයෙකු ඉනේ පිහියක් සඟවාගෙන තමන් මරණ බවට තර්ජනය කල බවයි. 

වහාම එම පුද්ගලයා පරීක්ෂාකිරීමේදී ඉනේ සඟවා තිබූ පිහිය සහ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව තරුණයන් සිව්දෙනාත් තරුණියත් පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීම සඳහා දඹුල්ල පොලිසියට රැගෙන යන්නට පොලිසිය තීරණය කළා.

එහිදී හෙළි වී ඇත්තේ මෙම පෙම්වතිය තවත් පෙම්වතුන් තිදෙනෙකු සමග හාදකම් පවත්වන බවය. එහෙත් එක තරුණයෙකු පෙම්වතිය තමා යටතට පත්කර ගැනීම සඳහා කැකිරාව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කපුවකුගේ පිහිට පතා ඇති බවයි වාර්තාවුණේ.

ඒ අනුව තම පෙම්වතිය තවත් පෙම්වතකු සමග දඹුල්ල නගරයට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් මත තරුණයා කට්ටඩියා ට දැනුම් දී තිබෙන්නේ කෙසේ හෝ මන්තර බලයෙන් තම පෙම්වතිය තමන්ට නතු කර දෙන ලෙසයි. 

මෙම කපුවා තරුණයා ද සමග දඹුල්ල නගරයට පැමිණ ඇත්තේ දේව බලයෙන් තරුණිය මේ තරුණයා පසුපස ගෙන්වා දීමට පොරොන්දුව මතයි . 

ඒ වනවිටත් තරුණිය තවත් පෙම්වතෙකු සමග කතාකරමින් දඹුල්ල බස් නැවතුම්පළ සිටිනු දැක ඇති අතර මෙය ආරංචි වී තරුණියගේ අනෙක් පෙම්වතා ද පිටිපස ලූහු බැඳ ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

වහාම එම ස්ථානයට ගිය කට්ටඩියා තරුණිය සමග සිටි පෙම්වතාට බලපෑම් කරමින් කියා ඇත්තේ පිහියෙන් අනින බවත් එසේ නොවන්නේ නම් කඩිනමින් මෙම සම්බන්ධය අතහැර දමන ලෙසයි. 

මෙම සිද්ධිය දුටු පෙම්වතා මේ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇති අතර පසුව මෙම පෙම් පළහිලව්ව පොලිසිය තුලදී දිග හැරෙන්නට වුණා.

පෙම්වතියත් පෙම්වතියගේ පෙම්වතුන් තිදෙනා කියා ඇත්තේ කට්ටඩියා විසින් පිහිය රැගෙන ආ බව කිසිවෙක් නොදන්නා බවයි. 

කට්ටඩියා මුදල් ලබාගෙන පෙම් පළහිලව්ව සාර්ථක කර දෙන බවට පොරොන්දු වූ බව ද පෙම්වතෙකු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ අනුව පෙම්වතියන් පෙම්වතුන් තිදෙනාත් පොලිසිය විසින් මුදාහැර ඇති අතර සාපරාධී බියවැද්දීමේ චෝදනාව යටතේ අදාළ කට්ටඩියා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

දඹුල්ල පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
« PREV
NEXT »

Facebook Comments APPID