BREAKING NEWS
latest

728x90

468x60

අසරණ වූ පොලිස් පරික්ෂක තුමා අවුරුදු 72දී ජිවත් වෙන්නේ කුලී වැඩ කරලා

1967 පොලිස් කොස්තාපල් වරයෙකු ලෙස පොලිස් සේවයට බැඳී 2005.09.25 වන දින ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකු ලෙස විශ්‍රාම ගත් පොලිස් නිලධාරියෙක් කියන දුක් ගැනවිල්ලක් ගැනයි අපි අද කියන්න යන්නේ.

මේ ඔහු කියන සංවේදී කතාවක්.

සේවා කාලය අවුරුදු 38 ක් වන අතර එම කාලය තුල මා කොළඹ ,මාතර,යාපනය ,තංගල්ල,වව්නියාව,සහ ගම්පොල යන පොලිස් කොට්ටාශ වල සේවය කළා.

1969 වසරෙ සිට වසර 6ක් පොලිස් ඒ රගර් කණ්ඩායම නිය්ජනය කළා.1972 දී කොළඹ ක්‍රීඩා සමාජයත් පහතරට ක්‍රීඩා සමාජයත් නියෝජනය කර තිබෙනවා. 
1984දි කොටි ත්‍රස්තවාදීන් විසින් චාවකච්චේරිය පොලිස් ස්ථානයට එල්ල කරනු ලැබූ දරුණු ප්‍රහාරය මුහුණ දී තුවාල ලබා මාස තුනක් කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා පසුව කර්නාබාදකයකට ලක් වුණා..එම දරුණු ප්‍රහාරයට මුහුණ දී ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රතිප්‍රහාර වෙනුවෙන් ජනාධිපති දේශපුත්‍ර සම්මානයද ලබා ගත්තා..

ඒ වගේම 1988 වර්ෂයේ සිට 1990 දක්වා තිබු භීෂණ සමයේ අම්බලන්තොට පොලිස් ස්තානදිපති වශයෙන් සේවය කල පළාතේ සාමය උදා කිරීමට කල මෙහෙය වෙනුවෙන් එවකට පොලිස්පතිතුමාගේ විශේෂ උසස්විම්ද ලබා තිබෙනවා.එම කාලයේ සැකකරුවන් නැතිවුනා යැයි කියමින් මාහට චෝදනාද එල්ල වුණා.ඒ මා නිවාඩු ගොස් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් සිටි අවස්තාවක සිදු වූ පුද්ගල අතුරුදන් වීමක් සම්බන්දයෙනි.එම නිසා නඩුවකද මේ සම්බන්දව පැවරුවා.

ඒ වන විටත් හම්බන්තොට මහාදිකරණයේ නඩු අංක 343-2006,99-2006,317-2006 යටතේ නඩු විභාග වෙමින් පවතිනවා..ඒ කාලය වන විට මාගේ වයස අවුරුදු 60 සම්පුර්නවා තිබුනා.මේ සිදුවම් නිසා 2005.09.25 වන දින විශ්‍රාම වැටුප් සංග්‍රහයට අනුව මාව විශ්‍රාම ගැන්වුවා.

ඉන් පසුව 2015 වසරේදී මේ සියලුම නඩු වලින් මාව නිදොස් කොට නිදහස් කලා..පසුව මා හට කිසිඳු පරීක්ෂණයක් නොතිබුන නිසා ඉහත නඩු තීන්දුවල පිටපතක්ද සමග හිඟ වැටුප් සහ විශ්‍රආමික වැටුප් ඉල්ලා අභියාචාවක් ඉදිරිපත් කළා.ඒ ගම්පොල පොලිස් අධිකාරි කාර්යාලයට.පසුව පොලිස්පතිතුමා විසින් නියෝගයක් ඉදිරිපත් කලා.

එනම් මා හට හිඟ වැටුප් සහ විශ්‍රාමික වැටුප ගෙවීම සඳහා අනුමැතිය ලබා දෙමිනි .නමුත් මේ වන විටත් පොලිස් මුලස්ථානය EU දෙපාර්තමේන්තුවේ එම නියෝගය සහිත ලිපි ගොනුව මාස ගණනාවක් තිස්සේ තබා හෙන සිටින බව මා හට තාහවුරු කර ගන්නට හැකි විය.මේ නිසා මාස ගණනාවක් හිඟ වැටුප් නොගෙවා තිබුනා.

මාගේ හිඟ වැටුප් ඉල්ලා ලිපි ඉදිරිපත් කර මේ වන විට මාස තුනක් පමණ වෙනවා..ඒ සම්බන්දව මේ වන විට කිසිඳු සහනයක් ලැබී නැහැ.මට සිදුව තිබෙන මේ අසාදාරනය ජනාදිපතිතුමාට සග අගමැතිතුමාට මා ලිකිතව දන්වා තිබෙනවා..නමුත් වගකිවයුතු අංශ තවමත් ක්‍රියාත්මක වී නැහැ.

මාගේ වයස දැන් අවුරුදු 72ක්.මා අසනීප තත්වයෙන් පසු වනවා.ආර්ථික වශයෙන් සහ මානසික වශයෙන් ඉතාම අසරණ තත්වයකට පත් වෙලා.මාගේ එදිනෙදා වියදම් පියවා ගැනීමට කුලී වැඩවල මා දැනට නිරත වනවා..මේ සම්බන්දව මා හට සාදාරණයක් කරන මෙන් ඉල්ලා සිටිනවා.

ඩබ්ලිව් ඒ සෝමසිරි
විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක
211/6 ගම්පොල පාර නාවලපිටිය
දු.අ: 054-3541404
« PREV
NEXT »

Facebook Comments APPID