BREAKING NEWS
latest

728x90

468x60

සියල්ල අතහැර ආදරණීය කලාකරුවා පැවිදි දිවියට පිවිසිය හැටි මෙන්න

අපේ රටේ ප්‍රවීන නළුවෙක් වුණු සෝමසිරි අලකොලාංග පසුගිය දවසක පැවදි දිවියට පිවිසීම ගැන අපි ඔබට කිව්වා. රංගන කුසලතාවයෙන් රසික හදවත් ආමන්ත්‍රණය කළ චරිතයක් බවට ඔහු හැදින්විය හැකියි. සිනමාවට වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට වටිනා සේවයක් ඔහුගෙන් ඉටුවුණා.


ඔහු පැවදි දිවියට පිවිසියේ හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියන් නමිනුයි. ගාල්ල උළුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී උන්වහන්සේ පැවදි දිවියට ඇතුලත් වුණා.

පසුගියදා ප්‍රවීන රංගන ශිල්පියෙකු වූ සෝමසිරි අලකොළංග මහතා හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින් පැවිදි දිවියට ඇතුලත් වූ බවට අන්තර්ජාලය ඔස්සේ කා අතරත් ප්‍රවෘත්ති හුවමාරු වුණා.


මේ පිළිබඳව පුවත්පත් හා රූපවාහිනි නාළිකාවලින්ද සොයා බැලූ අතර උන්වහන්සේගෙන් සාකච්ඡා ලබාගනීමට සඳහා වැඩවසන විහාරය වෙත මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම ගොස් තිබුණා.

නමුත් එසේ ගිය සියල්ලන්ගේ බලාපොරොත්තු සුන් කරගෙන නැවත එන්නට සිදුව ඇත්තේ උන්වහන්සේ මාධ්‍යවෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ නිසාවෙන්.

මීට මාස දෙකකට පමණ ඉහතදී ගාල්ලේදී පැවිදිවූ අවස්ථාව පවා උන් වහන්සේ අප්‍රසිද්ධියේ සිදු කරන ලද බවත් ආරංචි වනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්ය වරයෙකු වශයෙන්ද සේවය කළ සෝමසිරි අලකොළංග මහතා පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබන කාලයේ සිට මහාචාර්ය සරච්චන්ද්‍රගේ අඩිපාරේ යමින් රංගනයට පිවිසි නළුවෙකි විය. අපවත්වී වදාළ හාරිස්පත්තුවේ අරියවංශ හිමියන් නිතර ඇසුරු කර කාලයක් තිස්සේ බුදුදහම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරතවන්නටද අලකොළංග මහතාට හැකි විය.

ඒ අනුව මීට මාස දෙකකට පමණ පෙර දකුණු පළාතේ අධිකරණ සංඝනායක උළුවිටිකේ ජයසුමනාරාමාධිපති ශාස්ත‍්‍රපති ආචාර්ය මාබොටුවන පියරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් සෝමසිරි අලකොළංග මහතා හාරිස්පත්තුවේ සෝමානන්ද නමින් පැවිදි දිවියට ඇතුළත්ව තිබෙයි.

මහණ දම්පුරණ හිමියන් හමුවීම සඳහා උන්වහන්සේ වැඩවසන විහාරස්ථානයට මාධ්‍යවේදීන් ගිය අවස්ථාවේ නායක හිමියන් හා තවත් හිමිවරුන් සමග බුද්ධ වන්දනාවේ යෙදී සිටි බැවින් දැන්ම හමුවිය නොහැකි බව මුලින් දන්වා තිබී ඇති අතර පසුව උන්වහන්සේ සමග කථා බහේ නිරතවීමට උත්සාහ කළත් පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා ලබාදීමට උන්වහන්සේ එකඟවී නැතැයි දැනගන්නට ලැබෙනවා.

ඡායාරූප සියල්ල පහතින්,




























« PREV
NEXT »

Facebook Comments APPID