Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily Sinhala, Hiru gossip, Neth gossip, celebrity English gossip, and much more on gossip99.com

test

Advertisements

Loading...

Mini Gossip

VIDEO PORTAL

FACEBOOK

මාතර, අකුරැස්‌ස සහ තිබ්බොටුවාව ප්‍රදේශයේ සමහර පාසල්වල සිසුන් පාතාල සාමාජිකයන් ලෙසින් හැසිරෙන බවට ප්‍රබල චෝදනාවක්‌ එල්ල වී තිබේ. මෙලෙස චෝදනා එල්ල කරනුයේ මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ය. එම මන්ත්‍රීවරයා දකුණු පළාත තුළ ක්‍රියාත්මක වන පාසල් පාතාලය පිළිබඳ විස්‌තර කළේ මෙලෙසින්ය. 
“ඇත්තටම කියන්න කනගාටුයි මට පාසල් පාතාලය ගැන දැනගන්න ලැබුණේ දැනට දින කිහිපයකට ඉහතදී. මුලින්ම මම මේක විශ්වාස කළෙත් නැහැ. පස්‌සෙ හොයලා බලද්දී තමයි දැන ගත්තේ ඇත්තටම සමහර පාසල් තුළ පාතාලය ක්‍රියාත්මක වෙනවා කියලා…”



“මේ පාසල් පාතාලයට ශිෂ්‍යයෝ පමණක්‌ නොවෙයි සමහර ශිෂ්‍යාවෝ පවා සම්බන්ධයි කියලා මට දැන ගන්න ලැබුණා. නිවසින් ඉගෙන ගන්න කියලා එන මේ දරු දැරියෝ පාතාල සාමාජිකයන් ලෙස හැසිරෙන එක කොච්චර දරුණු අපරාධයක්‌ද? මෙහෙම ගියොත් රටේ අනාගත පරම්පරාවට මොනව වෙයිද කියලා හිතා ගන්න බැහැ.” “පසුගිය සතියේ 12 වැනිදා අකුරැස්‌ස ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්‌වීම තිබුණා. එහිදී මේ පාසල් තුළ ක්‍රියාත්මක වන පාතාලය ගැන සාකච්ඡා වුණා. අකුරැස්‌ස ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා තමයි මේ පිළිබඳව පළමුව පැමිණිලි කරලා තියෙන්නේ. ඉන්පසුව තවත් බොහෝ අය මේ පිළිබඳව පැමිණිලි කරලා තියෙනවා…”

“මාතර, අකුරැස්‌ස සහ තිබ්බොටුවාව ප්‍රදේශයේ පිහිටි සමහර පාසල්වල තමයි මෙම පාසල් පාතාලය ක්‍රියාත්මක වෙන්නේ. එම පාසල්වල සමහර සිසුන් පාතාල කල්ලි නායකයන් ලෙසින් තමයි හැසිරෙන්නේ. එම පාතාල සිසුන් පාසලේ සිටින අනික්‌ සිසුන්ගෙන් කප්පම් ලබා ගන්නවා. පාසල තුළට ගංජා, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ගෙනැල්ලා අනෙක්‌ සිසුන්ට විකුණනවා.”

“තවත් සමහර පාතාල සිසුන් පාසල් වේලාව තුළදී මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සමහර ගුරුවරු පවා මේවා දන්නවා. ඒත් ඔවුන් සද්ද නැතිව ඉන්නවා. මොකද ඒ ළමයින්ට දඬුවම් කරන්න ගියොත් අන්තිමට නවතින්නේ ගුරුවරු ගුටි කාලා. නැත්නම් මානව හිමිකම් නඩුවකට පැටලිලා.” “මේ පාතාල සිසුන් විවිධ කල්ලි හදාගෙන තියෙනවා. එහි නායකයාගේ පාසල් බෑගය, කෑම පෙට්‌ටිය ආදී සියල්ල රැගෙන යන්න ඔහුට ආවතේව කරන්න වෙනම ගෝලයෝ ඉන්නවා. තම පාසල තුළදී මෙන්ම පිටතදීත් මේ ගෝලයෝ එම පාතාල සිසුන්ගේ ආවතේව කටයුතු සිදු කරනවා.”

“දිනපතාම පාහේ අහිංසක සිසුන් බය කරගෙන මොවුන් කප්පම් මුදල් ලබා ගන්නවා. තම පාසල්වල ආපන ශාලා ළඟ රැකගෙන ඉඳන් කෑම කන්න එන සිසුන්ගේ සල්ලි බලෙන් ලබා ගන්නවා. එම පාතාල සිසුන්ට තියෙන බයට කවුරුවත් මේ පිළිබඳව ගුරුවරුන්ට පැමිණිලි කරන්න යන්නෙ නැහැ…”


“මේ ළඟදි එක්‌ පාතාල සිසුවෙක්‌ පච්ච කොටන මැෂින් එකක්‌ පාසල තුළට අරගෙන ගිහිල්ලා, සමහර පාසල් සිසුන්ගේ අත්වල, පපුවේ පච්ච කොටලා. ඒ වගේම සමහර සිසුවියන්ගෙත් කලවා ප්‍රදේශයේ සහ ළැම ප්‍රදේශයෙත් පච්ච කොටලා. කොහොම හරි එක්‌ පාසල් සිසුවෙක්‌ මේ පිළිබඳව ගුරුවරයකුට ඔත්තුවකුත් දීලා.”

“සමහර පාතාල සිසුන් ලිංගික අඩම්තේට්‌ටම් පවා කරනවා කියලා ආරංචියි. ඒත් ඒවා ගැන හොයලා බලන්න කිසි කෙනෙක්‌ නැහැ. බොහෝ ගුරුවරු මේ පාතාල සිසුන්ට බයයි. ඒකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය.”

“පාතාල සිසුන් එලෙස හැසිරෙද්දී එම ප්‍රදේශයේම සමහර පාසල්වල පාතාල සිසුවියන්ද සිටින බවට ආරංචියි. එම පාතාල සිසුවියන්ද හැසිරෙන්නේ පාතාල සිසුන් ආකාරයටමයි. සමහර සිසුවියන්ට ඔවුන් ලිංගික හිංසනයන් පවා සිදු කරන බවට රාවයක්‌ පැතිර යනවා.”

“මේ ළඟදී දවසක්‌ පාතාල සිසුවකු ගංජා සමඟ පොලිසියට කොටුවෙලා තියෙනවා. ඔහු පොලිසියෙන් බේරෙන්න නොයෙක්‌ බොරු කියලා තියෙනවා. ඒත් පොලිසියෙන් බේරෙන්න ඔහුට හැකිවෙලා නැහැ. ඔහුව උසාවියට පවා ඉදිරිපත් කරලා තියෙනවා.”

“මේ පාතාල සිසුන්ගේ හැසිරීම ගැන ඇත්තටම මට කනගාටුයි. රටට මේ වගේ තත්ත්වයක්‌ උදාවෙලා තියෙනවා කියලා හිතන්නවත් බැහැ. ඒ වගේම බොහෝ වගකිවයුතු නිලධාරින් මේ සිද්ධියේදී මඟහැරලා යනවා. ඒක නිසා තමයි පාතාල සිසුන් කිසිම බියක්‌ සැකක්‌ නැතිව මෙලෙස හැසිරෙන්නේ…”

“මම පසුගිය දින පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්‌වීමේදී කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකට, පොලිස්‌ නිලධාරීන්ට සහ තවත් වගකිව යුතු නිලධාරීන්ට කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමුකර නිසි පියවර ගන්න කියලා දැනුම් දුන්නා. ඒ වාගේම එම වගකිවයුතු නිලධාරින් වහාම මේ ගැන සොයා බැලිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ දකුණු පළාත තුළ සමහර පාසල් තුළ ක්‍රියාත්මක වන පාතාලය පිළිබඳ එලෙස පවසද්දී එම ප්‍රදේශයේ වගකිවයුතු නිලධාරීන් කිහිප දෙනකුගෙන්ද අපි මේ පිළිබඳව විමසුවෙමු. එවිට ඔවුන් බොහෝ දෙනෙක්‌ පැවසුවේ ඔය කියන පාතාලයක්‌ පාසල් තුළ ක්‍රියාත්මක නොවන බවත්, සමහර පාසල් තුළ සුළු සුළු සිද්ධීන් වාර්තා වන බවත්ය. මන්ත්‍රීවරයා සහ වගකිවයුතු නිලධාරීන් එසේ පවසද්දී අපිද මේ පිළිබඳව සොයා බැලුවෙමු. එහිදී අනාවරණය වූයේ දකුණු පළාත තුළ සමහර පාසල් තුළ මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවයි. එසේම හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍ය පාසල් තුළදී පවා භාවිත කරන සිසුහු සිටිති.

පොලිස්‌පතිතුමනි, අධ්‍යාපන ඇමැතිතුමා ඇතුළු වගකිව යුතු නිලධාරීන් වෙත කෙරෙන කාරුණික ආයාචනයකි මේ. දකුණු පළාතේ සමහර පාසල් තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය භාවිතය සහ නීති විරෝධී ක්‍රියාකාරකම් ගැන සොයා බැලීම සඳහා වහාම පියවර ගන්න. එසේ නොවුණහොත් සිදු වනුයේ දකුණු පාතාලයට පාසල් කාලයේ සිටම තවත් මදාවියන් පිරිසක්‌ එකතු වී මිහිතලය පවා නුහුලන ගණයේ අපරාධ සිදුවීම පමණි.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2015 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here Help Desk :
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

GOSSIP99

Advertisements

Loading...

GALLERY