BREAKING NEWS
latest

728x90

468x60

පිහි පහරක් කා සිටියදීම අපරාධකරු කොටු කළ බන්ධනාගාර අධිකාරිවරයාගේ වික්‍රමය

මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාට පිහියෙන් ඇන පලා යැමට තැත් කළ පුද්ගලයෙකු බන්ධනාගාර අධිකාරිවරයා විසින්ම අල්ලාගෙන පොලීසියට භාර දුන් පුවතක් වාර්තා වෙනවා.

මැගසින් බන්ධනාගාර අධිකාරි සුමිත් රංජන් මෙසේ නාඳුනන පුද්ගලයකුගේ පිහි පහරට ලක්‌ව ඇත්තේ පසුගියදා (21 දා) රාත්‍රි 7.30 ට පමණ අමතර පන්තියකට සහභාගි වී සිටි තම දරු දෙදෙනා රැගෙන ඒමට ගිය අවස්‌ථාවේදීය.

පිහි පහරට ලක්‌වූ බන්ධනාගාර අධිකාරිවරයාගේ උදර ප්‍රදේශයට ශල්‍යකර්මයක්‌ සිදුකර තිඛෙන අතර ඔහුගේ එක්‌ අතකටද තුවාල සිදුවී ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

බන්ධනාගාර අධිකාරී රංජන් සිදුවීම මාධ්‍යයට විස්තර කළේ මෙලෙසය,.

මම දරුවන් දෙන්නා ගන්න පන්නිපිටියේ හන්දියේ මට අයත් ජීප් රථයෙන් බැස හිටියා. එකවරම අයෙක්‌ මගේ පටුපසින් ඇවිත් ඉනවටා අතදමා මාව වැරෙන් අල්ලා ගත්තා. මම ඔහුගේ අත්දෙක මෑත්කර දැම්මා. ඊළගට ඔහු මගෙන් මුදල් ඉල්ලුවා. මම කප්පම් දෙන්නේ නැහැ කිව්වා. ඊළඟට මගෙන් සිගරට්‌ පැකට්‌ එකක්‌ ඉල්ලුවා. මම එයත් ප්‍රතික්‍ෂේප කළා. ඔහු බීමතින් සිටින බව හැඟී ගිය නිසාත් ඔහු කොට කලිසමක්‌ සහ ස්‌කිනි බැනියමක්‌ ඇඳගෙන සිටි නිසා මගේ වාහනය උත්සන්නද කියලා සැකයක්‌ ඇතිවුණා.

මම වහා ජීප් රථයේ දොර අරගෙන ඇතුළට යනවාත් සමග එම පුද්ගලයා වාහනයේ දොර විවෘත කර මට පහරක්‌ ගැහුවා. මම එය වළක්‌වා එළියට පැමිණි විට මගේ උදරය ප්‍රදේශයට පිහියෙන් ඇන ඇති බව වැටහුණා. මම ඔහු අල්ලා ගන්න උත්සහ කළ අවස්‌ථාවේ නැවත මට පිහියෙන් අනින විට මගේ දකුණු අත කැපී තුවාල වුණා.

එහෙත් මම ඔහුව අල්ලාගෙන පිහිය බිමට වට්‌ටවා ගෙන සිටියදී ඔහු මගේ අතින් මිදී පලා ගියා. මමත් ඔහු පිටුපසින් ලුහුබැඳගොස්‌ අල්ලා ගත්තා. මගේ බිරිඳ වෛද්‍යවරියක්‌ නිසා ඊට අදාළ ලෝගුව දැක මහජනතාව වෛද්‍යවරයකුට පිහියෙන් ඇන ඇති බව පවසමින් එක්‌ අයෙක්‌ ඔහුව අල්ලා ගන්න උදව් කළා. අනතුරුව මම මහරගම පොලිසියට කතා කර එම පුද්ගලයා සහ පිහිය පොලිසියට භාරදුන්නාල

කෙසේ වෙතත් මෙම සැකකරු මහරගම පොලිසියෙන් නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කරනු ලැබුවහොත් ඔහුව බන්ධනාගාර ගත කෙරෙන්නේද සුමිත් රංජන් මහතා බන්ධනාගාර අධිකාරිවරයාව සිටින මැගසින් බන්ධනාගාරයේම වීම විශේෂත්වයකි.
« PREV
NEXT »

Facebook Comments APPID