Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily Sinhala, Hiru gossip, Neth gossip, celebrity English gossip, and much more on gossip99.com

test

BREAKING NEWS

පසුගිය අයවැයෙන් වැඩි කරන ලද අන්තර්ජාල බදු මුදල් පහත දමන ලෙස නව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතාගෙන් පසුගිය දා කරන ලද ඉල්ලිමක ප්‍රතිඵලයක් ලෙස, ඊයේ 17 දින රජය විසින් අන්තර්ජාල පහසුකම් මත පනවන ලද බදු මුදල් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය ප්‍රසාදය පලකල අතර එම සහනය තවත් පුළුල් කරන ලෙස ද ඉල්ලීමක් කළහ.

ලැබුණු කෙටි විවේකයෙන් පෙම්වතිය අනුෂ්කා එක්ක නුවර ලස්සන බලන කෝලි - ඡයදඑදි

ශ්‍රී ලංකා - ඉන්දියා ටෙස්ට් ක්‍රිකට තරගාවලිය කලින්ම නිමා වීමත් සමග ක්‍රීඩකයන්ට සුළු විවේකයක් ලැබී තිඛෙනවා.

වාහන වර්ග කිහිපයක සහ අන්තර්ජාල සේවා මත පනවා තිබූ විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත ආදායම් බදු පනත මගින් ඇති වන තත්වයන් වසා ගැනීම සඳහා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


අන්තර්ජාලයෙන් කාලෙන් කාලෙට මොකක් හරි දෙයක් කරළියට එනවා.


ඒ විදිහට මේ දවස්වල හුවමාරු වන දෙයක් තමයි පගර නැට්ටා දැකලා නැද්ද කියලා සඳහන් ඡායාරූප කිහිපයක්.

ජැක්සන් ඇන්තනී කියන්නේ රටම ආදරේ කරන කලාකරුවෙක්.

ඒවගේම තමයි මොහුගේ මුළු පවුලම කලා පවුලක්.

අකිල ධනුද්ධර සහ සජිත ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ පුතාලා දෙන්නා කියලා හැමෝම දන්නවානේ.

උතුරු ප්‍රදේශයේ කිහිප දෙනකු එකතුවී සුළු සිද්ධියක් ඇති කළත් එය මේ රටේ ජාතික ආරක්ෂාවට බලපාන තරම් වූ බරපතළ දෙයක් නොවන බව නව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද්ධයෙන් පසු කොටි සාමාජිකයන් විශාල පිරිසක් පුනරුත්ථාපනය කළා. පසුව තවත් කොටි සාමාජිකයන් දෙසීයක පමණ පිරිසක් ඉතිරි වී සිටින බවට තොරතුරු අනාවරණය වී තිබුණා එහෙත් මේ පිරිසටවත් කිසිම ආකාරයකින් මේ රටේ ආරක්ෂාවට බලපෑමක් කළ නොහැකියි. මේ රටේ ආරක්ෂක අංශ නිරතුරුවම ආරක්ෂාව පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරනවා.


ශ්‍රී ලංකීය චිත්‍රපට ක්ෂේත්‍රයේ වැජඹෙන තරුවක් වුණු සනත් ගුණතිලක හිටිහැටියෙම මංගල ගමන් ගිහින් කියන කතාවක් අපිට පහුගිය දවසක අහන්න ලැබුණා. තනිකඩවෙලා හිටපු සනත් එකපාරටම මොකක්ද මේ කරපු වෙනස කියලා හොයලා බලද්දි අපිට ඒ ගැන ආරංචි වුනේ මේ වගේ කතාවක්...

රුසියාව විසින් නවතම සුපර් සොනික් ප්‍රහාරක ජෙට් යනාවක් හඳුන්වා දී තිබේ. සුකෝයි 57 ලෙස නම් කර ඇති මෙම යානය ඇමරිකාවේ F22 සහ චීනයේ චෙන්ඩු J20 යන ප්‍රහාරක යානයන්ට ප්‍රබල අභියෝගයක් වනු ඇති බවට සඳන් ය.

1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි, සිසුන් කණ්ඩායමක් ද සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක යෙදුණේය. ඔවුන් ගවේෂණය කළේ හිමාලය කඳුකරයයි. චීනයට අයත් එම පෙදෙස ගවේෂණය ආරම්භ කරද්දී ඔවුන් කිසිවකු දැන සිටියේ නැහැ ඔවුන්ට මුළු ලොවම කැළැඹිය හැකි ආකාරයේ අපූරු සොයා ගැනීමක් කළ හැකි වනු ඇති බව. එම අපූරු සොයා ගැනීම විද්‍යාවට ද අභියෝගයක් කිරීමට සමත් විය. පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් පාදක කර ගත් තර්ක විතර්ක අතරේ වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් බවට ද පත් විය. මේ ‘ඩ්‍රෝපා පාෂාණ’ අබිරහසයි.

සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධානී යසාරා අබේනායක හිටපු ජනපති පුත් යෝෂිත සමග පෙම් පළහිලව් කතාව පසුගිය කාලයේ අන්තර්ජාලය තුළ පුවත් මැවූ ආරංචියක් වූයේ එයටම ඈඳුණු වසීම් තාජුඩීන් උපන් ලප කථාද ඒ සියලු කතන්දර වලට නැවතීමේ තිත තියන්නට අැය පසුව උත්සාහ කර තිබුනේ තමා වසීම් තාජුඩීන් අඳුනන්නේවත් නැති බව කියමිනි. එම නඩු පටලැවිලි අතරවාරයේදී යසාරා ඔවුන්ගේ දීර්ඝ කාලීන රගර් මිතුරෙකුවූ ෆසීල් මිර්ජා සමග විවාහ විය.

පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී ආයතනය මෙතෙක් කල් කරගෙන ආ ප්‍රාථමික අලෙවිකාර සේවාවන් ඊයේ (15) උදේ 10.00 සිට මාස හයක් ගත වන තුරු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කොට තිබේ.

පෑන් ඒෂියා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සිදුකරන ලද ගනු-දෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයන් මත පදනම්ව මේ නියාමන ක්‍රියාමාර්ගය ගෙන ඇත.

කොළඹ නගරයේ ගෝල්ෆේස් පිටියේ ඉදිකෙරෙමින් පවතින චීනයේ ෂැංග්‍රීලා හෝටලයේ ව්‍යාපාරික කටයුතු නොවැම්බර් 16 දා සිට නිළ වශයෙන් ආරම්භවීමට නියමිත බව වාර්තා වේ.

ලබන සැප්තැම්බර් 01 දා සිට ඒ සඳහා වන වෙන් කිරීම් ආරම්භ කරන බවද සමාගම නිවේදනය කළේය.

මයික්‍රෝ සමාගම විසින් සිය කොරියාවේ නිෂ්පාදිත අළුත්ම SsangYong "G4 Rexton SUV" මෝටර් රථය පසුගියදා කොළඹ දී එළිදැක්වුණි.

මෙම රථය, Rexton ඛාණ්ඩයේ සිවුවැනි පරපුර වන අතර, පාරිභෝගික ආරක්ෂාව හා සුවපහසුව උදෙසා නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් රැසකින් සමන්විත වේ.

මහනුවර ප‍්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනකු අමතර පංති යන මුවාවෙන් කෑගල්ල පින්නවල අලි අනාථාගාරය අසල කුඩා දූපතකට ගොස් මත්පැන් සාදයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී අද(15) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.

පානදුර – පින්වත්ත ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රී අද්භූත සිද්ධියක්වී ඇතිව තිබෙන බව වාර්තා වේ. නිර්වස්ත්‍රව පැමිණි පුද්ගලයෙකු පැය භාගයක් ඇතුලත නිවාස පහකට ඇතුලුවී නිදන කාමරවලටද රිංගා පලාගොස් ඇති බව වාර්තා වෙයි.

යාපනය,පුංකුඩිතිව් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් සෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තා මීට පෙරද යාපනය තරුණියන් යොදා ගනිමින් අසැබ් වීඩියෝ පට පහක් පමණ සකස් කොට ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව යාපනය ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ස්විස්කුමාර් නැමැත්තා පිරිසක් සමග සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ විද්‍යා දැරිය දූෂණය කිරීමද වීඩියෝ කොට ජාත්‍යන්තරයට විකිනීමට සුදානම් කොට තිබු බවට දැරියගේ ඝාතන නඩුවේදී ලබාදුන් සාක්ෂි හමුවේ ප්‍රකාශයට පත් වුනා. 

ගම්පහ පිළිකුත්තුව ආනන්ද හිමි අනුස්මරණ යෝගාශ්‍රමයෙහි වැඩවසන පදවියේ පඤ්ඤාලෝක හිමියන්ගේ ආවාසගෙට හානි කොට විහාර ගෙයිහි තිබු බුදු පිළිමද කඩාබිද දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මල්වතුහිරිපිටිය පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.



පඤ්ඤාලෝක හිමියන්ගේ පියා අසනීපයෙන් පසුවීම මත ගම් ප්‍රදේශය වන පදවියට ගොස් ඇති අතර ඉකුත් සෙනසුරාදා (12) අලුයම 2.15 ට පමණ ආපසු පැමිණි විට විහාරස්ථානයට සහ ආවාස ගෙට හානි කොට තිබු බැවින් උදෑසන පොලීසියට පැමිණිලි කළ බව පඤ්ඤාලෝක හිමියෝ පැවසුහ.

උතුරු කොරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උත්සන්න වෙමින් පවතින මත ගැටුම් හේතුවෙන් කිසියම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් වහාම ඉවත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

මිගමුව කුරණ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ඉදිරිපිටදී විශේෂ කාර්ය බලකාය විසින් මෙල්ලකර අත්අඩංගුවට ගනුලැබූ අවිගත් පාතාල කන්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු ඊයේ 13 ඉරිදා රාත්‍රී 9.30 ට පමණ මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ

දැන් මේ අගෝස්‌තු පාසල් නිවාඩු කාලයයි. පොත පතට, විභාගවලට ධාරාණිපාතව යටවී සිටි දරුවාට මේ නිවාඩුව මහා මානසික ප්‍රතිකාරයක්‌ බවට පත්කරන්න. විභාගයෙන් ලද වෙහෙස - ආතතිය මේ නිවාඩුව හරහා නිවා ගන්නට ඉඩ හසර සකසා දෙන්න. කිසිදු වියදමකින් තොරව මේ 'සෞභාග්‍යය' දරුවාට ලබා දෙන්නට උත්සුක වෙන්න.

මම මෑතකදී මගේ මිතුරකුගෙන් හරි අපූරු කතාවක්‌ ඇසුවෙමි. ඔහුගේම වචන වලින් එය මෙසේය.

අකුරු ශාස්‌ත්‍රය - පාසල් අධ්‍යාපනය සහ පොත පත හරහා ඉගෙන ගන්නා එක පටන්ගන්න කලින්, අපි අපේ අවබෝධය පුළුල් කර ගන්නේ 'ධ්‍යයන' වලින්. ඒ කියන්නෙ අපි අපි වටා ඇති පරිසරය සහ සිදුවීම් තේරුම්ගන්නේ 'ධ්‍යයන' හරහා. 'යහපත්' කියන වචනේ ඉස්‌සරහට 'අ' යන්නක්‌ එකතු වුණාම ඒක 'අයහපත්' වුණා වගේ, 'ධ්‍යයන' හරහා අවබෝධය ලබමින් සිටි අපිට ඒ 'ධ්‍යයන' ඉස්‌සරහට 'අ' යන්නක්‌ ආවා. ඒකෙ ප්‍රතිඵලය තමයි 'අධ්‍යයන' මෙන්න මේ අධ්‍යයනය හරහා අපි අපේ පංෙච්න්ද්‍රියයන් අපි විසින්ම දියුණුකර ගනිමින් (ධ්‍යයන) පරිසරය වටහාගත් අපි, අපි අවට තියෙන වෙන කෙරෙන දෑ 'පොත පතින් ඉගෙන ගන්නට' පටන් ගත්තා, හුරුවුණා. ප්‍රතිඵලය තමයි අද අපි මේ අත්විඳින සමාජය. පරිසරය සහමුලින්ම පොත පතින් සහ තව කෙනෙක්‌ ඉදිරිපත් කරපු අදහස්‌ හරහාම පමණක්‌ ඉගෙන - දැන ගන්නට අපිව පොළඹවනු ලැබුවා. 

මීගමුව - කුරන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ජීප් රථයකට වෑන් රථ දෙකකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අනතුරුව පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමෙන් පසුව වෑන් රථ දෙක පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් බාරයට ගෙන තිබේ.

අදාළ වෑන් රථ දෙකේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ රිවෝල්වරයක් ද සොයාගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වැඩිම බරින් යුත් දරු උපත පසුගිය 08 දා දහවල් බළපිටිය මූලික රෝහලේදී සිදුවිය. එය පිරිමි දරු උපතකි. මෙසේ උපත ලද දරුවාගේ බර කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 980 ක්‌ විය. සාමාන්‍යයෙන් දරු උපත් බර සඳහන් කරනු ලබන්නේ රාත්තල් වලිනි. ඒ අනුව මෙම බිලිඳාගේ බර රාත්තල් 13.1 ක්‌ විය. බිලිඳා සහ බිලිඳාගේ මව ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව සිටින බව බළපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි මහතා සඳහන් කළේය.

මෙම දරු උපත සිදුකර ඇත්තේ සිසේරියන් සැත්කමක්‌ මගිනි. සිසේරියන් සැත්කම, විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි, වෛද්‍ය දමිත නලින් යන මහත්වරුන් ඇතුළු වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් සිදුකර තිබේ. සාමාන්‍ය නිරෝගී දරු උපතක්‌, උපත් බර රාත්තල් 3.2 ත් 5.5 ත් අතර වේ. රාත්තල් 5 ට වඩා වැඩි බර දරු උපත් සිදුවන්නේ කලාතුරකිනි. රාත්තල් 5 ට වඩා වැඩි දරු උපතක්‌ සිදුවුවත් ඒවා බොහෝ විට රාත්තල් 7.5 ට වඩා අඩු ඒවාය. ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් අඩුබර දරු උපත්ද සිදුවේ. අඩුබර දරු උපතක්‌ ලෙස හඳුන්වන්නේ රාත්තල් 3.2 ට වඩා අඩුබර දරු උපත්ය.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින බීච් පාටි සහ ඉහල පෙළේ තට්ටු නිවාස සංකීර්ණ තුළ පවතින නිවාස තුළ පවත්වන පුද්ගලික පාටි සදහා මත්පෙති ඇතුළු මිළ අධික මත්ද්‍රව්‍ය ලබාදෙන සුරාබාදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වරයෙක් පිළිබද පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය වෙත තොරතුරු වාර්තා වී තිබේ.සුරාබදු දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා පුහුණු අංශය භාර නියෝජ්‍ය කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන p ද සිල්වා නම් මේ පුද්ගලයා පිලිබද තොරතුරු අනාවරණය වී ඇත්තේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිළධාරියා ලෙස කටයුතු කළ සමීර මනහර ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට අදාල සිදුවීමේ විමර්ෂණ වලදීය.

උතුරු පළාත මේ වන විට ගිනියම් වූ යකඩයක්‌ බවට පත් වී හමාරය. ඒ ගිනියම් වූ යකඩය මත කරණම් ගසමින් රඟන තුට්‌ටු දෙකේ දේශපාලනඥයන් උත්සාහ ගනිමින් සිටින්නේ තම පටු දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීමටය.

ශ්‍රී ලංකාව නමැති අතිශය සුන්දර, සාමකාමී මිනිසුන් ජීවත් වූ දිවයින වසර තිහක්‌ තිස්‌සේ අමු සොහොන් පිටියක්‌ බවට පත් කළේ මේ දුෂ්ඨ දේශපාලනඥයන් ය. රට තිස්‌ වසරකින් ආපස්‌සට යෑවීමට සමත් වූ ඒ කුරිරු යුද්ධය නැවත එනු ඇති බවට සිහින මවන ඇතැම් දේශපාලනඥයන් උතුරේ අර්බුදය වවාගෙන කෑමට උත්සාහ ගනිමින් සිටිති.

728x90

gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2015 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here Help Desk :
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

GOSSIP99

Advertisements

Loading...

GALLERY