BREAKING NEWS
latest

728x90

468x60

වාහන - අන්තර්ජාල බදු අඩු කළේ යටි අරමුණකින්?

වාහන වර්ග කිහිපයක සහ අන්තර්ජාල සේවා මත පනවා තිබූ විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත ආදායම් බදු පනත මගින් ඇති වන තත්වයන් වසා ගැනීම සඳහා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
යෝජිත ආදායම් බදු පනත පිළිබඳ තොරතුරු දන්නා අයෙකුට මෙම බදු අඩු කිරීම සැබෑ සහනයක් නොවන බව අවබෝධ වනු ඇතැයි ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසිය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ රටේ පවතින ආර්ථික තත්වය යටතේ මෙවැනි බදු සංශෝධනයක් සිදු කළ අරමුණ කුමක්දැයි රජය ජනතාවට පැහැදිලි කළ යුතු බවයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආදායම් බදු පනතට එල්ල වන විරෝධයන් සමනය කර ගැනීම එහි අරමුණක් විය හැකි බවද නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා කියා සිටියේය
« PREV
NEXT »

Facebook Comments APPID