BREAKING NEWS
latest

728x90

468x60

සුරාබදු දෙපාර්තමේන්තුවේ ලොක්කෙක් මත්ද්‍රව්‍ය ජාවාරමක! හිටපු කොමසාරිස්ට වෙඩි තියන්නත් උදව් කරලා?

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින බීච් පාටි සහ ඉහල පෙළේ තට්ටු නිවාස සංකීර්ණ තුළ පවතින නිවාස තුළ පවත්වන පුද්ගලික පාටි සදහා මත්පෙති ඇතුළු මිළ අධික මත්ද්‍රව්‍ය ලබාදෙන සුරාබාදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වරයෙක් පිළිබද පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය වෙත තොරතුරු වාර්තා වී තිබේ.සුරාබදු දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා පුහුණු අංශය භාර නියෝජ්‍ය කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන p ද සිල්වා නම් මේ පුද්ගලයා පිලිබද තොරතුරු අනාවරණය වී ඇත්තේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිළධාරියා ලෙස කටයුතු කළ සමීර මනහර ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට අදාල සිදුවීමේ විමර්ෂණ වලදීය.


පොලිස් වි‍ශේෂ විමර්ණ ඒකකය මගින් පසුගිය අගෝස්තු මස 05 වනදා මෙම පිරිස කොකේන් ,හෂීස්,කුෂ් සහ මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත්  අතර එම අවස්ථාවේ ඔවුන්ගේ දුරකථන වල  ඇමතුම් විශ්ලේෂණයෙදී ද සිල්වා නම් සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්වරයා සමග සිදුකළ සාකච්චා පිළිබද තොරතුරු වාර්තා වී ඇත.එම සුරාබදු නිළධාරියා සිය රාජකාරී වාහනයේ නැගී සැකකරුවන් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි ගල්කිස්ස පොලිස් ස්ථානය අසලට පැමිණ ඇති අතර ඔහු සිය රථයේ සිට සැකකරුවන්ට‍ උපදෙස් දී ඇත්තේ කටඋත්තර වලදී තමා පිලිබද සදහන් නොකරන ලෙසයි.අදාල මත්ද්‍රව්‍ය තොගයේ ඇති ඇතැම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට පත් සැකකරුවන් වෙත p ද සිල්වා නැමැති සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් ලබාදී ඇති අතර කටඋත්තර වලදී ඔහුගේ නම සදහන් කළහොත් සිදුවන තත්වය පිළිබද පැහැදිලි කර ඇති ඔහු අදාල සැකකරුවන්ට නීති උපදෙස් ද ලබාදී ඇත.

කෙසේවුවද පසුව ගල්කිස්ස පොලීසිය මගින් ප්‍රශ්න කිරීමේදී එක් සැකකරුවෙකු අදාල මත්ද්‍රව්‍ය තොගය පිළිබද වගකීම භාරගෙන ඇති අතර ඔහු  රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.සිදුවීමට සෘජු සම්බන්ධයක් නොමැති සමීර මනහර ඇතුළු සෙසු සැකකරුවන් හට අධිකරණය මගින් ඇප ලබාදෙන ලදි.මෙම සිදුවීමේදී අමාත්‍ය මංගල සමරවීර මහතා තරා තිරම නොබලා සියලු දෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදුන් අතර පසුව සමීර මනහර සිය තනතුරින් ද ඉල්ලා අස්වීය.මංගල සමරවීර මහතාගේ විෂය පථය යටතේ වන මුදල් අමාත්‍යංශය යටතේ සුරාබදු දෙපාර්තමේන්තුව පවතින අතර මෙම නිළධාරියා පිලිබද වන විමර්ෂන කඩිනම් කරන ලෙස ද ඔහු විසින් ද පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයට උපදෙස් දී ඇත. 

p ද සිල්වා නැමැති මෙම සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්වරයා අල්ලස් ලබාගැනීම් සහ නීති විරෝධි ස්ප්‍රීත්තු නිෂ්පාදකයන් සමග සිදුකරන ගනුදෙනු සම්බන්ධව දෙපාර්තමේන්තුව තුළ දැඩි ලෙස අපකීර්තියට පත් වී ඇත.හිටපු සුරාබදු කොමසාරිස්වරයෙකු වන වසන්ත හපුආරච්චි මහතාගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධව ද චෝදනා එල්ලවන  ද සිල්වා පසුගියදා මිරිහාන පොලිසිය මගින් ප්‍රශ්න කිරීමකට ද ලක් කර ඇත.

« PREV
NEXT »

Facebook Comments APPID