BREAKING NEWS
latest

728x90

468x60

උතුරේ ඇතිවූ සුළුසිද්ධි අැති කරේ කොටි නෙවෙයි - ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ

උතුරු ප්‍රදේශයේ කිහිප දෙනකු එකතුවී සුළු සිද්ධියක් ඇති කළත් එය මේ රටේ ජාතික ආරක්ෂාවට බලපාන තරම් වූ බරපතළ දෙයක් නොවන බව නව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද්ධයෙන් පසු කොටි සාමාජිකයන් විශාල පිරිසක් පුනරුත්ථාපනය කළා. පසුව තවත් කොටි සාමාජිකයන් දෙසීයක පමණ පිරිසක් ඉතිරි වී සිටින බවට තොරතුරු අනාවරණය වී තිබුණා එහෙත් මේ පිරිසටවත් කිසිම ආකාරයකින් මේ රටේ ආරක්ෂාවට බලපෑමක් කළ නොහැකියි. මේ රටේ ආරක්ෂක අංශ නිරතුරුවම ආරක්ෂාව පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරනවා.

යුද්ධයෙන් පසු මේ වන තෙක් උතුරු ප්‍රදේශයේ බෝම්බ පිපිරුනේ නැහැ. ඉන් පෙන්නුම් කරන්නේ මේ රටේ ආරක්ෂාව හොඳ තැනක තිබෙන බව යැයිද පවසන හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත කොළඹ ආරක්ෂක සමුළුවේදී අයි එස් අයි එස් සංවිධාන ක්‍රියාරකම් කතා කරන්නේ මේ රටට එම අයි එස් තර්ජන තිබෙන නිසා කියා නොව ජාත්‍යන්තර වශයෙන් රටවල් ගණනාවක ආරක්ෂක නියෝජිතයන් මේ සමුළුවට එකතු වන අතර ඔවුන් අනිවාර්යෙන්ම අයි එස් ගැන කතා කරන බැවින් මිස මේ රටට අයි එස් තර්ජනයක් ඇති නිසා නොවන බවද හමුදාපතිවරයා පවසයි.

තවද හමුදාපතිවරයා පවසා සිටින්නේ මේ රටේ ආරක්ෂාවට බාධාවක් නැතත් මත්ද්‍රව්‍ය ජාවාරම, ජාත්‍යන්තර කොල්ල කල්ලි, ඇතුළු රටට එල්ල වන අභියෝග ඇතත් පොලීසිය දැඩි කැපවීමකින් යුතුව මේවා මැඬ පැවැත්වීමට කටයුතු කරගෙන යන බවද හමුදාපතිවරයා පවසයි.

හමුදාපතිවරයා මේ තොරතුරු හෙළිදරව් කළේ ලබන 27 සහ 28 යන දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත හත් වැනි කොළඹ ආරක්ෂක සමුළුව පැවැත්වීම සම්බන්ධව මාධ්‍යයට කරුණු හෙළිදරව් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුව අවස්ථාවේදීය.

අති දක්ෂ විද්වත් අත්දැකීම් බහුලව ඇති දෙස් විදෙස් ආරක්ෂක කතිකයන් ගණනාවක් මෙවර කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගි වන අතර මෙහිදි මීට පෙර පැවැත්වූ ආරක්ෂක සමුළුවලට සහභාගි වූ ආරාධිතයන් ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් සහභාගි වන බවද වාර්තාවෙයි.

මේ වන විටත් විදෙස් රටවල හමුදාපතිවරුන් කිහිප දෙනකුම මේ ආරක්ෂක සමුළුවට සහභාගි වන බවට දැනුම් දී ඇති බවද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

තවද මේ සමුළුවට සාමාජිකයන් 800ක් සහභාගි කරවා ගැනීමට පියවර ගෙන තිබේ.ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම මෙවර එම සමුළුවේ තේමාව වෙයි.

ලොව පුරා සිටින විද්වතුන් රැසක් එකට මුණ ගැසෙන මේ සමුළුවේ සියලු කටයුතු යුද්ධ හමුදා පුහුණු කටයුතු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩලවල සහයෝගය ඇතිව හා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ අධීක්ෂණය යටතේ සූදානම් කර ඇත.

ජෙරේදා පැවති එම මාධ්‍ය හමුවට යුද්ධ හමුදාපතිවරයා සමඟ මේජර් ජෙනරාල්වරුන් වන අමල් කරුණාසේකර, ‍රවිප්‍රිය. පියල් අබේසේකර,ජයසුන්දර, සමඟ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න යන මහත්වරුද සහභාගි වුහ.
« PREV
NEXT »

Facebook Comments APPID