BREAKING NEWS
latest

728x90

468x60

පිටසක්වල ජීවීන් පිරිසක් චීනයේ ගමක ගල් ගුහාවකින් සොයා ගැනෙයි..

1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි, සිසුන් කණ්ඩායමක් ද සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක යෙදුණේය. ඔවුන් ගවේෂණය කළේ හිමාලය කඳුකරයයි. චීනයට අයත් එම පෙදෙස ගවේෂණය ආරම්භ කරද්දී ඔවුන් කිසිවකු දැන සිටියේ නැහැ ඔවුන්ට මුළු ලොවම කැළැඹිය හැකි ආකාරයේ අපූරු සොයා ගැනීමක් කළ හැකි වනු ඇති බව. එම අපූරු සොයා ගැනීම විද්‍යාවට ද අභියෝගයක් කිරීමට සමත් විය. පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් පාදක කර ගත් තර්ක විතර්ක අතරේ වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් බවට ද පත් විය. මේ ‘ඩ්‍රෝපා පාෂාණ’ අබිරහසයි.

මහාචාර්ය චී පූ තෙයි සිසුන් හිමාල කඳුකරයට ගියේ කඳුකරයේ පිහිටා ඇති ඉපැරණි ලෙන් පිළිබඳ අධ්‍යනයක් පැවැත්වීමේ අරමුණින්ය. එම ලෙන් එකිනෙකට සම්බන්ධව පිහිටා ඇති අතර, හිමාල වැසියන් මේ ලෙන් හඳුන්වන්නේ ‘භයංකාර උලා’ යන නමිනි. හිමාල වැසියන් මේ ලෙන් ගැන කතා කරන්නේ බියකිනි. ඇතැම්හු මේ ලෙන් ගැන කතා කිරීමට පවා බියක් දක්වති. 1938 වසරේ දී ගවේෂණය සිදුවෙද්දී, මේ ලෙන් ගැන ලොව වැඩි දෙනකු දැන සිටියේ නැත. ලෙන් ගැන දැන සිටියේ ද මහාචාර්ය චී පූ තෙයි ඇතුළු පුරාවිද්‍යඥන් කිහිප දෙනකු පමණි.

මේ අඳුරු අබිරහස් ලෙන් ගවේෂණය කරමින් යද්දී, ගවේෂණ කණ්ඩායමට මුලින්ම දකින්න ලැබුණේ එම ලෙන්වල ස්වභාවික ගුප්ත සුන්දරත්වයයි.ගවේෂණ කණ්ඩායම එක් අඳුරු ගුහාවක් පිරික්සද්දී, එම ගුහාවේ සො​ෙහානක් ඇති බව ඔවුන්ට දකින්න ලැබුණි. ගවේෂණ කණ්ඩයමේ සිටි කිසිම කෙනකු, මහාචාර්ය චී පූ තෙයි පවා මෙවැනි සොයා ගැනීමක් අපේක්ෂා නොකළේය. වැඩිදුර පරීක්ෂා කරද්දී, සොහොන් වළවල් කිහිපයක් ම ඇති බව දැකින්න ලැබුණි. සොහොන නිර්මාණය කළේ කවුරුන් වුනත්, ඔවුන් ඒවා ඉතාම නිවැරදිව එක පෙළට, සොහොන් වළවල් නිර්මාණය කර තිබීම ගවේෂණ කණ්ඩායමේ මවිතයට හේතුවක් විය.

කණ්ඩායම ඉතා ප්‍රවේසමෙන් සොහොන් වළවල් හාරා බලන්න විය. ඔවුන්ට හමුවූයේ ඉතිරි වුණු අස්ථි කොටස් පමණි. බැලූ බැල්මට ඒවා මනුෂ්‍ය අස්ථි කොටස් විය. හැම සොහොන් වළකම තිබුණේ මිනිස් අස්ථිය. එහෙත් ඒවා හොඳින් පරීක්ෂා කරද්දී පෙනී ගියේ එම අස්ථි මනුෂ්‍යයන්ගේ නොවන බවය.

අස්ථිවල හැඩය, ප්‍රමාණය සාමාන්‍ය මිනිසුන්ගේ අස්ථිවලට වඩා වෙනස් විය. හැම හිස්කබලක්ම ප්‍රමාණයෙන් සාමාන්‍ය මනුෂ්‍ය හිස්කබලකට වඩා විශාල විය. විශාල හිස්කබලට සාපේක්ෂව සිරුරු ඉතා කුඩා බව පෙනී ගියේය. අත් පාවල අස්ථි ඉතා සිහින් විය. මේ මළ සිරුරු කාගේද යන්න ප්‍රශ්නාර්ථයක් විය.

ගවේෂණ කණ්ඩායම අස්ථි කොටස් පරීක්ෂා කරද්දී, ලෙන තුළ තිබී විශාල රවුම් පාෂාණයක් සොයා ගැනීමට එක් සිසුවෙක් සමත් විය. ඒ සමඟ ඒ අසල තිබී තව තවත් එවැනිම රවුම් පාෂාණ සොයා ගැනීමට ඉන්පසු හැකියාව ලැබුණි. ඒවා පාෂාණ තැටි විය. ගවේෂණ කණ්ඩායමට හමුවුණු පළමු පාෂාණ තැටියේ විෂ්කම්භය අඟල් නවයකි. ඝනකම අඟලකි. පාෂාණ තැටියේ මැද ඉතා නිවැරදි සමානුපාතික විදියට සිදුරක් කපා තිබුණි. එම සිදුරේ විෂ්කම්භය අඟලකි. මේ පාෂාණ තැටිවල සර්පිලාකාර රටා කොටා තිබෙනු දකින්න ලැබුණි. ඒවා රූපාක්ෂර යැයි පසුව අනාවරණය කර ගැනිණ. ඒ අනුව, එම තැටිවල තිබුණේ සන්නිවේදනයට යොදා ගත් පැරණි සංකේත බව පෙනී යන්න විය. එම පාෂාණ තැටි ඩ්‍රෝපා තැටි යනුවෙන් නම් කෙරුණු අතර එම තැටි ආශ්‍රිත අභිරහස ඩ්‍රෝපා තැටි අභිරහස නමින් ද ප්‍රකට විය.

ගවේෂණ කණ්ඩායම පමණක් නොවේ, විශ්ව විද්‍යාල මහාචාර්යවරු, විද්වත්හු යනා දී කවුරුත් ඩ්‍රෝපා තැටිවල ලියා ඇති දේ වටහා ගන්න, එසේ නැතිනම් එම රූපාක්ෂරවලින් පිළිබිඹු වන දේ වටහා ගන්න හුඟක් උත්සාහ කළහ. ඒත් සාර්ථක වුණේ නැහැ. ඩ්‍රෝපා රූපාක්ෂර ගැන කිසියම් හෝ අවබෝධයක් ලබා ගැනීමට හැකි වූයේ ඊට දසක දෙකකට පමණ පසුවය. ඒ, 1962 වසරේදීය.

« PREV
NEXT »

Facebook Comments APPID